2019 මාර්තු 09 වන සෙනසුරාදා

අමිතාබ්ට ඔරලෝසු - ෂාරුක්ට ඩෙනිම් - සල්මන්ට සබන් - කරීනාට නියපොතු

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

බොලිවුඩය කියන්නේ ලංකාවේ අපිට හොඳට හුරුපුරුදු තැනක්. ඒ හින්දම හින්දි තරු පිරිවර ගැනත් අපි හරි උනන්දුයි. හැබැයි මේ කතාව, හින්දි සිනමා රසිකයන්ට නිතර දෙවේලේ අහන්න ලැබෙන කතාවක් නම් නෙමෙයි. ඒ තමයි බොලිවුඩ් තරුවල අමුතු පුරුදු...

ෂාරුක් ඛාන් කියන්නේ බොලිවුඩ් ලෝකෙ රජ්ජුරුවො. එයාට තියෙන අමුතු පුරුද්දක් තමයි ඩෙනිම් කලිසම් එකතු කිරීම. ආරංචි විදිහට එයා ගාව තියෙන ඩෙනිම් කලිසම් සංඛ්‍යාව එක්දාස් පන්සීයකටත් වැඩියි. අනික කොච්චර වැදගත් රැස්වීමකට වුණත් ෂාරුක් යන්න කැමැති ඩෙනිමක් ඇඳලා ඊට උඩින් කෝට් එකක් දාලා කියලයි දැනගන්න ලැබෙන්නෙ. 

සල්මාන් ඛාන් කියන්නේ ඛාන් තුන් කට්ටුවේ තවත් එක චරිතයක්. සල්මාන් මෝටර් සයිකල්වලට හුඟක් ආසා බව ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි බොහෝදෙනා නොදන්නා දෙයක් තමයි, එයා සබන් එකතු කරනවා කියන එක. කාබනික සහ ශාකසාර සබන් කෑල්ලක් කොහෙදි හරි දැක්කොත් ඒක අරගන්න සල්මාන් පසුබට වෙන්නේ නෑලු.

කරීනා කපූර්ට තියෙන්නේ උඩ කිව්ව පුරුදුවලට වඩා ටිකක් වෙනස් නරක පුරුද්දක් කිව්වොත් වැරැදි නෑ. ඒ තමා නියපොතු හැපීම. කොච්චර ලස්සනට නියපොතු තියාගන්න හැදුවත් නියපොතු කන පුරුද්ද නැතිකරගන්න ඈට හැකිවෙලා නෑ.
දීපිකා පදුකොන්ටත් අමුතු පුරුද්දක් තියෙනවා. ඒ තමා එයාර්පෝට් එකට ගියාට පස්සේ මිනිස්සු දිහා බලන් ඉඳීම. ඒක හරිම ආශ්වාදජනක අත්දැකීමක් කියලත් එයා කියනවා. 

අමිතාබ් බච්චන්ට තියෙන එක පුරුද්දක් තමයි ඔරලෝසු බැඳීම. අපි හැමෝම එක ඔරලෝසුවක් පළඳින්න පුරුදුවෙලා හිටියත් අමිතාබ් ඔරලෝසු දෙකක් අතේ බඳිනවා. හැබැයි ඒ හැම වෙලාවෙම නෙමෙයි. තමන්ගේ පවුලේ කවුරුහරි පිටරට ගිහින් ඉන්න වෙලාවක ඒ කෙනා ඉන්න රටේ වෙලාව එක ඔරලෝසුවක සටහන් කරගන්නවා. අභිෂේක් කියන විදිහට එයාගේ තාත්තා අමිතාබ් ඒ පුරුද්ද ඇතිකරගෙන තියෙන්නෙ ජයා බච්චන්ගෙනුයි.
සුෂ්මිතා සෙන් කියන්නේ සර්පයින්ට ගොඩක් ආසා කෙනෙක්. කොටින්ම ඇය තමන්ගේ ගෙදරත් පොළඟෙකු සුරතලෙක් විදිහට ඇති කරන බව ආරංචියි. 

බොලිවුඩයේ ගිනිසිසිල, සනී ලියෝන්ටත් අමුතු පුරුද්දක් තියෙනවා. ඒ තමා හැම මිනිත්තු 15කට වරක්ම තමන්ගේ දෙපතුල් සේදීම. එයාගේ මේ පුරුද්ද නිසා චිත්‍රපටිවල රූගත කිරීම් පවා පැය ගණන් පරක්කු වෙන බව දැනගන්න ලැබෙනවා. 

Tentaran.com ඇසුරෙනි

► Text - Suranga