2019 මාර්තු 09 වන සෙනසුරාදා

තවත් ජීවත් වෙන්නද කියන්නෙ?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

පහුගිය දවස ජනප්‍රිය රංගන ශිල්පිනියකගෙ උපන් දිනය යෙදී තිබුණා.
එදා ඇයට යාළු මිත්‍රාදීන්ගෙන් වගේම විවිධ අයගෙන් සුබපැතුම් පණිවිඩ ලැබුණා. නිහතමානී රංගන ශිල්පිනියක වන ඇය හැමෝටම ස්තූති කළා.

ඒත් ඇගේ කිට්ටුතම හිතමිතුරියන් ඇයට උපන් දිනය වෙනුවෙන් සුබ පැතූ විට ඇය ප්‍රතිචාර දැක්වූයේ වෙනස් විදිහකට.
අනේ බං මට මෙහෙම සුබ පතලා මට තවත් ජීවත් වෙන්නද කියන්නෙ? මේ ජීවිතේ හොඳටම ඇති මටනම්.

 

ඒ නීති ගෙවල්වලටත් ගේන්නකො

පොදු ප්‍රවාහන සේවය පරිශීලනය කරන හැම කෙනෙකුටම වගේ සතුටක් දනවන ආරංචියක් පහුගිය දවස්වල මාධ්‍ය හරහා අසන්නට ලැබුණා. 
ඒ තමයි, ප්‍රයිවට් බස්වල දාන සින්දු හා ටීවීවල දාන දේවල් ගැන හොයලා බලන්න අදාළ බලධාරීන් විසින් වෙනම ඒකකයක් පිහිටවලා තියෙනවලු.
ඒ කියන්නෙ ඉස්සරහට බස්වල කනක් ඇහිලා යතෑකි,

ඒ ආරංචිය කන වැකුණු කෙනෙක් කිව්වලු.
ඒ කතාව අහගෙන හිටපු තවත් කෙනෙක් අපූරු උත්තරයක් දුන්නලු.
අනේ ඔය බස්වල යන සින්දු වගේ දේවල්වලට දාන නීති බැරිද අපේ ගෙවල්වල තියෙන රේඩියෝ ටී.වී.වලටත් ගේන්න. මොකද? බස්වල විතරද මනුස්සයො ගමන් කරන්නෙ? ගෙවල්වල ඉන්නෙ මොක්කුද?

 

කොණ්ඩෙ වැවුවත් ගොඩ, නැතත් ගොඩ

වේදිකාවෙ, චිත්‍රපට හා රූපවාහිනියේ දක්ෂතා පෙන්වන අපේ ජනප්‍රිය නළුවෙක් ඉන්නවා. සංගීත ක්ෂේත්‍රයෙත් ඔහු අමුත්තෙක් නෙවෙයි.
පහුගිය කාලෙම ඔහු හිටියෙ කොණ්ඩෙ වවාගෙන. දක්ෂතාවය නිසාම ඔහුට වැවුණු කොණ්ඩෙ කිසිම බාධාවක් වුණේ නැහැ.
ඒත් මෑතකදී අපි දැක්කා ඔහු කොණ්ඩෙ කපලා ඉන්නවා. 

කොණ්ඩෙ කැපුවම ඔයාට ලැබෙන වැඩවලට බලපෑමක් ඇතිවෙයිද?
පිස්සුද මල්ලි? මම කොණ්ඩෙ වැවුවත් ගොඩ, කොණ්ඩෙ කැපුවත් ගොඩ. එහෙම වෙනසක් නැහැ.

 

► Text - Mithra