2019 මැයි 25 වන සෙනසුරාදා

සුන්දර කෙල්ලයි මහ බංගලාවයි

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

මේ අක්කර ගාණක් පුරා විසිරිලා තියෙන මනරම් භූමි භාගයක සිද්ධ වෙන කතාවක් කියන්න හදන්නේ. මේ අක්කර සිය දාස් ගාණක් විශාල භූමියේ සුවිසල් බංගලාවක් පිහිටලා තියෙනවා. මේ බංගලාවේ මනරම් ගෙවත්තකුත් පිහිටලා තියෙනවා. විශේෂත්වය වෙන්නේ මේ ඔක්කොම දේපළවල හිමිකාරත්වය දරන්නේ කතා කරන්න නොහැකි වගේම දෙසවනුත් නෑසෙන එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න තරම් ලස්සනක් තියෙන සුන්දර කෙල්ලෙක්ටයි.

නීතීඥයා - ජීවත කාලේම මිනිස්සු දේපළ ධනය හොයන්න සටන කරන හැටි දුක් විඳින හැටි අපි ඕන තරම දැකලා තියෙනවා. ඒත් කවුරුවත් එක මොහොතකින් මෙච්චර ධනයක් දේපළක් පිනට දෙනවා දැකලා නැහැ.
සූබීගේ ඥතියා - මට ඔයාට පැහැදිලි කරලා දෙන්න දෙයක් තියෙනවා සූබී. ආභා ආන්ටී ඔයාව මේ ස්ටේට් එකේ භාරකාරිය කළේ. එහෙම නැතුව හැම දෙයක්ම ඩොනේට් කරන්න නෙවෙයි.

ඔන්න ඔය අතරේ ඒ සුවිසල් බංගලාව ගාවට නවීන මෝටර් රථයකින් මුහුන පුරා රැවුල වවාගත්තා පුද්ගලයෙක් එනවා. ඔහු තමයි අද කියන්න හදන කතාවේ දුෂ්ටයා.
දුෂ්ටයා - ඔයාට මතකයිද අපි මෙහාට ආවේ මොනවටද කියලා? මේ හැමදෙයක්ම මගේ. මට ඔයාගේ ඇස් දෙකෙන් කේන්තිය දකින්න ඕන. 
ඔහු පුද්ගලයෙක්ට පහර දීලා මරා දානවා. මේ අතරේ පොලිසියෙන් ඒ ගැන හොයන්න මේ කියන බංගලාවටත් එනවා. 
පොලිස් - අර ඔයාගේ ස්ටේට් එක පිටිපස්සේ ගෑස් ස්ටේශන් එකක් තියෙනවනේ. එහේ දෙන්නෙක්ව කෲර විදියට මරලා දමලා. 

පොලිසිය ඒ ගැන බංගලාවේ ඉන්න අයව දැනුම්වත් කරලා යනවා. මේ එදිනම රාත්‍රී කාලයේ සිදුවීමක්. සූබී එක්ක ඇයට ඇප උපස්ථන කරන්න ඇය ගාව ඉන්න කාන්තාව ගාවට රැවුල වවාගත්ත පුද්ගලයා ඇවිල්ලා ඔහුගේ දෙතොල් මත ඇඟිල්ලක් තියා සංඥාවක් කරලා එතන තිබුණු භාජනයක් අරගෙන පොලොවේ ගහනවා. ඒ වෙනකොට සූබී ඉන්නේ සිතුවමක් අඳින ගමන්. ඒත් පස්සේ ඇය සේවිකාව මරලා දාලා තියෙන ලේ පැල්ලම් නිවස තුළ දකිනවා. සූබී පිහියක් සහ විදුලි පන්දමක් අරගෙන බය වෙලා දුවද්දී රැවුල වවාගත්ත පුද්ගලයා ඇය ඉස්සරහට එනවා. ඇයව ඔහු නිවස තුළ හිරකාරියක කරනවා. ඇයට කිසිවෙක්ට පිටතට දුරකථන ඇමතුමක්වත් දෙන්න බැරිවෙන්න දුරකථන රුහැන් ඔහු කපලා දමලා තියෙන්නේ. නීතීඥයා නිවසට එද්දී රැවුල වවාගත්ත පුද්ගලයා ඔහුගේ කාර් එක ඉස්සරහට ඇවිල්ලා ඔහුට පහර දීලා ඔහුගේ කෝර්ට් එකේ කොලරයෙන් අල්ලගන්නවා. 
දුෂ්ටයා - උඹේ උපදෙස්වලින් මගේ වැඩේ ලේසි වුණා.

ඛාමෝශී (නිහඬ බව) කියන මේ හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චක‍්‍රී ටොලේටී වන අතර වාෂූ භග්නානී තමයි නිෂ්පාදනය කරන්නේ. මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයාගේම තමයි සිනමාපටයේ කතාවත්. 2019 මැයි 31 වැනිදා පටන් තිරගත කෙරෙන මේ ඛාමෝශී හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ඒ. ආර් රහ්මාන්.

මුලින්ම ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ කතා කරන්න නොහැකි දෙසවන් නොඇසෙන ඒ රෑප ශ්‍රීයෙන් අගතැන්පත් ඒ යුවතිය ගැනයි. ඇය ගැන කියන්න කලින් ඇය මීට පෙරාතුව විවිධ චරිතවලින් අපි හමුවට ආව මෙන්න මේ සිනමාපට කිහිපය සඳහන් කරන්නම් ඇයව ඔබටම මතක් වෙනවද කියලා ඔබටම බලාගන්න.

2005 Chand Sa Roshan Chehra, Ayan (2009), Paiyaa (2010), Siruthai (2011), Veeram (2014), Dharma Durai (2016), Devi (2016), Sketch (2018) Racha (2012), Thadaka (2013), Baahubali: (2015), Bengal Tiger (2015), Oopiri (2016) , Baahubali 2:(2017)

1989 දෙසැම්බර් 21 වැනිදා ඉපැදුණු ඇය දැනටත් ජීවත් වෙන්නේ ඇය ඉපදුණු මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයි නගරයේමයි. 2005 වසරේ පටන් ඇය නිළියක් නිරූපණ ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදියටත් හින්දි සිනමාව නියෝජනය කරනවා. තෙලිඟු සහ දමිල සිනමාපටවලත් මෙයාව දකින්න ලැබෙන කෙනෙක්. ඇය වෙන කිසිවෙක් නෙවෙයි  දියමන්ති ව්‍යාපාරිකයෙක් වන සන්තෝෂ් භාටියා සහ ජන්ජනී භාටියාගේ දියණිය තමන්නාහ් භාටියා. ඇය තමයි මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ඇයගේ විරුද්ධවාදියා ගැනයි. මෙන්න මේ සිනමාපටවලත් මේ කියන නළුවා ඔබට දකින්න හිටියා.

Kadhalan (1994), Minsara Kanavu (1997) VIP (1997). Kaathala Kaathala (1998) Vanathai Pola (2000), Pokkiri (2007), Wanted (2009), Rowdy Rathore (2012) Singh is Bling (2015), ABCD (2013) ABCD 2 (2015).
1973 අ‍ප්‍රේල් 03 වැනිදා ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ මයිසූර්වලදී ඉපදුණු මොහු මේ වෙනකොට ජීවත් වෙන්න තමිල්නාඩුවල සහ චෙන්නායිවලයි. 1988 වසරේ පටන් ඔහු නළුවෙක් අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකයෙක් වගේම නර්තන උපදේශකයෙක් විදියටත් කටයුතු කරනවා. පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු වෙනින් කවුරුවත් නෙවෙයි දමිළ හින්දී තෙළිඟු සිනමාපටවලින් ඔබ අපි අඳුනගත්ත ප‍්‍රභූ දේවා. මෙන්න මේ සිනමාපටවල හිටිය කෙනෙකුත් ඛාමෝශි හින්දි සිනමාපටයේ චරිතයකට පණ පොවනවා.

Yuvakudu (2000, Badri (2001), Kushi (2001), Okkadu (2003), Tere Naam (2003), Missamma (2003), Sillunu Oru Kaadhal (2006), Gandhi, My Father (2007), Anasuya (2007), Buddy (2013).
1978 අගෝස්තු 21 වැනිදා ඉපදිලා තියෙන ඇය ඉන්දියාවේ නව දිල්ලිවල කෙනෙක්. නිළියක් වගේම මෝස්තර නිරෑපණ ශිල්පිනියක් ද වන ඇය 2000 වසරේ පටන් සිනමාවේදිනියක් ලෙසින් කටයුතු කරනවා. ඇය වෙනින් කිසිවෙක් නෙවෙයි 2007 දී භාරත් තාකූර් එක්ක විවාහ වුණු භූමිකා චාව්ලා. භූමිට අමතරව ඛාමෝශී හින්දී සිනමාපටයේ සංජය සූරි, මුරලි ශර්මා සහ තවත් බොහෝ නළු නිළියන් පිරිසක් රංගනයේ යෙදෙනවා. මේ සිනමාපටයේ දර්ශන තල විදියට යොදාගෙන තියෙන්නේ ලන්ඩනයයි.

► Translation — Chandana Waravitage