2019 ජුනි 01 වන සෙනසුරාදා

නැගලා යන පොල් කරූ

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

පොල් කරූ කිව්වාම කවුද නොදන්නේ. facebook එකින් Hit වෙච්ච චරිතයක්නේ. අපි පොල් කරෑගේ Video එක ගැන Youtube Hit එකෙන් කතා කරන්න හිතුවා. ඇත්තම පොල් කරූ ගැන හොයනවා නම් ඒක වෙනම Story යක්.
පොල් කරූ Youtube Channel එක පටන් අරගෙන ලොකු කාලයක් නෑ අවුරුද්දක් දෙකක් වගේ ඇති. Subscribe ලා 90k වගේ ඉන්නවා. මිනිත්තු 3 කට අඩු වීඩියෝ තමයි වැඩිපුර කරලා තියෙන්නේ. අපි අද කතා කරන Video එක නම් කරලා තියෙන්නේ විරුද්ධ පද කියලා කෙළවුන හැටි කියලා. විඩියෝම මිනිත්තු 3 තත්පර 44 දිගයි. අපි බලන මොහොත වෙනකොට එක දවසක් ඇතුළත Like 146K තිබ්බා.

කතාව සරලව කියනවා නම් පොල් කරූ සිංහල පංතියක් කරනවා ගුරයි ගෝලයටයි දෙන්නාම රඟපාන්නේ කරූම තමයි. මුලින්ම සමාන පද උගන්නවා ඊළඟ විරුද්ධ පද උගන්වනවා. විරුද්ධ පද උගන්වන කොට ආතල වැඩක් වෙනවා. හාස්‍ය රසය තමයි මතුවෙන්නේ.

කරූගේ ගොඩක් වීඩියෝවල වගේම මේ විඩියෝ එකෙත් සරල තියරියක් තමා යොදාගෙන තියෙන්නේ. විශේෂ කැමරා කෝණම නෑ. කරූ ද්විත්ව චරිත නිරූපණ කරන නිසා රැට්ටාගේ තියරියෙන් තමයි වීඩියෝකරණය වෙන්නේ. සංස්කරණයත් සංකීර්ණ නෑ. ෂොට් දෙක මාරුවෙනවා. හැබයි මෙතෙනදී ගුරුවරා උගන්වනකොට ගෝලයාගේ ක්‍රියාකාරකම් නිරූපණ වීමක් වුණා නම් තවත් හාස්‍යය මතු කරගන්න තිබ්බේ.

කරූගේ ගොඩක් නිර්මාණවලදී රංගනයට දෙබස්වලට විතරයි තැන දෙන්නේ. කැමරාකරණය සංස්කරණ තුළින් නිර්මාණක දෙයක් මතුවෙන්නේ ගොඩක් අඩුවෙන්. නමුත් කරෑගේ වීඩියෝ ප්‍රසිද්ධයි. හැබයි කැමරාකරණ උපක්‍රම භාවිතා කළොත් කරූ තවත් ඉස්සරහට යයි කියලා අපිට හිතෙනවා.

කොහොම වුණත් පොල් කරූ කියන්නේ අහිංසක ගැමියෙක්. ඔහුව මේ නිර්මාණවලට දායක කරගන්න අයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඒවගේම අපිට මතකයි කරූගේ මුල් කාළේ වීඩියෝ ඊට වඩා නම් විශාල ඉදිරියක් දැන් තියෙනවා. විශේෂන්ම මේ පොල් කරූ කියලා Facebook එක වගේම Youtube එකෙන් අපි හඳුනාගන්න කරුණාරත්න කියන අපූරු මිනිසාට රංගන හැකියාවක් තියෙනවා. කරූ මේ වයසට මේ කරන වැඩේ හැමෝටම පුදුමයි. 

ඔහුගේ විඩියෝ ගැන ඇතම් අයට විවේචන තියෙනවා. සමහර තැන්වල එවල ගත යුත්තකුත් තියනවා. නමුත් Facebook, Youtube වගේ සමාජ මාධ්‍ය නොතිබුණා නම් කරූ කෙනෙක් නෑ. ඔහුට හැකියාවක් තියෙනවා කවුරු හරි කෙනෙක් හරියට ඔපමට්ටම් කරලා ගත්තොත් කරූට පුංචි තිරයේත් පුංචි හරි අවස්ථාවක් ලැබෙයි. 

 

► Text - Nisal   /   Pic – Internet