2019 ජුනි 08 වන සෙනසුරාදා

සුද්ද බුද්ද කරන ගමන් වටේටම හිටවපන් සහෝ...

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 108

Y Trend ගැන එක එක කතා අපි හැමදාමත් ගෙනාවනේ. මෙදා සැරේ මේ Trending ගැන ටිකක් වෙනස් විදිහට අපි කල්පනා කරලා බලන්න අපිට හිතුණා. මා සහෝ හොඳ දේවල් පවතින්නේ ටික කාලයයි නරක  දෙවල් නම් ගොඩක් කාලයක් අල්ලලා යනවා. Y Trend වලටත් මේක අදාළයි. ඕන්න ටික සීරියස් අරගනින් අද කතාව. ආතල් කැඩුණොත් සමාවෙයන්. අද අපි පරිසරය සුරැකීම සම්බන්ධ Trending ගැන කතා කරන්නේ වෙනස් විදිහට.

සීන් එකට Enter වෙන්නෙ නම් මෑතකාලේ සීන් එකකින්ම. පහුගිය කාලේ මැච්  බලලා අපේ උන් පිට්ටනි Clean කරලා ගියා මතකද? ඒක මේ ලෝකයේ පුරා පැතිරුණු ලොකු Trend එකක ප්‍රතිඵලයක් විදිහට තමා සිද්ධවුණේ. ඔන්න FIFA World Cup එක කාලේ තමා සීන් එක පටන් ගත්තේ. අපිත් රැල්ලට සෙට් වුණා. අපේ රටේ මිනිසුන් දැන් හරි වෙනස් කියලා පොර ටෝක් දුන්නා. ආඩම්බර වුණා. සුදු පුතේ අද තත්ත්වේ මොකක්ද? එම සීන් එකක් තිබ්බාද කියලාවත් කස්ටියට මතක නෑනී. ඔන්න ඕකයි තත්ත්වේ. ICC World Cup එකේ ඕක තියනවාද? අපේ රටේ වගේම ලෝකෙත් හොඳ Trend වලට ආයුෂ අඩුයි බ්‍රෝ. කතාව දුකයි ඒත් ඇත්තයි.

හැබැයි ලෝක මට්ටමෙන් තැන් තැන්වල මේ පරිසරය ආරක්ෂා කිරීමේ කැලිකසළ ඉවත් කිරීමේ රැල්ල Develop වුණා. දැන් තියන අලුත්ම Trend එකක් තමා කැලි කසළ විසිරුණු තැනකට ගිහිල්ලා Photo එකක් ගන්නවා ඒ පසුබිම පේන්න. ඊට පස්සේ තනියම එතැන පිරිසුදු කරනවා. කසළ වෙන වෙනම බෑග්වලට දානවා. පස්සේ එතැනම ඉඳන් ආයේ Photo එකක් අරගන්නවා. පරිසරයේ ලොකු වෙනසක් වෙලා. දැන් දෙකම එකතු කරලා Social Media දානවා. සමහරැ Challenge කරනවා තව කාට හරි. මේක ලෝක වටේ ඉන්න තරුණයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙනව රැල්ලක්. හැබැයි අවාසනාවකට අපේ රටේ Youth එකේ සීන් එකට සෙට් වුණේ නෑ. මොකද අපි පොශ්නේ. කුණු භාරව ඉන්නේ නගර සභාව ප්‍රාදේශීය සභාව මොකද අපි නිකන් ඉල්ලන් කන්නේ. ඔන්න අපිට හිතෙන හැටි.

හැබයි මචෝ ඒ වුණාට අපි විල්පත්තුව සුරකින්න මහා අරගල කරන තරැණ පරම්පරාවක්. ඒත් ලංකා සිතියමේ විල්පත්තු තියෙන්නේ කොහෙද කියලා අපේ සහෝලගෙන් ගොඩක් දෙනෙක් දන්නේ නෑ. චාටර් නේ. ඒ වුණාට බුකියේ මාර අරගලේ. වදන් දෙන්නේ බොක්ක Cool වෙන්න. වන සංරක්ෂණ ගැන කතා කරන්නේ. ගෙදර වත්තේ ගස් ටික කපනවා හිටු කියලා. සතා සීපාවට ආදර කරමු කියනවා බල්ලෙක් දැක්කම අඬු කැඩෙන්න ගහන්න Try එක. මොකද මචෝ මේ Trend එක අපි වෙනස් කරන්න ඕනා බොලව්. සීරියස් කියන්නේ ආ.

 පැල සිටවන එක ලොකු Trend එකක් වෙලා තිබ්බා පහුගිය කාලේ. වැඩේ බුකියේ නැගලා ගියා. නළු නිළියෝ පැල හිටෙව්වා. මැති ඇමතිවරු පැල හිටෙව්වා. ඒත් දැන් සීන් එක මතක නෑ. අර හිටවපු පැල මැරිලාද වතුර දානවද කවුද බලන්නේ. හැමදාම ලයින් එකේ ඉන්න අයම තමා ගේමේ ඉන්නේ. අතරමග Trend එකට සෙට් වෙලා පොර ටෝක් දුන්නු අය දැන් චුත වෙලා මචෝ. මතකද අවුරුද්දට නෑගම් යනකොට පැලයක් තෑගි දෙමු කියලා ලොකු Trend එකක් තිබ්බ කාලයක්. ඒත් දැන් කවුද පැල තෑගී දෙන්නේ? ඒවා අතීතයේ මතක සටහන් විතරයි සුදා.

අපේ පැංචෝ දැකලා ඇතිනේ අපි මහ පාරේ යනකොට සමහර තැන්වල විශාල ගස් තියනවා. ඔය මාර ගස් වගේ. ගිනි කාස්ටක අව්වට එකම පිළිසරණ ඔය ගස්නේ. ඉස්සර ඔය ගස් හිටවලා තියෙන්නේ එක රැල්ලකට. නමුත් අද අපි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒත් අපි අලුතින් පාරවල් අයින්වල ගස් හිටවනවද? නෑනේ මචෝ. මොනවා හරි හේතුවක් හොයාගෙන කපන එක නම් කරනවා. පැංචොන්ට මතකද දන්නේ නෑ අවුරුදු කිහිපයකට කලින් මේ විදිහට පාරෙ  ගස් හිටවමු කියලා Trend එකක් ආවා. ලොක්කෝ ඇවිත් ගස් හිටෙව්වා. ඒත් කවුරුත් ඒවා ආරක්ෂා කළේ නෑ. ඔන්න වේලීලා මැරිලා ගියා. Trending නේ බ්‍රෝ.

ඔන්න මචෝ තව එකක්.. මතකද අපි වවමු රට නගමු. පට්ටෙට නැගලා ගියා. දැන් අස්වැන්න වැඩිවෙලා අපි රට යවනවනේ. අනේ මගේ කට. මචෝ ඒ කාලේ ගෙවල්වලට ඇට දුන්නා, පැල දුන්නා, පොහොර දුන්නා, රැල්ලට හිටෙව්වා. පට්ට Trend එකක් තිබ්බේ. පස්සෙන් පහු අපේ උන් අතහැරලා දැම්මා සීන් එක. මේවා ආණ්ඩුවලම වැරදි නෙවෙයි සුදා.. අපේ වැරදි. මේ අපි ජීවත් වෙන පරිසරය. ඒක අපි රැකගන්න ඕනා. ලංකාවේ හැම ගෙදරකම මිරිස් ගහක් වවාගන්න බැරිද? කරපිංචා ගහක් වැවෙන්නේ නැද්ද? නගරයේ කොහොම වුණත් ගමේවත් අද වවනවද? නෑ සුදා රුල්ලට කරා. පස්සේ අමතක කරා. ආයේ රැල්ලක් ආවොත් කරයි. ඒ වගේම අමතක කරයි. මෙහෙම බෑ බං ඔන්න  තද වෙනවා. Cool පුතා Cool.

දැන් මචෝ ගොඩක් ගම් ගොඩවල්වල නගරවල තියෙන ප්‍රශ්නයක් නේ වතුර බහින්නේ නැති එක. මුහුද මැද්දේ තියන දූපතක මිනිස්සු පොඩි වැස්සට යට වෙනවා. ඇල, ගංගා අඩියෙන් අඩියට, හරියට වැස්සොත් ගලනවා ඉන ගාවට. මේ සීන් එක නම් සම්පූර්ණව තමන්ට විතරක් විසඳගන්න බෑ තමා සහෝ. ඒක ඇත්ත. ඒ වුණාට පොඩ්ඩක් හිතලා බලන්න. ගේ ඉස්සරහා තියන කාණුව සුද්ද කරන එකට Trend එක කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? එක එකාට චෝදනා කරගන්න එක පට්ට මෝඩ වැඩක්. දැන් පරිසරය අපි කාගෙත් වගකීමක් කියලා තේරුම් ගන්න දැන් කාලේ හරි.

අද වෙනකොට ලෝක මට්ටමින් පරිසරය සුරැකීම හා සම්බන්ධව විශාල වශයෙන් Trend නිර්මාණය වෙලා තියනවා. අපි රටක් විදිහට ඒවලට සෙට් වෙන්නේ නෑ. Set වුණත් ටික කාලයයි. වැඩේ භාගෙට. මගදි හබක් වෙනවා. හැබැයි මචෝ මොකක් හරි තොරම්බල්, මල මොන්ගල් Trend එක් ආවොත් අපි ඒක බාරගන්නේ දොහොත් මුදුන් දීලා. ගොබ්බයිනේ සහෝ ලජ්ජයි. අපිට අපි ගැනම.

හරිය කොහොම වුණත් මගේ පැංචෝ පැංචියොන්ට රිදුණා නම් සමාවෙන්න ඕනා. අද ටිකක් සීරියස් සීන් එකක් කතා කළේ. තදට කියවුණා. තේරුම් ගනින් Plz.. මේක අපේ මහ පොළොව. ඒක රැක ගත්තොත් විතරයි අපි රැකෙන්නේ. අපි මේකේ කොටසක් විතරයි. අයිතිකාරයායෝ නෙවෙයි. මේ ගහකොළ සතා සීපාවාට ආදරය කරන මිනිස්සු ලෝකේ වගේම අපේ රටෙත් ඉන්නවා. එයාලා හදපු Trend තවත් තියනවා අපිට එකතුවෙන්න. පොඩ්ඩක් ඇස් ඇරලා බලපල්ලා ඒ ගැන. නැත්නම් හකුලාගෙන වෙන ලෝකෙට පලයල්ලා අයිතිකාරයෝ වගේ ඉන්නම ඕනා නම්. සැර වැඩිද මන්දා. ඕන් අපි ගියා ලබන සතියේ සෙට් වෙමු සුදෝ..

 

Text - Nisal   /   Pic – Internet

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30