2019 මාර්තු 23 වන සෙනසුරාදා

පට්ට පට පට Blog

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

Y Trend අතර ලෝක ප්‍රසිද්ධ Trend එකක් ගැන කතා කරන්න අද ට්‍රයි එක. Digital ලෝක ප්‍රසිද්ධ කලාවක් තමයි Blogign. ලංකාවේ ගොඩක් අයට නම් තාම වැඩේ ගැන එච්චර තේරුමක් නෑ. ඒ වුණාට වැඩේට තදට සෙට්වෙලා ඉන්න වැඩ්ඩෝ ලංකාවේ නැත්තේමත් නෑ. මේක ටිකක් අධ්‍යාපනික වැඩක්. ඒ නිසා අද අපේ රස්ති බස සංවර කොර ගන්නවා ඩිංගිත්තකි. ඒත් බ්‍රෝ මේක වෙනස්ම Kik එකක් තියෙන හොඳ වැඩක්. මුලින්ම නොතේරෙන අයට තේරෙන සිංහලෙන් මේ Blog කතාව පැහැදිලි කරන්නම් කෝ...

Internet Use කරනා හැමෝම දන්නවානේ Web Site කියන්නේ මොනවාද කියලා. එක එක හේතුමත Web නිර්මාණය වෙනවා ලෝකේ පුරා බිලියනට වැඩියෙන්. Web එකක් වගේම තමයි Blog එකක්. ඒත් ප්‍රමාණාත්මකව ඒක පොඩියි. තාක්ෂණික වැඩේ පහදන්න ගියොත් කට්ටියට බෝරින් වෙන නිසා සරලව මෙහෙම කියමුකෝ. ඔයාලට තියනව Social Media Account වගේ Blog එකක් ඔයාට කියලා හදාගන්න පුළුවන්. එහෙම හදාගත්ත අය ඉන්නවා. ඒක හරියට තමන්ගේම පොඩි Web තියනවා වගේ දෙයක්. ඒකෙන් කැමති දෙයක් ගැන පලකරන්න, ලියන්න තමන්ට පුළුවන්. Blogging කියන්නේ අන්න ඒකට.

හරි මේ ගැන දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. මොන මඟුලක් ද මේ Y trend එකක්ද කියලා කල්පනා කරන අයත් ඇති. හරි අවුලක් නෑ. අපි කතාකරමු කෝ. මේක Trend එකේ පැති දෙකයි. එකක් Blogging ඒ කියන්නේ තමන්ටම කියලා Blog එකක් හදාගෙන ඒකේ එක එක දේවල් පලකිරීම. මෙයාල හඳුන්වන්නත් Bloggers ලා කියලා. Blog ලියන එක වෙනම ආතල් එකක්. නිකන් ස්වාධීන මාධ්‍යවේදීයෙක් වගේ. හැබැයි මේ ලිවිල්ලේ සීමා මායිම් නෑ. නීති රීති නෑ. තමන් කැමැති දෙයක් කැමැති විදිහට ලියනවා. එක එක ෆීල්ඩ්වල දේවල් ප්‍රධාන කරගෙන කියන අය ඉන්නවා.

අනෙක් පැත්ත Blog Reading. පොත් පත්තර කියනවා වගේම තාමයි මේ Blog කියවිල්ලත්. සමහරුන්ට පුරුද්දට යනවා. ලෝකේ පුරා විශාල පිරිසක් Blog කියවන්නෝ ඉන්නවා. ඒක නිසාම ජනප්‍රිය Blog Writers ලා ලෝකය තුළ බිහිවෙනවා. සමහරු ව්‍යාජ නම් පාවිච්චි කරන්නේ මේ වැඩේට. ඒක මේ වැඩේ තුළ තියෙන තව Trend එකක්. ගොඩක් වැදගත් තොරතුරු සංසරණය වෙන මාධ්‍යයක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. මේකෙ ප්‍රබලත්වය කොච්චරද කියනවා නම් ලෝකේ සමහර Blogge ලා ගවේෂණාත්මකව සිදුකරපු අනාවරණයන් ඔවුන්ගේ ජීවිත කුරිරු විදිහට උදුරගත්තා. Blog එකක් නොමිලේ හදන්න පුළුවන්. ඒකට Google ආයතනයේ Blogspot වැනි සේවාවන් හරහා පහසුකම් සලසලා දීලා තියනවා. ඒත් ඒවගේම Wordpress වල තමා ලෝකේ ජනප්‍රියම Blog බොහොමයක් තියෙන්නේ. 2018 වෙනකොට අන්තර්ජාලයේ තොරතුරු මූලාශ්‍ර අනුව ලොවපුරා මිලියන 400ක් 500ක් විතර Blog තියනවා කියලා තමා කියවෙන්නේ. 

දැන් ලංකාව පැත්තට හැරෙමුකෝ.... මෙහෙත් ඉන්නවා බ්ලොග්ස්ලා. ලංකාවේ Blog කරණය ඇරඹෙන්නේ 2005න් වගේ පස්සේ වගේ. ලෝකේ නම් අනූවේ අග දෙදාහේ මුල වගේ. සිංහල භාෂාවෙන් ලියන්න තිබුණ අපහසුතාව තමයි මුල්කාලීන ගැටලුව වුණේ. තාක්ෂණික දේවල් ගැන දැනුම්වත් කරන්න එක තමයි මුල්කාලීන බ්ලොග් ලියන්නෝ ගොඩක් දෙනෙක් කළේ. පස්සේ මේක නැගලා ගියා. 2007 - 2009 වගේ කාලේ වෙනකොට ගොඩක් දේශපාලන කලාව කතන්දර ආදී අපූරු තේමාවල බ්ලොග් ලංකාවේ පටන් ගත්තා. ක්‍රමයෙන් මැදිවියට ළංවෙන පරිණත තාරුණ්‍යය තමයි මුල්කාලීනව බ්ලොක් කෙරුවාවේ මූලිකයො වුණේ. ඒ අතර පරිගණක දැනුම ග්‍රහණය කරගත්ත වැඩිහිටියෝත් හිටියා. ටිකක් වෙනස් විදිහේ උණ තිබ්බ නාඹර තරැණයෝ ක්‍රමයෙන් මේ වැඩේ වටේ එකතුවෙන්න පටන් ගත්තා.

කොහොම හරි කාලයත් එක්ක ලංකාවේ බ්ලොක්කරණය වෙනම උප සංස්කෘතියක් නිර්මාණය කළා. ඒක සහෝදරකම් යාළුකම් අපූරැ රන්ඩුසරුවල් කැපිලි කැපිලි කෙටිලි මේක ඇතුළට ආවා. සැබෑ අපූරුත්වයක් විවිධත්වයක් නිර්මාණය වුණා. මෙතැනදී බ්ලොක් කියවිල්ල ගැනත් කතාකරන්න ඕනා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේම පොත් පත්තර සඟරාවලදී සිද්ධවුණේ එහි සංස්කාරකවරුන්ගේ කැමැත්ත අනුව කියවන්නාගේ රුචිකත්වයට තීරණය වීම. ඒත් Blog ආගමනයෙන් ඒ වැඩේ ටිකක් වෙනස් වෙන්න පටන් ගත්තා. මෙතනදී කැමති දේ කැමති විදිහට ලියන්නත්, ගොඩක් දේවල් අතරින් කැමතිදේ තෝරගෙන කියවන්නත් අවස්ථා උදාවුණා. ඒ නිසාම වැඩේට කට්ටිය හිමිහිට ඇදිලා ගියා. සිරිලක Blog Trend වුණා.

වානිජමය වශයෙන් යම් ස්ථාවරත්වයක් ගොඩනගාගන්න Blogging කියන්නේ මොහොම වැදගත් දෙයක්. අතට දැනෙන්න සැරට හම්බ කරන්නත් පුළුවන්. ලංකාවේ නම් ඒ පැත්ත තාම මදි. නැත්තේම නෑ. කොහොම නමුත් ලිවීම විචාරය විතරක් නෙවෙයි. කාලීනව බ්ලොග්කරණය පුළුල් වපසරිය පැතිරෙනවා. සිත්තම්කරණය වෙනුවෙන් Art Blogs, ජායාරූපකරණය වෙනුවෙන් Photosblogs, වීඩියෝකරණය වෙනුවෙන් Vlogs තව MP3 Audio ආදියත් බිහිවෙන්නේ ඒ අනුව.

ඒත් මෑතකාලීනව සමාජ ජාල මාධ්‍යයේ සීඝ්‍ර වර්ධනය එක්ක බ්ලොක් කලාවට හොඳ කාලයක් නෙවෙයි උදාවුණේ. facebook වගේම Twitter වල නැගීම ලොකු බලපෑමක් කළා Blog වලට. ලංකාවේ නම් ඒක ටිකක් සැරට සිද්ධවුණා. නමුත් Blog Post එකකයි බුකී Post අතරයි ලොකු පරතරක් තියෙනවානේ. Blog Post එක නැවතත් සුරක්ෂිත ඉතිරිවෙලා තියනවා. බුකී Post යට යනවා. අනික් පැත්තෙන් Blogging වල අභියෝගය තමා කියවන්නෝ පිරිසක් හදාගන්න එක. ලිව්වාට කියවන්න කෙනෙක් හදාගන්න බැරි වුණොත් නිකම්ම කොන්වෙලා යනවා. වැඩේ ඇතුළට බහින්න ඕනෑ.... කැපවෙන්න ඕනෑ. අනික් Bloggers ලා එක්ක Contact තියාගන්න ඕනෑ. ඒ වගේම විචාරාත්මක Comment දාන්න දැමීම තමන්ගේ Blog එකේ තවත් ප්‍රසිද්ධ Blog List එකක් දාන එක මේකේ උපක්‍රම. මහන්සි වුණාට පාඩු නෑ ලොකු වින්දනයක් මේකේ තියනවා සහෝ.

ඇත්ත කතාව මේ වැඩේට හුරුවෙච්ච අය ගේමෙම ඉන්නවා. ලංකාවේ බ්ලොක්කරුවන් වෙනුවෙන් නෙළුම් යාය වගේ සම්මාන උළෙවල් බිහිවුණා පසුකාලීනව. කොහොම හරි අවසානයේ ලංකාවේ අපිට යහපත් Y Trend එකක් නිර්මාණය තමයි මේ. වෙනස්ම කලාවක්, වෙනස්ම ආතල් එකක්, කිව්වොත් හරි. ඔන්න අපි අදට මතුසම්බන්ධයි කරන්න හදන්නේ. අන්තිම චුට්ට හිතට ගන්න pls.... 

අපි ගොඩක් Y Trend ගැන ලියලා අවසානයේ කියනවා මේ වලට හුරුවෙන්න එපා කියලා. නැත්නම් ඕනාවට වැඩිය ඕනේම නෑ කියලා කියනවා. ඒත් ඔන්න අද අපි කියනවා හුරැවෙයන් Blog කියවන්න... ඒක පට්ට. පුළුවන් නම් Blog ලියපල්ලා... ඒක පට්ට පට පට....

 

► Text - Nisal / Pic – Internet