2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

පින්නවලට බින්න බැහැපු අලුත් තාලෙ හාේටලේ

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 989

ඉතින්.... පමා වෙන්න වෙලාවක් නෑ... අලි දාන්ගලේ බලන්න පින්නවල ගිහින් ඒ කිට්ටුවම තියෙන LUXURY BOUTIQUE HOTEL එකකට walk 111 අපිත් එක්ක යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා මතකනෙ ඔන්න අපි කීවෙ ගිය සති අන්තෙමයි. සද්දන්ත කුලේ ඇත්තන්ගේ දාංගලේ බලලා ඒ හැන්දෑව ගත කරන්න මේ සතිඅන්තෙ අපි ඔයාව එක්ක යන්නෙ VILLA PINNAWALA AND RESTURANT LUXURY BOUTIQUE HOTEL එකට. පින්නවල අලි නවාතැනේ ඉඳලා බොහෝම කිට්ටු දුරක තමා මේ නිස්කලංක නවාතැන පිහිටලා තියෙන්නෙ. පාර පැනලා අඩි විස්සක් තිහක් යද්දී ඈතින් දිලිසෙන හරිත පැහැ වෙල්යායක් පසුබිම් කරගත් VILLA PINNAWALA AND RESTURANT හම්බවෙනවා.

ගාම්භීර පෙනුමකින් යුත් පැරුණි පන්නයේ ලී බඩු සහිත අලංකාර ලොබියකින් සමන්විත VILLA PINNAWALA AND RESTURANT ගිය අපිව හරිම සුහදව පිළිගෙන විනාඩි කිහිපයක් ගෙවෙද්දීම ලැබුණේ මිහිරි දෙහි පානයක්. ඒ අපේ කැමැත්ත අනුව. ඔයාගෙ කැමැත්ත අනුව තෝරා ගන්න පුළුවන් පළතුරු බීම කිහිපයක්ම එහි තියෙනවා. ඔයාගෙ කැමැත්ත උණුසුම් තේ කෝප්පයකටනම්, එහෙමත් නැත්නම් කෝපි කෝප්පයකටනම් VILLA PINNAWALA AND RESTURANT ඔයාගෙ CHOICE එකටම ගැලපෙන්න අවශ්‍ය දේ ඉක්මණින් ගෙනත් දෙයි. ඇත්තටම GOOD AND QUICK SERVICE එකක් ඔයාලට දෙන්න VILLA PINNAWALA AND RESTURANT STAFF හැම කෙනෙක්ම හැමවෙලේම OK.

හැන්දෑව ගෙවී යමින් තිබුණත් හිරුගේ අවසන් රුස් දහර ඒ වෙද්දීත් අහස අත්හැරලා ගිහින් තිබුණේ නෑ .ඒ ළාමක ඉර අවුවේ නෑවෙමින් ඒ වෙලාවේ අපි හිටියේ VILLA PINNAWALA AND RESTURANT නාන තටාකයේ. ඒ නාන තටාකයේ සීතල දියවරේ සැනහෙන ගමන්  ඔයාට ලස්සන ගම්මානයක  අසිරියේ ආස්වාදය උපරිමයෙන් විඳගන්නත් පුළුවන්. ඈතින් ඈතට පේන්නෙ ළා කොළ පාටින් දිලිහෙන වෙල්යායක්. සැර නැති සුළඟත් එක්ක ඒ බණ්ඩි ගොයම නැලවිල්ලේ. ඒ හුළගේ සුවය අපිටත් දැනෙනවා. කොහේ ඉඳන් එනවද කියලා හිතාගන්න බැරි තරම් කුරුලු රෑන් රෑන් දවසක් තිස්සෙ ඉගිල්ලී රිදුම් දුන් පියාපත්වල වෙහෙස නිවාගන්න කූඩු හොයන් ඉගිල්ලෙන වෙලාව.. නාන තටාකයේ ගිලීගෙන බලාගෙන ඉද්දී හරියට මේ සංකලනය පැහැසර සිත්තමක් වගේ...

දවසකට පින්නවල අලි බලන්න විදේශීය සංචාරකයන් එක්දහස් තුන්සීයක් විතර එනවා. දේශීය සංචාරකයන් දෙදහස් පන්සීයක් තුන්දාහක් අතරෙ පිරිසක් එනවා. අක්කරයක් පුරා විහිදුණු VILLA PINNAWALA AND RESTURANT මෙහෙම ඇවිත් නවතින්න එන අයට ඇත්තටම පාරදීසියක් වගේ. එහි විලාස් 16ක් තියෙනවා. GROUP ආවම, හනිමුන් COUPLES ආවම, ආබාධිත අය ආවම පුංචි පවුල් ආවම KIDS ROOM එක්ක අන්න ඒ වගේ ඒ ඒ අයට ගැලපෙන්න මෙහි විලාස් ඉදිකරලා තියෙන්නෙත් එක එක විදිහට. විශේෂයෙන්ම අරාබිකරයේ සංචාරකයන් ආවම ඔවුන්ට හරියන විදිහට PRIVATE POOL එක්ක හදපු විලාස් මෙහි තියෙනවා. BUFFET එකත් දේශීය සංචාරකයන්ට වෙනමත් විදේශීය සංචාරකයන්ට වෙනමත් විදිහට BUFFET දෙකක් තියෙනවා. ඒ BUFFET වලදී ඔයාට  නොමිලේ රස බලන්න LOCAL DISHES පහකුත් තියෙනවා.



ඒ DISHES පහ ගැන නොකිව්වොත් ලොකු අඩුවක්. අලුකෙසෙල්, කොස්, තිබ්බටු, කෙසෙල්මුව වගේ වෑංජන තමා අලුත්ම ක්‍රමවලට ඒ DISHES වල පිළියෙල වෙලා තියෙන්නෙ. VILLA PINNAWALA AND RESTURANT හි තියෙන තවත් විශේෂම දෙයක් තියෙනවා. එහි ඇති සියලුම විදුලි පංකා ආවරණ PHOTO FRAME හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නෙ පින්නවල අලීන්ට කන්න ගේන කිතුල් කොළ හා අතුවල ඉතුරුවෙන කිතුල් පටිවලින්. ඇත්තටම මේ කිතුල් පටිද කියලා හිතාගන්නත් බැරි තරම් ඒ නිර්මාණ ආකර්ෂණීයයි.

VILLA PINNAWALA AND RESTURANT අයිතිකාරයා නයන කුමාර. නයන කුමාර සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න ඉස්සර ගුරුවරයෙක්. මේ වෙද්දී ඔහු තවත් හෝටලයක හිමිකරුවෙක්. නයනගේ අනිත් හෝටලය තියෙන්නෙ දකුණු පළාතේ. ඔහොම ඉන්නකො දවසක අපි ඔයාට එහෙත් එක්ක යන්නම්. මේ වෙද්දී TRAVEL AGENCY 28ක් 29ක් විතර VILLA PINNAWALA AND RESTURANT එක්ක විශ්වාසෙන් වැඩ කරගෙන යනවා. දේශීය සංචාරකයන්ටත් වඩා විදේශීය සංචාරකයන් මෙතෙන්ට එන්නෙත් ඒ විශ්වාසය නිසා.

තව ඉතාමත් කෙටි කාලයක් ඇතුළත VILLA PINNAWALA AND RESTURANT සමඟ නයනගේ ව්‍යාපාර ජාලයට අලුත් භූමි භාගයක් එක්කම  තවත් නවාංග කිහිපයක්ම එකතු වෙනවා. මේ දවස්වල කට්ටිය හෝ ගාලා වැඩ. වායු සමනය කළ ආපන ශාලා පහක්, පීසා කන්න නියම තැනක්, අයිස් ක්‍රීම් වර්ග 20ක රසබලන්න පුළුවන් අයිස් ක්‍රීම් ෂොප් එකක්, පේස්ට්‍රි ෂොප් එකක් COFFEE SHOP එකක්, PUB එකක්, BAR එකක්, නිරන්තරව සංගීතය වැයෙන ලොකු ශාලාවක්, විශාල SWIMMING POOL එකක් ඇතුළු තවත් නවාංග රුසක් ළඟදීම VILLA PINNAWALA AND RESTURANT එක්ක එකතු වෙන බව තමා නයන අපිත් එක්ක කීවේ. ඒ වගේම විදේශීය සංචාරකයන්ට උඩරට නැටුම් පෙන්නන්න ලෑස්තියකුත් නයනගේ තියෙනවලු.
නයනගේ THEME එක සහ VISION එක තමා RELAX FOR PEPOLE කියන එක. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. ලබන ඉරිදත් walk 111 එක්ක අපි කොහේ හරි යමු.

Text -Saara / Pic- Channa Kassapa Koralearachchi