2019 ජුනි 01 වන සෙනසුරාදා

බොදු- කිතුණු සහෝදරත්වය

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

නාට්‍යවේදී  අතුල වී.සමරවීර ප්‍රවීණ කලාවේදීන්ගේ සහභාගීත්වයෙන් කැලණිය එක්සත් සුහද සමාජය සහ එහි තරුණ පෙරමුණ සංවිධානය කළ මහා ආශිර්වාද පහන් පුජා පිංකමක් කැලණිය රාජමහා විහාරයේදී පසුගියදා පැවැත්වුණා. ්‍

පාස්කු ඉරුදින සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය පිරිසට පිං පැමිණවීමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිසට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමත් මෙහි අරමුණ වුණා. මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයන්හි සියලු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් ද හිටපු කොළඹ අගරදගුරු ගරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ද මේ පිංකම සඳහා සහභාගී වීම විශේෂත්වයක් වුණා. අද අපේ event of the week පිටුව මෙලස වෙන්වන්නේ ඒ උතුම් පිංකම වෙනුවෙන්.

I  Romesh Dhanushka Silva