2019 මාර්තු 02 වන සෙනසුරාදා

බෑන්ඩ් ද බෑන්ඩ්

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

කොළඹ නාලන්දා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය සහ ස්වාධීන  රූපවාහිනී සේවය එක්ව සංවිධානය කළ ‘බෑන්ඩ් ද බෑන්ඩ්’ බ්‍රාස් බෑන්ඩ් රියැලිටි තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණ. 

අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ පැවති මෙහිදී දිවයින පුරා පාසැල් කණ්ඩායම් ගණනාවක් අභිබවමින් ‘බෑන්ඩ් ද බෑන්ඩ්’ කිරුළ හිමි කර ගැනීමට සමත් වුයේ  ගම්පහ සිරිකුරුස විද්‍යාලීය කණ්ඩායමයි. මෙහි දෙවන ස්ථානය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල දිනා ගත් අතර තෙවැනි ස්ථානය පානදුර ශ්‍රී සුමංගල බාලිකාවන්ට හිමි විය. තනූජා ජයවර්ධන සහ නාරද බක්මීවැව විසින් මෙහෙයවූ මේ විචිත්‍ර රාත්‍රියේ අවස්ථා වලින් අද අපේ පිටුව මෙලෙස හැඩ වෙනවා.

I Romesh Dhnaushka Silva