2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

බිරියගේ අැස් රතුකළ ෂාරුක්ගේ ලව් සීන්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 289

කෙටි කොණ්ඩයක් තියෙන සුන්දර යුවතියක් යුරොපයේ සංචාරයක් යනවා. මේ කෙල්ල ලස්සනයි වගේම ගොඩක් දඟකාරයි. එක සැරයක් දැක්කම ආපහු සැරයක් නොබලා ඉන්න හිතුණොත් තමයි පුදුම හිතෙන්නේ. මේ කියන ලස්සන රූ සපුවක් තියෙන් කෙල්ල ඉන්දියාවේ ගුජරාත් වල කෙනෙක්. මේ විනෝදයට බර දඟකාර කෙල්ලේගේ නම සෙජාල්

සෙජාල් කියන නමේ තේරුම ගලාබසින ගංඟාවක් නමේ තේරුම් වගේම තමයි මම මේ කියන්න යන කෙල්ලත්... මේ කෙල්ලට යුරෝපයේ සංචාරය. අතරතුර හමුවෙනවා... කඩවසම් කොල්ලෙක්...

එයාගේ නම හැරී... ම්ම්ම් හැරී කිව්වම මතක් වෙන්නේ සුදු ජාතිකයෙක් නේද? මොකද යුරොපයේනේ මේ කතාව සිද්ද වෙන්නේ. ඒත් මේ කොල්ලගේ පෙනුම ඉන්දියානුවෙක්ගෙ වගෙයි...ඔව් ඒක ඇත්ත...මොකද මේ හැරී ඉන්දියාවේ පංජාබ්වල කෙනෙක්.. ගයිඩ් කෙනෙක් වන හර්විංදර් සිං නේහ් රා හෙවත් හැරි... කතාවේ ඉතුරැ ටික දැනගන්න නම් ඔබට 2017 අගෝස්තු 04 වැනිදා ලොව පුරා ප‍්‍රදර්ශනය කිරීම ආරම්භ කළ ජබ් හැරී මෙට් සෙජාල් කියන අලුත්ම හින්දි චිත‍්‍රපටය නරඹන්නටම වෙනවා.

ඉන්දියාවේ සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක් මෙන්ම තමන්ගේ නිර්මාණයන්ගෙන් ඉතාම සුන්දර තේමාවන් මෙන්ම දර්ශනයන්ගෙන් චිත‍්‍රපටයෙහි අන්තර්ගතයට වඩාත් කලාත්මක භාවයක් අත්කර දීමට නම් දැරූ ඉම්තියාස් අලි තමයි ජබ් හැරි මෙට් සෙජාල් කියන අලුත්ම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ චිත‍්‍රපටයෙහි කතාව ලියලා තියෙන්නෙත් ඔහුමයි. කතාව සහ තිර රචයත් ඔහු විසින්ම සිදු කරලා තියෙනවා.
ඒ වගේම හින්දි සිනමාවෙහි කිං ඛාන් ශාරුක් ඛාන් හැරී විදියට රඟපාද්දී ඔහුට මනා සහයෝගයක් ලබාදෙන්නේ 2008 දෙසම්බර් 12දී හින්දි සිනමාවේහි රොමෑන්ස් කිං යන විරුදාවලියෙන් පිදුම් ලැබූ යාශ් චොප් රා විසින් රබ්නේ බනාදී ජෝඩී සිනමාපටයෙන් සිනමාවට හඳුන්වාදුන් සුරූපී අනුෂ්කා ශර්මායි.

මේ චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් විසිනුයි.
2012 දී තිරගතවුණු යාශ් චොප්රා අවසානයට අධ්‍යක්ෂණය කර අලෙවි වාර්තා තැබු සම්මානයන්ගෙන් පිදුම් ලැබූ ජබ් තක් හෙ ජාන් චිත‍්‍රපටයේත් අනුෂ්කා ශාරුක් සමග රඟපෑ අතර මේ ඉන්පසුව ඔවුන් දෙදෙනා ආදරවන්තයින් ලෙසින් රඟපාන චිත‍්‍රපටය ඒ නිසා මෙය ප‍්‍රදර්ශනය වනතෙක් ඔවුන් දෙදෙනාට ආදරය කරන ෆෑන්ස්ලා බලා සිටින බව සමාජ මාධ්‍යන්හි පළවන ලිපිවලින් දැකගත හැකිය.


ජබ් හැරි මෙට් සෙජාල් චිත‍්‍රපටය යුරෝපයේ ප‍්‍රාග්, ඇම්ස්ටර්ඩෑම්, වියානා, ලිස්බන් සහ බුඩපස්ට් වලදී රූගතකොට ඇත.
මේ සිනමාපටය 2017 අගෝස්තු 04 රක්ෂා බන්ධන් උත්සවය පවත්වන දින ප‍්‍රදර්ශනය කිරීම් ආරම්භ වේ.
ජබ් හැරි මෙට් සෙජාල් සිනමාපටය ප‍්‍රීතම් විසින් සංගීතවත් කොට ඇති අතර මෙහි ඇති ගීත ගායනය සඳහා සුනිධි චවුහාන්, අර්ජිත් සිං, ශල්මලි ඛොල්ගඩෙ, ශෙෆාලි සහ තවත් කිහිප දෙනෙකු සහභාගී කරවාගෙන ඇත. අර්ජිත් සිං ගායනා කරන සෆර් ගීතය යූ ටියුබ් එකෙන් හැටනව ලක්ෂ හැත්ත අට දහස් එක සීය තිස් අටක් නරඹා තියෙනවා,

මේ ගීතයෙහි රූප රාමුවෙහි අර්ජිත් ශාරුක් ප‍්‍රීතම් සහ ඉම්තියාස් විසින් සිදු කරන දේ නිසා මේ ගීතය බලන්න ගොඩාක් ආස හිතෙන එකක් බව ඔබත් එය බැලුවොතින් ඔබටත් වැටහේවී. මේ සිනමාපටය සම්මානවලට පවා පාත‍්‍රවිය හැකි සිනමාපටයක් වන බව  විචාරකයන් පවසන අතර ප්‍රදර්ශනය ඇරඹි පළමු සති අන්තයේ එය ඉන්දියානු රුපියල් කෝටි 45 ක් පමණ උපයාගෙන තිබේ. මේ සිනමාපටය සඳහා ඉන්දියාවෙහි සෙන්සර් බෝර්ඩ් එකෙන් අවසරය මුලින් ලබා දී නොතිබුණු බව ඉන්දියා මාධ්‍යවල පලවී තිබුණු අතර පසුව එය ලැබුණු බවඑම පුවත්පත්වලම සඳහන්කර තිබීම විශේෂත්වයක් විය.
මේ ෆිල්ම් එක රූගත කරද්දී අනුෂ්කා සහ ශාරුක් අතර ආදරය ඇතුළත් දර්ශනයක් රූගත කරද්දී බලා සිටින්නන්හට එය ඇත්තටම සිදුවන එකක් ලෙසින් හැඟුනු බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි. ඒ මොහොතේ ගෞරි ඛාන් ඒ දෙස දෑස් විසල් කොට ගෙන මුහුණ රතු කරගෙන බලා සිටි බවද ඔවුන් වාර්තා කොට තිබුණි.

මේ චිත‍්‍රපටය රූ ගතකරන කාලයෙහිදී අනුෂ්කා ශර්මා සහ ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාත් කෝලි මෝටර් රථයක් තුළදී සිප වැළඳ ගන්නා ඡායාරූප අන්තර්ජාලය තුළ සැරි සැරු අත‍ර විරාත් රූගත කිරීම් සිදු කරන ස්ථානයන්ටද තම පෙම්වතිය අනුෂ්කාව හමුවීමට ගොස් තිබේ.
කෙසේ වුවත් ආදරය, ෆැන්ටසි පිරුණු සිනමාපටයක් ශාරුක් ඛාන්ට සහ අනුෂ්කා ශර්මාට ආදරය කරන ඔබටහ් නැරඹීමට අවස්ථාව උදාවී ඇත.

► Text – Chandana Waravitage