2019 ජුනි 01 වන සෙනසුරාදා

පොළේ බෝම්බයි විනිසුරුවරියයි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 44
ත්‍යාගී කියන්නේ විනිසුරුවරයෙක්. විශ‍්‍රාම ගන්න විනිසුරු ත්‍යාගී තමයි මේකෙ කතා නායක වෙන්නේ.
ත්‍යාගී - එළවළු මාර්කට් එකේ බෝම්බ තියන්න ඔයා කාටද භාර දුන්නේ?
 
එළවළු වෙළඳාම් කරන ප‍්‍රදේශයේ බෝම්බයක් පිපිරෙනවා. මේ වෙනකොට ඒ පළාතෙම අය බය වෙලා කලබල වෙලා ඉන්නේ. පොලීසියේ හැම නිලධාරියෙක්ම ඒ සිදුවීම ගැන හොයමින් ඉන්නේ. ඇමතිවරයෙක් තමන්ගේ කාර්ය කාමරයේ ඉන්න පොලිස් නිලධාරීන් හා කතාබහ කරමින් ඉන්නවා. 
 
ඇමැති - තුන් දෙනෙක් අතුරුදන් වෙලා හිටියේ. ඊයේ තව එක්කෙනෙක් අතුරුදන් වුණා. මොනවද ඔයගොල්ලෝ කරන්නේ?
මේ පොලිස් ස්ථානයක් සිදුවීමක්. ඒ පොලිස් ස්ථානයේ ප‍්‍රධානියා තමන්ගේ කාර්යාල කාමරයේ වාඩිවෙලා ඉන්නවා. ඔහු ඉදිරියේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් හිටගෙන ඉන්නවා.
පොලිස් නිලධාරියා - ක‍්‍රයිම් බ‍්‍රාන්ච් එකෙන් හෙට මෙහාට ඔෆිසර් කෙනෙක් එනවා. 
 
ඔහු කිව්ව ඒ පොලිස් නිලධාරියා කාන්තා නිලධාරිනියක්. ඇයගේ නම ලක්ෂ්මී රාතී. එයා තමන්ගේ කාමරයේ තියෙන පුටුවක වාඩිවෙලා ඉද්දි ඇය ඉදිරියේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් හිටගෙන ඉන්නවා. 
රතී - පෙනුමෙන් මාව සියුමැලි වගේ වුණාට මොළේ වැඩ කරන්නේ මහ දරුණු විදියට. 
 
මේ විනිසුරු ත්‍යාගී විනිසුරැවෙක් රාජකාරී කරන අධිකරණය - ඔහු නඩු තීන්දුවක් ලබා දෙමිනුයි ඉන්නේ. 
ත්‍යාගී - සාක්ෂීවලට අනුව ඒ ගරු අධිකරණය ඩොක්ටර් අජය චොප්රා ඩොක්ටර් රීනා චොප්රාව නිදොස්කොට නිදහස් කරනවා. 
පොලිස් නිල ඇඳුමින් සැරසුණු ලක්ෂ්මි තමන්ගේ ඉහළ නිලධාරියා ඉන්ස්පෙක්ටර් ශර්මා එක්ක කතා කරමින් ඇවිද යමින් ඉන්නවා.
ලක්ෂ්මී - සර් මට හිතෙන්නේ මේ අතුරුදන් වෙන හැමෝම කරන වැඩේ පස්සේ ඉන්නේ  එකම කෙනෙක්. 
විනිසුරු ත්‍යාගී අන්ධකාරය පැතිරිණු තැනක තවත් පුද්ගලයෙක් ඉස්සරහ හිටගෙන ඉන්නේ හොඳටම කේන්තියෙන්.
ත්‍යාගී - උඹේ ඇඟ දැන් කෑලි කෑලි වෙලා යාවී.
 
මේ මුහුදු වෙරළ අසල සිදුවීමක්. මෙතන විශ‍්‍රාමලත් විනිසුරු ත්‍යාගිත් එක්ක පොලීසියේ ඉහළ නිලධාරියෙක් කතබහ කරමින් ඉන්නවා. 
ත්‍යාගී - රස්සාවෙන්නේ විශ‍්‍රාම ගත්තේ. ජීවිතයෙන් නෙවෙයිනේ.
 
මේ කතාවේ ඉතුරු ටික දැනගන්නනම් 2019 ජුනි 14 වෙනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. මොකද අන්න ඒ දවසට තමයි වන් ඩේ (ජස්ටිස් ඩෙලිවර්ඩ්) One Day: Justice Delivered කියන අලුත්ම හින්දි සිනමාපටය තිරගත වෙන්නේ. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අශෝක් නන්දා වන අතර එය නිෂ්පාදනය කරන්නේ කේතන් පටෙල් එක්ක ස්වාතී සිං. මේ සිනමාපටයේ කතාව අලෞකික් රහි විසින් තමයි ලියලා තියෙන්නේ. වික‍්‍රාන්ත් භාර්ටියා සහ පරිජිත් චක‍්‍රබෝර්තී සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන ඔවුන් ගැනයි දැන් ඔබට කියන්න හදන්නේ. මුලින්ම ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ ප‍්‍රධාන නළුවට පණ දෙන ඔහු ගැනයි. ඔහු ගැන අපි කියන්න අවශ්‍ය වෙන එකක් නෑ මෙන්න මේ සිනමාපටවලින් ඔහුව දැන අඳුනගෙන තියෙන නිසා.
 
Saaransh (1984).Ram Lakhan (1989), Lamhe (1991), Khel (1992), Darr (1993)  Dilwale Dulhaniya Le Jayenge (1995).Daddy (1989) Maine Gandhi Ko Nahin Mara (2005). Vijay (1988), Beckham (2002), Caution (2007), Deewana (1995), Chaahat (1996), Kuch Kuch Hota Hai (1998), Mohabbatein (2000), Veer-Zaara (2004), Jab Tak Hai Jaan (2012), Happy New Year (2014).
 
මතක් වුණා නේද ඔහු කවුද කියලා? ඒත් තාමත් ඔහුව ඔබගේ මතකයට නොනැගේනම් අපි ඔහු ගැන කියන්නම්. 1955 මාර්තු 07 වැනිදා ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ්හි ශිම්ලාවල ඉපදුනු ඔහු 1982 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂකවරයෙක් වගේම ගුරුවරයෙක් විදියටත් කටයුතු කරනවා. 2004 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන ඔහු 2016 වසරේදී පදම් භූෂන් සම්මානයෙන් ද පිදුම් ලබනවා. ඒ වගේම ඔහු තමයි සිනමා සහ රූපවාහිනී ආයතනයේ ඉන්දියාවේ සභාපතිවරයත් වන්නේ.  1985 වසරේදී කිරන් ඛේර් එක්ක විවාහ වෙන ඔහු ඔබ හැමෝම දන්නා ශ්‍රී ලංකාවටත් කිහිපවිටක ඇවිල්ලා තියෙන අනූපම් ඛේර්. අනූපම් ඛේර් තමයි විනිසිරු ත්‍යාගීගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ඉන්ස්පෙක්ටර් ශර්මා ගැනයි. ඔහු ගැන කියන්න කලින් ඔහු මීට කලින් පණ දුන්නු සිනමාපට කිහිපයක් ගැන කියලා ඉන්නම්කෝ.
 
2019 Article 2019De De Pyaar De, 2018 Mulk Judge, 2018High Jack, 2018 Aiyaary, 2017 Tiger Zinda Hai, 2017 Firangi, 2017 Jolly LLB 2 , 2016 Rock On II, 2016 M.S. Dhoni: , 2016 Rustom, 2016 Sultan, 2016 Airlift, 2015 Bangistan, 2015 Badlapur, 2014 Revolver Rani, 2013 Raanjhanaa, Filmistaan, 2011 Rockstarm, 2011 Patiala House.
1996 පටන් නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන ඔහු නමින් කුමුද් මිශ්රා. ඊ ගාවට කියන්න හදන්නේ සූරූපී කාන්තා පොලිස් නිලධාරිනිය ගැනයි. ඇය මෙන්න මේ සිනමාපටවලිනුත් අපිට මීට කලින් දකින්න පුළුවන් වුණා. 
2012 Jannat 2, Chakravyuh (2012), Humshakals (2014) Raaz 3D (2012), Rustom (2016), Baadshaho (2017) Dhamaal (2019).
 
1985 නොවැම්බර් 28 වැනිදා ඉපදිලා තියෙන ඇය 2007 වසරේ පටන් නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසිනුත් කටයුතු කරනවා. ෆෙමිනා මිස් ඉන්ඩියා තරගයෙන් අනතුරුව හින්දී සිනමාවට යොමුවෙලා තියෙන ඇයගේ මව ගෘහනියක් වන අතර තාත්තා ගුවන් හමුදා නිලධාරියෙක්. මනිපාල් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන ලබලා තියෙන ඇය ඊෂා ගුප්තා. ඊශා ගුප්තා තමයි මේ හින්දි සිනමාපටයේ ලක්ෂ්මී රාතීගේ චරිතයට පණ පොවන්නේ. ඔය කිව්ව පිරිසට අමතරව සකීර් හුසේන්, රාජේෂ් ශර්මා, මුරලි ශර්මා, දීපසිකා නාග්පත්, නසීර් ඛාන්, සරීනා වහාබ්, අනන්ත් නාරායන්, ජායකා යග්නික්, සාවී චවුහාන්, ආලෝක් පාන්ඩ, කශ්‍යප් බර්භයා, පූනම් රනේ, නිලොෆර් ගෙඩාවත්, මනෝජ් මිශ‍්‍රා, ඉර්ෆාන් රාසා ඛාන්, අනුස්මිත්‍රි සර්කාර්, ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් මේ වන් ඩේ හින්දී සිනමාපටය හැඩ කරන්න එකතු වෙලා තියෙනවා.
 
► Translation — Chandana Waravitage