2019 මාර්තු 09 වන සෙනසුරාදා

විනාඩි 10ක් මිලියන 18ක්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

අද අපි ඔබ වෙනුවෙන් අරගෙන ආවේ Youtube Hit වන Short Film එකක්. ඇතම් විට ඔබ වෙය නරඹලත් ඇති. ලොව පුරා මිලියන 18 පිරිසක් නරඹපු ඉතා සංවේදී කතවක් මෙහි අන්තර්ගත වෙලා තියනවා. Most Beautiful Thing නමින් 2012 වර්ශයේ දී තමයි මේ කෙටි චිත්‍රපට නිර්මාණය වෙන්නේ. ඉතාම සංවේදී කතා තේමාවක් රැගත් මේ නිර්මාණය ලොව පුරා බොහෝ දෙනා එක මොහොතකට සංවේදී කරන්න සමත් වෙනවා. 

මෙම චිත්‍රපටය බ්‍රැන්ඩන් කියන තරුණයෙක් සහ එලිෂා කියන තරුණියක් වටා ගොඩ නැගෙන්නේ. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂය, තිර රචනය හා සංස්කරණය කියන කාරණා තුනම කරන්නේ කැමරන් කෝවේල් කියන සම්මානනීය අධ්‍යක්ෂවරයා. 
නික් ලෝප්ස් සහ ඇලිස්ගේ ගුතියෙර්ස් තමයි මේ ප්‍රධන චරිතවලට පණදෙන්නේ.

මෙම නිර්මාණය ආදරය පිළිබඳ විශ්වීය ප්‍රකාශනයක් විදිහට වෙන්න විචාරකයන් හඳුන්වලා තියෙනවා. හැඟීම් භාෂා අතික්‍රමණය කරණ ආකරය මේ හරහා මනාව නිරූපණ වෙනවා කියලා තමයි කියවෙන්නේ.
අපි දැන මෙහි කතාව සාරය ගැන අපි පොඩ්ඩක් බලමු. වැඩි ලස්සන නැති උසස් පාසලක තරුණයෙක් තමන්ට පෙම්වතියක් නොමැති වීම ගැන කනගාටුවෙන් ඉන්නවා. ඔහුට මේ අතර එම පාසලේ එක් තරුණියෙක් මුණ ගැහෙනවා. ඔහු ඇය සමඟ කතා කරන්න උත්සහා කරත් පළමු අදියරේදී ඒක සාර්ථක වෙන්නේ නෑ. මොකද ඇය ශ්‍රව්‍ය ආබාධිත තරුණියක්. ඇය ලස්සනයි. පස්සේ ඔහු ඇගේ ආබාධ දැන ගන්නවා. ඔවුන් අපූරූ සන්නිවේදන උපායක් භාවිතා කරනවා. අවසානයේ ඔවුන් දෙදෙනා අතර සමීප ඇසුරක් නිර්මාණය වෙනවා. ඒත් කතාවේ පුපුරායාමක් සිද්ධ වෙනවා එක්තරා මොහොතක දී තරුණයා ඇති කරගන්න වැරදි අවබෝධක් නිසා. ඔන්න ඕක තමා කතාව. ඔක්කොම කියන්න බෑ එතකොට අගයක් නෑනෙ. කොහොම වුණත් සතුටුදායක අවසානයක් තමයි තියෙන්නේ.

මේ කෙටි චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 10 යි තත්පර 44 ක්. මෙහි සංගීත යොදා ගෑනීම හරිම සුවිශේෂී. සම්පූර්ණ නිර්මාණය තුළ භාවිතා වෙන්නේ වචන කිහිපයක් පමණයි. සියළු ප්‍රකාශයන් ඉදිරිපත්වෙන්නේ සංගීතය හරහා. ඒ සංගීතය ඕනෑම ප්‍රේක්ෂකයෙක් සංවේදී කරන්න සමත් කිව්වොත් නිවැරදී. කැමරාකරණය ගැන කතා කරනවා නම් ඉතා විශිෂ්ඨයි කියලා තමා කියන්න වෙන්නේ. කෙටි චිත්‍රපටයක් ඇතුළේ සංප්තව කතාව ගොනු කිරීමේදී සමහර රූප රාමුවල උපයෝගීතාව විශිෂ්ඨයි. කිසිම අනවශ්‍ය තැනක් නෑ කිව්වොත් හරි. හරි සියුම්ව සියල්ල ගොනු කරලා තියනවා. ප්‍රධාන නළුවා සහ  නිළියන්ගේ භාව ප්‍රකාශනයත් මෙහි දී ගොඩක් වැදගත් වෙලා කියලා හිතන්න පුළුවන්. ප්‍රධන වශයෙන් තරුණයාගේ චරිතය තුළින් සතුට වේදනාව අවේගය අදී දේවල් අපූවට නිරූපණ වෙනවා.

මේ නිර්මාණය ගැන කතා කරද්දී සඳහන් කරන්න ඕනා Most Beautiful Thing කියන්නේ සම්මානනීය කෙටි චිත්‍රපටයක්. 2012 වසරේ දී කෙටි චිත්‍රපට සඳහා වන ලොව ප්‍රධාන සම්මාන උළෙලකදී හොඳ කෙටි චිත්‍රපටය සහ හොඳ කෙටි චිත්‍රපට නළුවාට හිමි සම්මාන දිනා ගන්නවා. අපි ආරාධනා කරනවා ඔබටත්  නිර්මාණය බලන්න කියලා. ඔබේ ජංගම දුරකථනයේ කුඩා තිරය පුළුල් රසවින්දනයක් වෙනුවෙන් ගෙනියන්න පුළුවන් නිර්මාණයක් තමා මේ.

 

► Text - Nisal   /   Pic – Internet