2019 ජනවාරි 12 වන සෙනසුරාදා

පොඩ්ඩන්ගේ ලොක්කන්ගේ සිඟිති ආතල්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 179

Teenage Trend එකක් ගැන තමයි අද story ය. මේක Y trend වලදී අපි Line කරන්න හේතුව තමයි ලංකාවේ Teenagers ලා අතර සීන් එක සැරට පැතිරිලා තියන එක. හැබැයි මේකේ පොඩි සිඟිති ගතියකුත් තියනවා. මොකද පොඩි ළමයි අතරත් මේ Trend තියන නිසා.

මේක emoji Tag, Pin Bage වගේ නම් වලින් හඳුන්වනවා. තේරෙන විදිහට කීවොත් අර ටියුෂන් යන කෙල්ලෝ කොල්ල බෑග්වල ගහගෙන යන හිනා මුහුණු බැජ් දන්නවානේ. අන්න ඒවා. ඒවගේ එක එක ජාතියේ ටැග් ගහන එක අද Fashion එක්ක Teenagers ලා අතර. මේ ලංකාවේ මෑත කාලේ Hit වෙච්ච ට්‍රෙන්ඩ් එකක්. රෑප ගහපු tag බෑග් එකේ කාටත් පෙන්න ගහගෙන යනවා මහ පාරේ. ඒ අතරේ සමහරු පෙන්සිල් කේස් එකේ ගහගන්නවා මේ ටැග්. මේක නිකං සිඟිති ආතල් එකක් වගේ තමා. ඒ වුණාට වැඩේ නැගලා යනවා.

Pin බැජ් ගැන ඉතිහාසයේ හොයලා බලමුකෝ. ඒක ටිකක් ලොකු සීන් එකක්. අමෙරිකාව පැත්තේ තමයි පටන් අරන් තියෙන්න. ජෝර්ජ් වොෂින්ටන්ගේ කාලෙත් තමන්ගේ දේශපාලන මතවාදය පේන්න කට්ටිය මේ වගේ බැජ් ගැහුවාලු. ඔය හමුදාවල පොලීසියේ නිල ලාංඡන පින් එකකින් ගහනවා දැකලා ඇතිනේ. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ දහම් පාසලේ බැජ් එක ඉස්කෝලේ ශිෂ්‍ය නායක බැජ් එක, හවුස් බැජ් එහෙම. ඒවාත් මේ පින් බැජ් ගණයට තමා ඇතුළත් වෙන්නෙ. කොහොමෙන් කොහොම හරි ඔය බැජ් ගැහිල්ලට පස්සේ කාටූන් චරිත එකතු වුණා මෑත කාලයේදී. ඒක වුණෙත් අමෙරිකාවේ දී තමයි. පස්සේ මේකේ නිල ගතිය වගේම ආතල් ගතියකුත් ආවා. එහෙම තමා වැඩේ පටන් ගත්තේ. පස්සේ ලෝකම ළමයි වගේම නව යෞවන ඉන්න අය අතරේ වැඩේ පැතිරුණා. කෙල්ලෝ කොල්ලෝ කියලා මේවලට භේදයක් නෑ.

මේවගේ Tag පොඩි කෙල්ලෝ කොල්ලෝ ගහන්න හේතුව හොයලා බලමු. ඒක ඉස්සෙල්ලාම කිව්වා වගේ Fashion එකක්. අනික ඒකෙන් එයාලා ප්‍රදර්ශනය කරනවා තමන්ගේ ආසවල් කැමැති දේවල් චරිත ස්වාභාවයන්. එක එක විදිහේ ටැග් ගහන්නේ ඒ වෙනුවෙන්. අනික් අතට ගොඩක් දෙනා මේක කරන්නේ රැල්ලට. දැන් මේක එක එක Group වල තමන්ගේ අනන්‍යතාව පෙන්වන්නත් ගහනවා. උදාහරණයක් කිව්වොත් ඉස්කෝලේක IT ක්ලබ් එක, Japanese ක්ලබ් එක වගේ එක එක කණ්ඩායම් මේ වගේ ටැග් ගහගන්නවා.

ටැග් ගැන කතා කරනකොට තව දෙයක් තමා දැන් තමන්ට ඕනා ටැග් එක ප්‍රින්ට් කරගන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඒක Online වුණත් පුළුවන්. පාසල්වල අරමුදල් වෙනුවෙන් සමහර ළමයි කණ්ඩායම් මේ වගේ Tag ඩිසයිනර් කරලා විකුණනවා. පොඩ්ඩො කියන විදිහට මේක ලාභ වැඩක්. මේක High School Teenager Trend එකක් කිව්වොත් හරිටම හරි. ඒ වගේ මේක පොඩි පොඩි සීන් එකක් තියනවා. ලොකු අයියලා අක්කලා වැඩේ පටන් ගත්තාට දැන් පුංචි පැංචලා පැංචියෝත් මේකට ගොඩක් ආසයි.

ගොඩක් පාසල්වල ළමයි මේ වගේ ටැග් ගහනවා. ගුරුවරු අවුලක් දාන්නේ නෑ. නෝමල් සීන් එක් විදිහට ගණන් ගන්නේ. ඒත් අවුලක් දාන ඉස්කෝල වගේම ගුරුවරුත් අතලොස්සක් ඉන්නවා. ඒ අය නම් හිතන්නේ මේ රැලි නිසා ළමයි නරක් වෙනවා කියලා. ඒකේත් පොඩි ඇත්තක් නැත්තේමත් නෑ. ඕනවට ඕනම දෙයක් හොඳට නෑනේ. ඒ කොහොම වුණත් ඉස්සර, ෆයිල් කටු පිස්සුව, ඩේ කාඩ් පිස්සුව වගේම දෙයක් මේක. අපිට නම් මේකේ මහා ලොකු හානියක් පෙන්නේ නෑ. මේක මේ කාලෙට ආපු රැල්ලක් එච්චරයි.

 

► Text - Nisal   /   Pic – Internet