2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

රහ නොබලපු කෙනෙක් නැති පලතුරක්!

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 663

මේක නම් කොටු කොටු දාලා ස්ක්‍රීන් එක බ්ලර් කරලා කියන්න ඕනා කතාවක්. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම තාරුණ්‍යය ගොදුරු වෙලා ඉන්න ට්‍රෙන්ඩ් එකක්. කතාව කැතයි. කියන්න ලජ්ජයි. මාතෘකාව සම්භාව්‍ය විදිහට ගලප ගන්නවානම් "තාරුණ්‍යයේ කාම රැල්ල". හැබැයි ඉතින් තේරෙන සිංහලෙන්ම කිව්වොත් බ්ලූ ගැන වැල  ගැන සීන්  තමා එක අද ස්ටෝරිය. 

වැලක් බලලා නැති කොල්ලෙක් මේ රටේ හොයා ගන්නවා කියන්නේ කළුනික හොයනවාටත් වඩා අමාරු සීන් එකක්. අපි කතාව මුල ඉඳලම කියමුකෝ. දැන් වයස අවුරුදු තිහට වඩා වැඩි කොල්ලෙක් නම් මුලින්ම වැල බලලා තියෙන්නේ ඩෙක් පීස් එකකින් නැත්නම්, පත්තරයකින්,  මැගසින් එකකින්. අවුරුදු විසි පහයි තිහයි අතර වගේ නම් මුලින්ම වැඩේට සෙට් වෙලා තියෙනේ  VCD හරි DVD හරිවලින්. විසිපහට පහළ නාඹර තාරුණ්‍යය මේ සීන් එකට ප්‍රවේශය අරන් තියෙන් ගොඩක් දුර Mobile එකෙන් නැත්නම් Lap එකෙන්. හැබැයි ඒ කොයි කවුරු  වුණත් වයස අවුරුදු දහතුන දාසය අතර  වයසෙන් තමා මේ කාතාව පටන් ගන්නේ. ඒ කියන්නේ හිරිමල් යෞවනය. 

ජෛව විද්‍යාත්මක හේතු එක්ක නවයොවුන් වයසේදී ලිංගිකත්වය පිළිබඳව කැමැත්ත ආශාව ඇතිවෙනවා. ඒක මේ අනාදිමත් කාලයක් ඉඳන් මානව පරිණාමයේදී වෙච්ච දෙයක්. හෝව්... හෝව්... අවුල් ගන්න එපා. අපි ලෑස්ති වෙන්නේ ඉතිහාසයවත් විද්‍යාවවත් උගන්වන්න නෙවෙයි. Teenager’s ලා තමන්ගේ යාළුවෝ සෙට් එක අතරින් තමා මේ ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන්නේ. පොඩිකාලේ හැංඟි හොරා කල්ලි ගැහිලා මෙව්වා බලනවා. අයේ ඉතින් ලොකු වුණා කියලත් වෙනසක් නෑ. ඒත් ඉතින් හැංඟි හොරාම තමා. හැබැයි මුල් කාලේ කල්ලි ගැහිලා බලන මේ දේවල් පස්සේ කට්ටිය තනිතනියම බලන්න හුරු වෙනවා. 

පොත් ආස්සේ සීඩී දාගෙන යාළුවෝ අතරේ මාරු කරගෙන හැංඟිහොරා ගහපු ගේම්වල ඉතිහාස කතන්දර, මාට්ටු, වෙන්න ගිය සිද්ධි ඔය කොල්ලො සෙට් වුණාම දැන් කතාවෙනවා.

ඉස්සර මේ ට්‍රෙන්ඩ් එකේ මුල් කාලේ තිබ්බා ඩබල්, ත්‍රිපල් කියලා දෙකක්. ඒත් දැන් ඔක්කොම ෆුල් නෝමල් වෙලා. දැන් ගමුකෝ හිරිමල් වයසේ කොල්ලො සෙට් එකක්. මේ සෙට් එකේ ඉන්නවා එක එක ප්‍රභේදයට අයිතිවෙන චරිත. නිල් පාට සීන් එකට අදාළව. කොම්පියුටර් එකේ හාඩ් එක පිරෙන්න මේවා ඩවුන්ලෝඩ් කරලා පුරවගෙන ඉන්න එකෙක් ඉන්නවා අනිවාර්යයෙන්. එයාගෙන් තමා අනිත් අය අවශ්‍යතාවයට අනුව මේවා අරගන්නේ. තව ඔන්ලයින් බලන එකෙක් ඉන්න පුළුවන්. නිතරම ඕවා ගැන කතා කරන ඩයල් එකකුත් ඉන්නවා අනිවාර්යයෙන්. තව බලන්නේ නෑ වගේ බලන කෙනෙකුත් ඉන්නවා. අනික් අය නෝමල් එකේ මේවා බලනවා බෙදා හදාගන්නවා. නව යෞවනය කාලේ ළපටි සුන්දර වයසේ ඔහොම වුණාට පස්සේ තනි තනියෙන් කට්ටිය වැඩ පටන් ගන්නවා. ඒ හැටි. ඉඳලා හිටලා තමා බෙදා හදාගන්නේ.

ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක්ක තියන ඕනෑම තැනක ඉඳන් නිල් පාට ලෝකෙට යන්න දැන් හැමෝටම පුළුවන්. තරුණ වයසේ කසාද බැන්දම ඕවා නැතිවෙනවා කියලා කිව්වට එහෙම්ම නෑ ඉතින්. බැඳපු අයත් හැංඟි හොරා මේ සීන් එකේ ඉන්නවා. ඔය ගොඩක් අයගේ ෆෝන් එකේ ඩේටා සුටුස් ගාලා ඉවර වීමේ එක රහසක් තමා ඕක. තව දෙයක් හැමෝම වගේ කොල්ලෝ මේවා බැලුවට එක එක්කෙනාගේ චොයිස් එක වෙනස්.

කොල්ලොන්ට සාපේක්ෂව ලංකාවේ ගෑනු ළමෝ මේ සිද්ධියේ ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඊයා හලෝ මොනවද මේ... වගේ ලෙවෙල් එකක හිටියට සමහර කෙල්ලොත් මේ ඇබ්බැහිය ඇතුළේ ඉන්නවා කියලා තොරතුරු තියනවා. ලංකාව Sex කියන වචනේ ගූගල් සර්ච් කරලා අංක එකට ආවා මතකයි නේද? ඒ මේ ට්‍රෙන්ඩ් එකේ ප්‍රතිඵලක් තමා. වැඩේ කියන්නේ සදාචාරය, සභ්‍යත්වය ගැන උදම් අනන රටම මේ ට්‍රෙන්ඩ් එක අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. ඒ වුණාට ලොකු හාවක් හූවක් මේ ගැන රටේ නෑ. මොකද වෙන වෙන දේවලට හූ කියන ගොඩක් දෙනා මේ වැඩේට හූ කියන්න බෑ. මේකෙදී ඒ අයත් නිරුවත්.

නිකන් වැල, බ්ලූ වගේ නම් මේවට ඉස්සර පාවිච්චි කරාට Porn කියන වචන තමා දැන් පාවිච්චි වෙන්නේ. USAවල මේක ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියනවා. ඒක වෙනම උප සංස්කෘතියක්. ඒ ගැන වෙනම  කතා කරන්න ඕනා. දැන් ලෝකේ චිර ප්‍රසිද්ධ පෝන් ස්ටාස්ලා පවා ඉන්නවා. දැන් අපේ රටේ කෙල්ලෝ කොල්ලෝ සමහරක් මේ නළු නිලියෝ නම්වලින් රූපෙන් හඳුනනවා. හරි සාමාන්‍යයි තාරුණ්‍යය ඇතුළේ මේ දේවල්. පොපියුලර් වෙච්ච Web සයිට් එහෙම ගොඩක් තියනවා. නිකමට බුකිය පැත්තට හැරෙමුකෝ.  එකේ එක ජාතියක පෝස්ට් ඔය නළු නිළියෝ ගැන තියනවා. අපේ රටේ Page වල. ඒවලට වැටිලා තියන Like ක් Comment  බැලුවොත් සරලවම තේරුම් ගන්න පුළුවන් මේ ට්‍රෙන්ඩ් එකේ කැපෑසිටිය.

ලංකාවේ වැල නිෂ්පාදකයන්ට වෙනව ද ඊලය ඇතිවෙන ප්‍රශ්න ඔන්න ඕක. ලංකාවේ Video විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියෙනවා. ඒවා තාරුණ්‍යය අතර සංසරණය වෙනවා. ලංකාවේ අලුත් ෆිල්ම් එකක් ආවම බලන්න කවුරුත් උනන්දු නොවුණාට අලුත් වැල Videoවක් ආවම හොයාගෙන බලන පුරුද්දක් අද තාරුණ්‍යට තියනවා. හැබැයි ඒ ගොඩක් හොරෙන් වීඩියෝ කරපුවා. නැතිනම් කෙල්ලන්ගේ ගොන්කම් නිසා ලීක් කර ගත්තු ඒවා. කොටින්ම කිව්වොත් සැලසුම් කරලා නිෂ්පාදන කරපු වීඩියෝ ලංකාවේ  ඇත්තේ ඉතාම අතලොස්සක්. හැබැයි ඉතින් මේ ට්‍රෙන්ඩ් එක ඇතුළේ දේශීය දේට ලොකු තැනක් තියනවා කියලත් කියන්නම ඕනා. 

මානව ස්වභාවයක් වෙච්ච ලිංගිකත්වය පිළිබඳව ළැදියාවට නූතන තාක්ෂණය එකතු වෙලා. ඒක පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ සීන් එකක්. ඔය Video ෂෙයා වෙන WhatsApp ගෘප් එහෙම දැන් අපේ රටේ තියනවා. මේක කොහොමටවත් අසාමාන්‍ය තත්ත්වයක් කියලා අද තාරුණ්‍යය හිතන්නේ නෑ. ඒත් රටේ බහුතරය  වැඩිහිටි පරම්පරාවට මේ ට්‍රෙන්ඩ් එක තේරුම් ගන්න බෑ. ඒ අය සංස්කෘතියට, සදාචාරයට ගරු කරනවා. තරුණ පරම්පරා සියල්ල රහසේ කරන්නේ ඒ නිසා. ඒත් කාලෙකදී මේ තරුණයෝ ලොකු මිනිස්සු වෙනවා. ආන් එදාට රටේ තත්ත්වේ කොහොම වෙයිද? හිතාගන්නකෝ.

රටේ කාම අපරාධ වැඩි වෙන්න මේ ට්‍රෙන්ඩ් එක හේතු වෙලා තියනවා කියලා දැන් දැන් කියවෙනවා. රටේ සදාචාරය බිංදුවට වැටිලා. දීර්ඝ කාලීන ඇබ්බැහි වීම මානසික රෝගයක් බවට පත්වෙලා. තව පැත්තකින් ලිංගික අධ්‍යාපනය හරි හැටි නොමැති රටක පාසල් දරුවන් මේ දේවල්වල යොමුවීම අතිශය භයානකයි. නමුත් පාලනයක්  වාරණයක් නැතිව මේ ට්‍රෙන්ඩ් එක වේගෙන් ඉස්සරහට යනවා. අද කොටු කොටු කතාව නම් අමුතුයි තමා ඒත් ඇත්තයි.

Text - Nisal   /   Pic – Internet