2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ඩබලටම... ඔක්කොටම පිස්සුද ආ...

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

අපි හැමෝටම මොකක් හරි පිස්සුවක් තියෙනවා කියලා සිග්මන් ප්‍රොයිඩ් කියන මනුස්සයා කියලා තියෙන්නේ නිකම්ම නෙවෙයි කියලා අපිට සමහර වෙලාවට ඇත්තටම අත්විඳින්න පුළුවන්. එක්කෙනෙක් හැමවෙලාවෙම කොණ්ඩේ පීරමින් කණ්ණාඩියට එබිලා සිනහ වෙමින් රූපයේ හැඩ නරඹමින් ඉඳිද්දී තවත් එක්කෙනෙක් පිස්සුවෙන් වගේ සින්දුවක් දාගෙන දෙකට කැඩිච්ච පණුවෙක් වගේ දඟලනවා. ඒ අතරේ තවත් එක්කෙනෙක් පරණ බඩු බාහිරාදිය එකතු කරමින් ඉඳිද්දී තවත් අයෙක් තමන්ගේ සිරුර‍ පුච්චගනිමින් තමන්ටම හිංසනයක් කර ගන්නවා විතරක් නෙවෙයි, අනිත් අයට ඒක පෙන්නමින් එක්කෙනෙක් සතුටට පත්වෙනවා. ඒ අතරේ තවත් කෙනෙක් හැමෝටම පෙනෙන දේට වඩා වෙනස් දෙයක් එකම දේ තුළින් දකිමින් ඒ ගැන විග‍්‍රහ කරනවා. තව ගොඩක් දේවල් ඔය වගේ ලියන්න පුළුවන්. ඒවා ලියන්නේ නැතුව තමන් හරි කියලා හිතාගෙන ඉන්න අපි ඒ වගේ අමුතු හැසිරීමක් වෙනත් අයකුගෙන් දැක්ක ගමන් අපි එයාලගෙන් අහන්නේ මොකක්ද? පිස්සුද ආ? එහෙම නේද.. අහන්නේ? මේ කතාව සිද්ධවෙන්නේ ඉන්දියාවේ සුන්දර තරුණියක හා සාමාන්‍ය පෙනුමක් තියෙන තරුණයෙක් අතරයි. ඔවුන් දෙන්නා හමුවෙන වෙලාවක දෙන්නට දෙන්නා ඔවුන්ගෙන් අහන්නේ... පිස්සුද ආ? කියලයි.

මීට වඩා මේ කතාවේ තොරතුරු තාම කියන්න හැකියාවක් නැහැ. මොකද, මේ ඔබට කියන්න හදන්නේ එක එක පිස්සු ගැන කතා කරන 2019 මැයි 24 වැනිදාට තිරගතවෙන අලුත්ම අලුත් හින්දී සිනමාපටය ගැනයි. ඒ සිනමාපටයේ නම මෙන්ටල් හේ ක්‍යා?* (පිස්සුද ආ?) මෙන්ටල් හේ ක්‍යා හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප‍්‍රකාෂ් කොවිලමුඩි. මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒක්තා කපූර්, ශෝභා කපූර් සහ ශෛලේෂ් ආර් සිං. කනිකා දිලෝන් විසින් තිරරචනය කරලා තියෙන මෙන්ටල්ක් හේ ක්‍යා හින්දී සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ අර්ජුන්නා ධිලෝන් සහ තනිෂ්ක් බාගී. මේ සිනමාපටය හින්දී භාෂාව වගේම දමිළ භාෂාවෙනුත් තිරගතවෙන බව තමයි අලුත්ම ආරංචිය වෙන්නේ. ඒ වගේම තමයි බොලිවුඩයේ කිංග් ඛාන් ෂාරැක් ඛාන් ද මේ සිනමාපටයේ අතිවිශේෂ චරිතයකට පණ පොවන ආරංචිය ඔන්න ෂාරුක් ඛාන්ට ආදරය කරන ඔබට සතුටු හිතෙන ආරංචියක් වේවි. 

දැන් අපි මේ පිස්සුද ආ..? හින්දී සිනමාපටයේ චරිතයන්ට පණ දෙන්නෙ කවුද කියලා කියන්නයි හදන්නේ. විද්‍යා තමයි මේ සිනමාපටයේ ප‍්‍රධානම චරිතය පණ පොවන්නෙ. අනෙක් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔබ අපි හොඳින් දන්න හරි හැඩකාර අතිදක්ෂ කෙල්ලෙක්. මෙන්න මේ සිනමාපට දැක්ක ගමන් ඔබට ඇයව මතක් නොවී තිබුණොතින් තමා පුදුමයක් වෙන්නේ. 

(2006) Gangster, Woh Lamhe (2006), Life in a... Metro (2007), Fashion (2008), Raaz: The Mystery Continues (2009), Once Upon a Time in Mumbai (2010), (2011) Tanu Weds Manu, Krrish 3 (2013), Queen (2014), Tanu Weds Manu: Returns (2015), Manikarnika: The Queen of Jhansi (2019), Dhaam Dhoom (2008)

තාම මතක් නොවුණානම් මෙන්න මේ තොරතුරු ටික කියවගෙන යද්දී ඔබට ඇය කවුද කියලා මතක් වේවි. 1987 මාර්තු 23 වැනිදා ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ්හි භාම්බ්ලාවලදී ඉපදුණු ඇය 2006 වසරේ පටන් හින්දී සිනමාව නියෝජනය කරන්නේ නිළියක් සහ සිනමාපට අධ්‍යක්ෂවරියක් විදියටයි. නැෂනල් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන රාශියක් තමන්ගේ වත්කම් අතරට ඇතුළු කරගන්නට සමත්කම් දක්වා තියෙන මේ හැඩකාරිය ෆෝබ්ස් සඟරාවට අනුව ජනප‍්‍රියම චරිතවලින් 100 වැනි ස්ථානයට තමන්ගේ නම සටහන් කරගෙන ඉන්න කෙනෙක්. ඇය නමින් කංගනා රනවුට්. ඇය තමයි මෙන්ටල් හේ ක්‍යා හින්දී සිනමාපටයේ විද්‍යාගේ චරිතයට පණ පොවන්නේ. 
ඇයත් එක්ක හරි හරියට මේ සිනමාපටයේ හැප්පෙන්නේ ප‍්‍රශාන්ත් හෙවත් අමිත්. මේ කියන චරිතය හැඩ කරන්නේ කවුද කියලත් දැනගන්න ඔබ කැමැත්තෙන් ඇතිනේ. 1984 අගෝස්තු 31 වැනිදා ඉන්දියාවේ ගුරැග‍්‍රාම් ප‍්‍රදේශයේ දී ඉපදුණු ඔහු 2010 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් විදියට වෘත්තීයේ නියැලෙන කෙනෙක්. ඔහු ඉන්දියාවේ සිනමා සහ රූපවාහිනී ආයතනයෙන් ඉගෙනගෙන තමයි මේ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ. මෙන්න මේ සිනමාපටවලත් විවිධ චරිතයන් හැඩ කරන්න ඔහු ගොඩක් මහන්සිවෙලා තියෙනවා.

Love Sex Aur Dhokha (2010), Kai Po Che! (2013), Shahid (2013), Queen (2014), CityLights (2014), Aligarh (2016), Trapped (2016), Shaadi Mein Zaroor Aana (2017), Stree (2018), Bareilly Ki Barfi (2017)
නැෂනල් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් අවෝර්ඩ් සහ ඒෂියා පැසිෆික් ස්ක‍්‍රීන් සම්මාන ඇතුළු බොහෝ සම්මාන ප‍්‍රමාණයක් තමන් සතු කරගත්ත ඔහු රාජ් කුමාර් යදෙව් කියන නමින් ඉපදුණාට ඔබ අපි ඔහුව නළුවෙක් විදියට දන්නේ රාජ්කුමාර් රාඕ නමිනුයි. දැන් ඔබට කියන්න හදන්නේ විද්‍යාගේ ප්‍රේමවන්තයා ගැනයි. 1970 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි ගෝරක්පූර්වල ඉපදුණු ඔහු පටියාලාවල පන්ජාබ් යුනිවර්සිටි එකෙන් වැඩිදුර අධ්‍යාපනය ලබලා තියෙනවා. ඔහු 1996 පටන් හින්දී සිනමාවේ පුරුකක් ලෙසින් කටයුතු කරන්නේ නළුවෙක් වගේම නිෂ්පාදකයෙක් විදියටයි. 2001 වසරේ දී ප‍්‍රියංකා පූරිත් එක්ක විවාහවෙලා මේ වනවිට දරුවන් දෙදෙනකුගේ පියෙක් වන ඔහු මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැකලා තියෙනවා. 

1996 Mohabbatein, Mere Yaar Ki Shaadi Hai, Dil Hai Tumhaara (2002), Munnabhai M.B.B.S. (2003), Hum Tum (2004), Tom Dick and Harry, Lage Raho Munnabhai (2006), A Wednesday! (2008), My Name Is Khan (2010), Tanu Weds Manu (2011), Special 26 (2013), Bang Bang (2014), Tanu Weds Manu Returns (2015), Happy Bhaag Jayegi (2016), Yaaran Naal Baharan  (2005), Mel Karade Rabba (2010), Dharti (2011), Aa Gaye Munde U.K. De (2014), Shareek (2015), Daana Paani (2018)

මතක් වුණාද ඔබට ඔහු කවුද කියලා? විද්‍යාගේ  ප්‍රේමවන්තයාගේ චරිතයට පණ පොවන්නේ වෙනින් කවුරැවත් නෙවෙයි, ජිමී ශෙයිර්ගිල්. මේ කිව්ව කට්ටියට අමතරව අමිත්ගේ ප්‍රේමවන්තියාගේ චරිතයට පණ පොවන කෙනා ගැනත් කියන්නම ඕනනේ නේද? 1993 මැයි 07 ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවලදී ඉපදුණු ඇය 2009 වසරේ පටන් නිළියක් වගේම මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසින් වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. ඇය මෙන්න මේ සිනමාපටවලින් ඔබ හමුවට ඇවිල්ලා තියෙනවා.

Issaq, Mr. X alongside
ඇය නමින් අමියීරා දස්තුර්. අමියීරාට අමතරව මෙන්ටල් හේ ක්‍යා හින්දී සිනමාපටයේ චරිත හැඩ කරන්න සතිෂ් කෞශික්, මිමෝහ් චක‍්‍රබෝර්තී, රාජේශ් ජායීස්, වගේම අමි‍්‍රතා පූරි දායකවෙලා තියෙනවා. 2018 මැයි 16 වැනිදා මුම්බයිවලදී රූපගත කිරීම් ආරම්භ කරලා තියෙන මේ හින්දී සිනමාපටයේ තියෙන ගීත මනමෝහනය කරන ගී පදවලට අකුරු අමුණලා තියෙන්නේ සුධාකර් ශර්මා. හිමේශ් රශාම්මියා විසින් සංගීතය මුසුකරලා තියෙන මේ ගීතවලට අමිත් මිශ‍්‍රා, ජොනිතා ගාන්ධි, රාජා කුමාට්රී ඔවුන්ගේ මනමෝහනීය හඬින් පණ දීලා තියෙන බව තමයි කියවෙන්නේ.

 

► Translation — Chandana Waravitage