2019 ජනවාරි 12 වන සෙනසුරාදා

සුව වරුණ - 2018

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

ඔවුන් කලාවෙන් දුරස් බව අපිට මොහොතකටවත් නොහැඟුණු තරම්... කලාව හුදෙක් කලාවම මිස අන් කවරක්ද යන සිතුවිල්ල අපට ඇති කළේ ඉකුත් දිනක කෑගලු බාලිකාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැති සුව වරුණ - 2018 කලා උළෙලයි.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂක  විශේෂඥ වෛද්‍ය නන්දික වික්‍රමසිංහ ඇතුළු වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් සංවිධානය කළ සුව වරුණ - 2018 කලා මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණේ ප්‍රවීණ කලා ශිල්පී විජේරත්න වරකාගොඩයි. එමෙන්ම ප්‍රවීණ නිළි චිත්‍රා වරකාගොඩ, ප්‍රවීණ රංගන හා හඬකැවීම් ශිල්පිනී ජයනි සේනානායක, ගායක සමන් ලෙනින් සහ ගායිකා නිලක්ෂි හැලපිටිය ඇතුළු ආරාධිත අමුත්තන් කිහිපදෙනකුගේම සහභාගීත්වයෙන් පැවැති මෙම කලා උළෙලේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලි සෙසු වෘත්තිකයන්ගේ නිවේදන හැකියාවන්, ගායන, නර්තන ඇතුළු විවිධ කලා හැකියාවන් රැසක් එළිදැක්වුණා. සමන් සහ නිලක්ෂිගේ කවි හා ගී ගායනාවන්ගෙන් ද වර්ණවත් වූ මේ කලා උළෙල ප්‍රවීණ කලා ශිල්පී විජේරත්න වරකාගොඩගේ විශේෂ ඇගැයීමට හා ප්‍රශංසාවට ද ලක්වුණා. 

කෑගල්ල ප්‍රාෙද්ශිය  දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර ඇතුළු පිරිසක් විසින් නිවේදන කටයුතු මෙහෙය වූ සුව වරුණ කලා මංගල්‍ය යේ රස ඉසව් වෙනුවෙන් මෙවර අපේ Event 
of the Week පිටුව වෙන් වුණා.