2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ඝාතනයෙන් පටන් ගත්ත ගාන්ධි

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 296

ගාන්ධි කියන්නේ 1982 නිර්මාණය වුණු වීරකතා ගණයට වැටෙන ඓතිහාසික, නාට්‍යානුසාරී චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ මහත්මා ගාන්ධිතුමාගේ ජීවිත කතාවයි. මහත්මා ගාන්ධි 20 වැනි සියවසේ ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා ලෙස හැඳින්වූවාට වරදක් නැත. ඉන්දියානු නිදහස් අරගලට අවිහංසාවාදී පරමාදර්ශයක් එකතු කළේ මහත්මා ගාන්ධි.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රිචඩ් එඩින්බරෝ. චිත්‍රපටය ඇරඹෙන්නේ දකුණු අප්‍රිකානු දුම්රියකින් ගාන්ධිතුමාව ඉතා අකාරැණිකව එළියට ඇදලා දාන සිදුවීමෙන්.
එතුමාව එහෙම කෝච්චියෙන් සුදු ජාතිකයන් විසින් එළියට ඇදලා දැම්මේ ඉන්දියානු ජාතිකයෙක් වූ මෙතුමා සුදු ජාතිකයන් අතර සිටීම නිසා. මේ කාලය වෙනකොට වර්ණ භේදවාදය තදින්ම තිබුණා දකුණු අප්‍රිකාවේ. ඒ වෙනකොට දකුණු අප්‍රිකාවේ අප්‍රිකානාස් කියන ඕලන්ද සම්භවයක් ඇති සුදු ජාතිකයන් ද, ස්වදේශිකයන් වුණු කළු ජාතිකයන් ද, ඉන්දියානු හා පකිස්ථානු සම්භවයක් සහිත ආසියානුවන් (colored) ද නැත්නම් මිශ්‍ර ජාතීන් වශයෙන් හැඳින්වූවන් ද ජීවත් වුණා. 1948 දී ගාන්ධිතුමන් ඝාතනයට ලක්වෙනවා. මේ චිත්‍රපටය ඉවරවෙන්නේ එතැනින්.

හොඳ හින්දු භක්තිකයෙක් වුණු මහත්මා ගාන්ධි සෙසු ජාතීන් හා ආගමිකයන්ට ද දැඩි කරුණාවක් දැක්වූවා. මේ චිත්‍රපටය ඔස්කා සම්මාන බොහෝ ගණනකට නිර්දේශ වුණා.
චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය ඇරඹෙන්නේ මහත්මා ගාන්ධිතුමන් ඝාතනය වන දර්ශනයෙන්. 1948 ජනවාරි 30 වැනිදා සන්ධ්‍යා වන්දනයෙන් පසු ගාන්ධිතුමා සිය අනුගාමීන් හමුවෙන්න යනවා. මෙහිදී එතුමන් ඝාතනය වෙන්නේ හතුරාළු ගොඩ්සේ කියන පුද්ගලයා අතින්. පපුවට වෙඩි වදිනවාත් සමඟ දෙවියන් සිහි කරගන්නා අප අසහාය වීරයා ස්වර්ගස්ථ වෙනවා.

මේ වනවිට දකුණු අප්‍රිකාවේ ඉන්දියානුවන්ව වෙන්කොට දෙවැනි තැනෙහිලා සළකන තත්ත්වයක් තිබුණා. ඒ අනුව ප්‍රථම වතාවට තරුණ ගාන්ධි පටන්ගන්නවා අවිහිංසාවාදී විරෝධයන් දකුණු අප්‍රිකාවේ සිටින ඉන්දියානුවන් වෙනුවෙන්. මෙම විරෝධතා ව්‍යාපාර, සිරගත කිරීම් සහ නොසළකාහැරීම් හරහා මර්දනය කරන දකුණු අප්‍රිකානු රජය පසුව ඉන්දියානුවන්ගේ යම් යම් අයිතීන් පිළිගනු ලබනවා.

1915 වර්ෂයේදී මෙලෙස දකුණු අප්‍රිකාවේ අයිතිය දිනා ගැනීමේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඉන්දියාවට දැනගන්නට ලැබීම නිසා නැවත එතුමන්ට ඉන්දියාවට ආරාධනා කරනු ලබනවා. ඒ වනවිට එතුමා ඉන්දියානු වීරයෙක් ලෙස ජනපදවල ලැගුම් ගෙන අවසන්. එහිදී ඉන්දියානු නිදහස් ව්‍යාපාරය විසින් ඔහුව නිදහස දිනාගැනීමේ අරගලයට උනන්දු කරනු ලබනවා. ඒ අනුව ඒ අදහස පිළිගන්නා ගාන්ධිතුමන් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට ද අවිහිංසාවාදී පරමාදර්ශන එකතු කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව බිලියන ගණන් ඉන්දියානුවන් සූදානම් කිරීමට සටනට එකතු වෙනවා. එහිදී ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් විසින් ඉන්දියානුවන්ට තාඩන පීඩන එල්ල කරමින්, ගාන්ධිතුමන් සිරගත කරමින් මේ ව්‍යාපාරය මර්දනය කරනවා. 1919දී මේ විරෝධතා ව්‍යාපාරයට එක්වුණු සිවිල් වැසියන් බොහෝ ගණනක් වෙඩි තබා මරුමුවට පත්කරනවා. එය අම්රිත්සාර් ඝාතනය ලෙස ප්‍රකටයි.

කෙසේ වුවද මෙම විරෝධතා ව්‍යාපාර බ්‍රිතාන්‍ය ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල කරනවා. මේ විරෝධතා ව්‍යාපාරයේ හැඩය ලෝකයේ බොහෝ තැන්වල අවධානය දිනා ගත් අතර එනිසාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට දැඩි අතුල් පහරක් එල්ල වෙනවා.
1930දී ගාන්ධිතුමන් විසින් ලුණු පාගමන ලෙස හඳුන්වන ලද විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන්නේ බ්‍රිතාන්‍යයන් ලුණුවලට හඳුන්වා දුන් බද්ධ අහෝසි කර ගැනීමයි. ඔහු මෙම අවස්ථාව ද යොදාගන්නවා ලන්ඩනය දක්වා ගොස් සිය විරෝධය ප්‍රකාශ කරන්න. නමුත් එය ඵල දරන්නේ නැහැ.

කෙසේ හෝ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉන්දියාවට නිදහස ලැබෙනවා. ඉන්දියානුවන් මෙය මහත් හරසරින් සමරනවා. නමුත් ඔවුන්ගේ ගැටලු තාම විසඳී නැහැ.
ඉන්දියාව ඒ වනවිට කැබලි කිහිපයකට වෙන්වයි පවතින්නේ. ඒ කියන්නේ දැන් ලෝක සිතියමේ තියන පකිස්ථානය හා බංගලාදේශය පෙර කළ ඉන්දියාව ලෙසමයි සැළකුවේ. කෙසේ වුවද මුස්ලිම්වරැ බහුතරයක් වාසය කරන ඉන්දියාවේ වයඹ දිග හා නැගෙනහිර ප්‍රදේශ සඳහා පාකිස්ථානය නමින් නව රාජ්‍යයක් නිර්මාණයට අදහස් පළවෙමින් තිබුණා. ඒ අදහස මගින් ඒත්තු ගන්නනවා වෙනම රාජ්‍යයක ජීවත් වීම මගින් මුස්ලිම්වරුන්ට ඔවුන්ට ආවේණික පාලනයක් ලැබෙනවා කියලා.
නමුත් ගාන්ධිතුමන් වෙනම රාජ්‍ය අදහසට විරුද්ධ වෙනවා. එතුමා උත්සාහ කරනවා පකිස්ථානය වෙනුවෙන් සටන් කරන මොහොමඩ් අලි ජීවිකාව ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස හෝ නම් කරන්න. නමුත් ඒ කිසිවක් සාර්ථක නොවී ඉන්දියාව කොටස්වලට බෙදීම ඇරඹෙනවා. ඒ සමඟම ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් ජනයා අතර වාර්ගික ආතතීන් වර්ධන වෙමින් ඒවා ප්‍රචණ්ඩ ගැටුම් දක්වා ඇදී යනවා.

මේ ගැටුම්වලට ප්‍රතිචාර දක්වන්නට ගාන්ධිතුමා උපවාසයක් ආරම්භ කරනවා. එතුමා නිරාහාරව සිටිනවා මේ ගැටුම් නවත්වන තුරු. කෙසේ වෙතත් ඒ සිදුවීමෙන් පසු ප්‍රචණ්ඩ ගැටුම් නතර වෙනවා.
ගාන්ධිතුමන් සිය ජීවිතයේ අවසාන කාලය ගත කරන්නේ මෙම ජාතීන් දෙක අතර සංහිඳියාවක් ඇති කරනු ලැබීමට. නමුත් හින්දු හා මුස්ලිම් යන දෙවර්ගය අතරම මෙතුමන්ට විරෝධයක් එල්ල වෙනවා. අවසානයේදී එවැනි පුද්ගලයකු වූ ගොඩ්සේ විසින් කුමන්ත්‍රණයකට හවුල් වනු ලැබ ගාන්ධිතුමන්ව ඝාතනය කරනු ලබනවා. චිත්‍රපටය පටන් ගන්නේ මෙතනින්.

පසුව ගාන්ධිතුමන්ගේ අළු ඉන්දියානුවන්ගේ පූජනීය ගංඟා නම් ගඟ හරහා පා කරලා යවනු ලබනවා. මේ අවස්ථාවේදී අපට ගාන්ධිතුමන්ගේ කරුණාබර සානුකම්පිත ස්වරය චිත්‍රපටයේදී ඇහෙන්නට සලස්වන්නේ සැබැවින්ම දෑසට කඳුළක් එක් කරමින්.

 

► Text -   M Ishaq