2019 මාර්තු 02 වන සෙනසුරාදා

කොකා ගැස්සුණොත් කොකේන්

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 317

අන්ත්‍රාවයි..! දැනුම්වත්වීම සඳහා පමණයි..!

කොකේන්... කොකේන්... කොකේන්... බැලූ බැලූ හැමතැනම සිහිනෙන් වගේ කවුරුත් දොඩවන්නේ මේ නම පුතී.
Y Trend එකෙන් කොකේන් ගැන Line එකක් ගහන්න අපි තීරණය කළා. Sc මේක ටිකක් බරපතළ සීන් කෝන් එකක්. දැන් ලංකාවේ කොකේන් තියෙනවා. අනිවා ඩෙෆා ඒක අපේ බ්‍රෝලා සිස්ලා ඔක්කොම දන්නවනේ. But මේක Y Trend එකක් ද..? ඔන්න සුදා ප්‍රශ්නේ. අපි කියනවා ඔව් මේක ලංකාවේ සෝෂල් ඩිසාස්ට එකකට හේතුවන Trend එකක්. ලෝක මට්ටමින් ගත්තෝත් මෙක Trending Disaster එකක්. 

කොකේන් ගැන ලංකාවේ History එක කොහොම ද? බහිමුකෝ ගේමට එතැනින්ම. Towarisam ලංකාව අවේ බ්‍රෝ..  හැට ගණන්වල හැත්ත ගණන්වල. ලෝකයටම කොකේන් බරපතළ ප්‍රශ්නයක් වෙන්න පටන්ගත්තේ මේ කාලේම තමා. අපේ සිරි ලංකාවේ බටහිර දකුණු වෙරළට ආපු සංචාරකයෝ Beach Boy ලගෙන් ඉල්ලුවා චාලි ඒ කියන්නේ කොකේන්. අපේ උන් line එක දැන ගෙන හිටියේ නෑ. අන්දමන්ද වුණා. කොහොමත් ලංකාවේ බඩු තිබ්බෙත් නෑ. ඔහොම යනකොට ලංකාවේ බඩු නැති නිසා තොගේට නෙවෙයි සිල්ලරට තම තම පරිභෝජනයට සුද්දෝ ලංකාවට බඩු අරගෙන ආවා. මේ කාලේ සුද්දෝ එක්ක සෙට් වුණු සමහර Beach Boys ලා ලාවට මේවා ගහලා බැලුවා. වැඩේ අතල් කියලා සමරුන්ට හිතුණට, ලංකාවේ කොකේන් හොයාගන්න නම් තිබ්බේ නෑ. කොළඹ රටේ එක්කෙනෙක් දෙනෙක් හිටියලු ලයින් එකේ. ඒත් කොකේන් හෙරොයින් ඔක්කොමට අපේ උන් මෑතක් වෙනකල්ම කිව්වේ කුඩු කියලනේ. 

History එක ගැන අවබෝධයිනේ. දැන් අපි පොඩ්ඩක් බලමු කවුද අද ලංකාවේ කොකේන් Trend එකේ ඉන්නේ.. එයාලා මොනවා ද කරන්නේ කියලා. ලංකාවේ කොකේන් 1g රුපියල් 21,000 ත් 18,000 අතර වෙනවා. කොළඹ සුපිරි පංතියේ තාරුණ්‍ය අතර සීන් එක සැරටම තියෙනවා. මීගමුව ඉඳන් මිරිස්ස වෙනකල් බටහිර දකුණු වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය යහමින් පවතින ප්‍රදේශවල කොකේන් පාවිච්චි කරන Sri Lankanලා ඉන්නවා. බහුතරය ධනවත් ගයිඩ්ලා. සංචාරක කර්මාන්තයේ කෝටිපතියන් වුණ අය. මෙයාලා කොකේන් පාරක් ගහන්නේ දෙතුන් දෙනෙක් සෙට් වෙලා Private Place එකක. බඩු පොට් එකටම ගෙන්න ගන්න පුළුවන් contact තියන පොරවල් සීන් එකේ ඉන්නවා. නැත්නම් හොයාගෙන යන්න ඕනා. ලයින් එකේ ගිහින් Contact දෙක තුනක් හරහා බඩු පාරක් හොයා ගන්න මෙයාලා දන්නවා. කොකේන් ගහන අය සීමිත නිසා රහසිගත සම්බන්ධතා මේ subject එකේදි හරි strong.

ලංකාවේ මේ ලයින් එකේ ඉන්නේ තාරුණ්‍යත් මැදිවයසත් අතර ඉන්න සෙට් එක. පොඩි උන් මේකට line වෙනවා අඩුයි. මනී පොබ්ලම්නේ. හැබැයි සුපිරි පංතියේ සල්ලි පුච්චන පවුල්වල ආතල් දාන නාස්තිකාර හිච්චි කොල්ලො කෙල්ලෝ line එකේ ඉන්නවා. Clubbing Subject එක ඇතුළේ බඩු ටිකක් හොයා ගන්න එක අමාරු නෑ. උන් සමහරු කොකේන් ගහන්නේ තත්ත්වෙට. කොකේන් සම්බන්ධ මේ වෙනකොට ලංකාවේ තියන ලොකුම මතයක් තමයි කොකේන් Adopting drug එකක් නෙවෙයි කින එක. මගේ සුදලාට ඔන්න මම කියනවා. ඒක පට්ට පල් බොරුවක්. මේක ඇබ්බැහිවන සුළු ලෝකේ අතිශය භයානක මත්ද්‍රව්‍යක්. මේකයි ප්‍රශ්නේ.. කොකේන් ගන්න යන සල්ලි ප්‍රමාණය එක්ක හැමදාම මේව ගහන්න සාමාන්‍ය පංතියේ ෆීලින්කාරයන්ට බෑ. කුඩ්ඩෝ වගේ ගෑස් ටැංකි රෙදි වැලවල්වල රෙදි උස්සලා කොකේන් ගහන්නත් බෑනේ ඉතින්. තුන්වැනි ලෝකේ රටවල ෆීලින්කාරයන්‍ට ඇඩික්ට් වෙන්න තරම්  කොකේන් ගහන්න ලේසි නෑ මගේ සුදෝ. හැබැයි ලෝකේ කොකේන් ගහලා විනාශ වුණ සල්ලිකාර ගායකයෝ නළු නිළියෝ  ව්‍යාපාරිකයෝ ගැන උදාහරණ ඕනෑතරම් අපිට හොයා ගන්න පුළුවන් බ්‍රෝ Google search පාරක් දාන කෝ.

ඔන්න තව එකක්.. කොකේන් ගැහුවම ලස්සන වෙනවාලු. ඕක ඉතින් අපේ කොල්ලෝ අතර තියන මතයක් බ්‍රෝ. සිරා කියන්නේ කොකේන් ගහලා ලස්සන වෙච්ච එකෙක් නම් දැකලා නෑ. But ලස්සනට අඳින පළඳින පොත්ත සුදට ඉන්න සුප්පා ඩයල් මිසක් සාමාන්‍ය පංතියේ උන් කොකේන් ගහන්නෙත් නෑ. තව කොකේන්වලට සම්බන්ධයි Hollywood Film ඉන්ඩස්ට්‍රි එක. කොකේන් ගහන සීන් ඔය Films වල ඕන තරම් තියනවා දැකලා ඇතිනේ. ඒවල ඉන්නේ සුපිරි පොරවල් හැන්සම් ඩයල්, කියුට් කෙල්ලෝ. හිතාගන්න පුළුවන්නේ ඔය ලස්සන වෙන කතාව සමාජගත වෙච්ච විදිහ දැන් සහෝලාය. 

හරි අපි දැන් කතාව වෙනස් කරමුකෝ.. වල්පල් කියෙව්වට අපේ පැංචෝ පැංචියෝ දන්නෙ නෑනේ කොකේන් කියන්නේ මොනවද කියලා.  දකුණු ඇමෙරිකානු රටවලට ආවේණික ශාකයක් තමයි කොකා කියන්නේ. ලංකාවෙත් තියනවා සුදු හඳුන් වගේ. කොකා පැළවල පත්‍රවල තමයි කොකේන් හදන්නේ. කොකේන් පොඩි ප්‍රමාණයක් හදාගන්නත් කොකා පැළ සෑහෙන්න ඕන කරනවා. එක සංකීර්ණ ක්‍රියාවලියක්. කොලොම්බියාවේ තමයි වැඩේ සැරටම වෙන්නේ. ලෝකෙටම මේවා බෙදා හරින්නේ දකුණු ඇමෙරිකාවෙන්. පාලනය කරන්නේ සංවිධානාත්මක මාෆියා කල්ලි. ලෝකේ රටක කොකේන් තියනවා නම් ප්‍රධන මාෆියා කල්ලිවල සාමාජිකත්ව ලබාගන්න ඒ ඒ රටවල මාෆියාවලට සිද්ධවෙනවා. නැත්නම් කොකේන් නෑ පුතේ. එතකොට ලංකාවේ බ්‍රෝ.... ආ ඔව් ඔව් එහෙම වෙන්න ඇති. පබ්ලෝ කොලොම්බියානු කොකේක් රජ්ජුරුවෝ ගැන අහලා ඇතිනේ. ඒක පට්ට කතාවක්. නොදන්න අයට Film එකක් තියනවා කැමති නම් හොයාගෙන බලන්න. ඒ story එක කියන්න ගියොත් අපේ වැඩේ අල වෙනවා මචෝ. 

සීනි කන්ටේනර් එකක කොකේන් තොගයක් ගෙන්වලා අහුවුණා මතක ද? කිලෝ 270 ක්. පස්සේ ආයේ තේක්ක ලී කොට කන්ටේනරේක ගෙනාපු කොකේන් කිලෝ 800 ක් අහුවුණා. ඒ  කාලේ කොකේන් Trend එක මෙච්චර තිබ්බේ නෑ බ්‍රෝ. ඒ කාලේ කිව්වේ ලංකාව හරහා කොකේන් හුවමාරු වෙනවා කියලා. මතක ද සහෝ.  ඔව් ඒකේ ඇත්තක් තියනවා. අප්‍රිකානු දුර්වල රටවල සමහර රාජතාන්ත්‍රිකයෝ කොකේන් මාෆියා එකට සහයෝගය දීලා තියනවා.  ඒවා පට්ට story එකක්. ලංකාවෙත් එහෙම වෙනව ද? අපෝ අපි නම් දන්නෑ.. නඩුනේ බ්‍රෝ.. කට පරිස්සමින් හරිය...

පුතේ ලංකාවේ කොකේන්  ව්‍යාප්තියට හරියටම අවුරුද්දක් දෙකක් වගේ වෙන්නේ. ඒ කියන්නේ අපි බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් විතරයි නෙවෙයි. තේරුණාද ආ.. කොකේන් සම්බන්ධ New Trend එකක් තියනවා මෙහේ. පාර්ලිමේන්තු කොකේන් කතා, ඩුබායි කොකේන් කතා ගැන දන්නවානේ. ඒවා නිසා සමහරුන්ට මේ සම්බන්ධ ආසාවකුත් ඇවිත්. මගේ සුදාලට බොක්කෙන්ම කියන්නේ පරිස්සම් වෙන්න කාලේ හරි කොකේන්වලිනුත්. අදාළ ලොක්කොත් මුල් කාලේම ගේමට අත ගැහුවොත් තමා හොඳ. කොහොම වුණත් අනාගතේ ගැන අපිට පේන්නේ සුභ දේවල් නෙවෙයි. අද මේ කතාව Y Trend එකෙන් අපි ලයින් කරන්න හේතුව end එකේදි කියන්නම ඕනා. නොදන්නකම නිසා විනාශ වෙන තාරුණ්‍යක් තාමත් මේ රටේ ඉන්නවා. මත්ද්‍රව්‍ය ගැන විධිමත් අධ්‍යාපනයක් අපට නෑනේ... ඇති වගේනේ පුතේ..! අපි ගියා... ආදරෙයි සුදෝ..

 

► Text - Nisal   /   Pic – Internet