2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අහසේ ඉගිලෙන යකඩ කිරිල්ලී

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 152

කාර්ගිල් කියන්නේ ඒ වගේ යුද්ධයක්. එයින් ජයග‍්‍රහණය කළේ භාරතයයි. ඒකට දායකත්වය දුන්නු කෙල්ලෙක්ව හැඳින්වුනේ කාර්ගිල් ගර්ල් කියලයි. ඔය කියන කාර්ගිල් ගර්ල්ගේ නම ගුන්ජන් සක්සේනා. ඇය තමයි මහා දැවැන්ත කාර්ය භාරයක කාර්ගිල් යුද්ධය ජයග‍්‍රහණය කරන්න ඉටු කරන්නේ. ඒ වගේම ඇය ඒ හින්දා ශෞර්යා චක‍්‍ර සම්මානයෙනුත් පිදුම් ලබනවා. මේ ගුන්ජන් සක්සේනා කුඩා අවදියේදී දැක්කේ අනෙක් කුඩා දැරියන් වගේ බෝනික්කන් එක්ක සෙල්ලම් කරන සිහිනයක් නෙවෙයි. ඇයගේ සිහිනය වුණේ ඇය දකින ගුවන් යානයක් තමන් විසින් පදවනවා කියන එකයි. ගමේ හැමෝම ඒ වෙලාවේ ඇයගේ අදහසට  විරුද්ධ වුණා. කෙල්ලෙක් කොහොමද ප්ලේන් එකක් පදවන්නේ කියලා ඔවුන් කීවා.

කෙල්ලෙක් කොහොමද එයට සුදුසුකම් ලබන්නේ? නමුත් ඇයගේ සහායට ඇයගේ පියා ඇයත් එක්කම හිටියා. අන්න ඒ නිසා ඇය විශ්වවිද්‍යාලය අධ්‍යාපනයත් හමාර කරලා ඉන්දියාවේ ගුවන් හමුදාවට බැඳෙනවා. කතාවේ තව බොහොම සුන්දර දේවල් ගොඩාක් තියෙනවා. නමුත් මේ ගුන්ජන් සක්සේනාගේ කතාවේ ඉතුරු ටික ඔබට දැක බලාගන්න තව වැඩි දවසක් බලාගෙන ඉන්න ඕන නැහැ. 2020 අප්‍රේල් 24 වැනිදා තමයි දවස. එදාට තමයි මේ ගුන්ජන් සක්සේනාගේ ජීවිත කතාව රැගත් ගුන්ජන් සක්සේනා කියන හින්දි සිනමා පටය තිරගත වෙන්නේ. මෙන්න මේ හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශරන් ශර්මා.

මේ ගුන්ජන් සක්සේනාගේ චරිතයට පණ පොවන්නේ ඔබ දන්න ඔබ ආදරය කරන හැඩකාර කෙල්ලෙක්. ඇය මෙන්න මේ සිනමා පටයන්ගෙන් ඔබ මීට පෙර ඇයගේ දක්ෂතාවන් දැක තියෙනවා.

2018 Dhadak, 2020 Ghost Stories. 2020 Angrezi Medium, 2020 Roohi Afzana, 2020 Dostana 2

1997 මාර්තු 06 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ මුම්බායි නගරයේදී ඉපැදුනු ඇය 2018 වසරේ පටන් හින්දි සිනමාවේ නිළියක් විදියට වෘත්තියේ නියැලෙනවා. ඇය වෙනින් කිසිවෙක් නෙවෙයි, ජනප්‍රිය සිනමාපට නිෂ්පාදක බොනී කපූර්ගේ සහ දැනට ජීවතුන් අතර නැති ජනප‍්‍රිය හින්දි සිනමා නිළියක් වූ ශ්‍රීදේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර්. ඇය තමන් රංගනයෙන් දායක වුණු පළවෙනි සිනමාපටය සඳහාම හොඳම නැගී එන නිළියට හිමි සම්මානය සී සිනේ සම්මාන උළෙලේදී හිමිකර ගන්නවා. ජාන්වී කපූර්ගේ මේක දෙවැනි සිනමාපටය වෙනවා. එහි මේ වෙනකොට රූගත කිරීම් අවසන්. මේ සිනමාපටයේ විශාල පෝස්ටර් තුනක් මේ වෙනකොට නිකුත්කර තියෙනවා. ජාන්වී කපූර් සහ කරන් ජෝහර් සහ මේ සිනමාපටය හැඩකරන්න එකතුවෙලා ඉන්න නළු නිළියන් සහ සිනමා පටයේ කණ්ඩායම මේ සිනමාපටයේ පෝස්ටර් ඔවුන්ගේ ඉන්ස්ට‍්‍රග‍්‍රෑම් එකෙන්, ට්විටර් එකෙන් ශෙයාර් කරලා තියෙනවා. මේ එක පෝස්ට් එකක් ජාන්වී ඉන්නේ ගුවන් හමුදා නිළ ඇඳුමකින් සැරසිලයි. අනෙක් පෝස්ටර් එකෙ ජාන්වී ඉන්නේ සිනමාපටයේ ඇයගේ පියාව වැළඳගත්ත දර්ශනයකයි. මේ සිනමාපටයේ ජාන්වීගේ එහෙම නැත්නම් ගුන්ජන් සක්සේනාගේ පියාගේ චරිතයට පණපොවන්නේ මෙන්න මේ සිනමා පටවලින් දැක තියෙන ඔහුයි.

2004 Omkara ,2012 Gangs of Wasseypur, Fukrey (2013), Masaan (2015), Nil Battey Sannata (2016), Bareilly Ki Barfi (2017), Newton (2017), Fukrey Returns (2017) Stree (2018).

1976 සැප්තැම්බර් 05 වෙනිදා බිහාර්හි ගෝපාල්ගන්ජ්හි, බරවුලිහි බෙල්සාන්ඩ්වල තමයි ඔහු ඉපදිලා තියෙන්නේ. දිල්ලිවල ජාතික නාට්‍ය පාසලින් වැඩිදුර අධ්‍යාපනය හදාරලා තියෙන ඔහු 2004 වසරේ පටන් නළුවෙක් විදියට වෘත්තියේ නියැලෙනවා. 2004 වසරේදී ඔහු විවාහවෙන්නේ මෘදුලා ත‍්‍රිපාති එක්කයි. සිනමාපට 60ක සහ ටෙලිනාට්‍ය 60ක පමණ රංගනයෙන් දායක වෙලා තියෙන ඔහු නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් එක පවා තමන්ගේ නමට වෙන් කරගන්න සමත්කම් දැක්වූ රංගන ශිල්පියෙක්. ඔහු නමින් පන්කජ් ත‍්‍රිපාතී. ඔහු තමයි ගුන්ජන්ගේ පියාගේ චරිතයට පණ පොවන්නේ. තව මේ සිනමාපටයේ උප ප‍්‍රධාන චරිතයක් තියෙනවා. ඒ තමයි ගුන්ජන්ගේ සහෝදරයගේ චරිතය. ඒ චරිතයට පණපොවන්නේ මෙන්න මේ සිනමා පටයන්හි විවිධ චරිතයන්ට පණ පෙවූ ඔහුයි.

2004 Kaya Taran, 2011 F.A.L.T.U, 2014Ungli, 2016Pink, Dear Zindagi, 2017 Tiger Zinda Hai, 2018 Soorma, 2019 The Zoya Factor
1983 පෙබරවාරි 06 වෙනිදා ඉන්දියාවේ දිල්ලි නගරයේ උපත ලද ඔහු 2004 වසරේ පටන් වෘත්තියෙන් නළුවෙක් විදියට ක‍්‍රියා කරනවා. 2018 වසරේදී ජනප‍්‍රිය නිළියක් වන නේහා ධූපියත් එක්ක විවාහ වුණු ඔහු එක්දරු පියෙක්ද වෙනවා. ඔහු නමින් අන්ගද් බෙඩි.

ගුන්ජන් සක්සනා හින්දී සිනමාපටය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහර්, සී ස්ටුඩියෝස්, හිරු ජෝහර් සහ අපූර්වා මෙහ්තා. මේ සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ නිඛිල් මල්හෝත‍්‍රා සහ ශරන් ශර්මා. ඔය කලින් සඳහන් කළ නළු නිළියන් තුන්දෙනාට අමතරව මේ සිනමපටයේ තියෙන ප‍්‍රධාන ගණයේ චරිතයන්ට විනීත් කුමාර් සිං, මානව් විජ් යන අය පණ දෙනවා. මේ සිනමාපටයේ පසු තලය සප්ත ස්වරයෙන් හැඩකර තියෙන්නේ ජෝන් ස්ටුවර්ට් එඩුරි විසින් වන අතර මෙහි ඇති මන බඳින ගී පද හැඩ කරන්න ඒවා සප්ත ස්වරයෙන් හැඩකරන්න රචිතා අරෝරා සහ තනිෂ්ක් බාග්චී එක් වෙනවා.

2018 දෙසැම්බර් ඒ සිනමාපටය ගැන මුලින්ම ජාන්වී කපූර් විසින් සමාජ මාධ්‍යවලින් ශෙයාර් කරලා තියෙනවා. 2019 පෙබරවාරි තමයි රූගත කිරීම් ආරම්භ කරලා තියෙන්නේ. පළවෙනි පෝස්ට් එක 2019 අගෝස්තු 29 වැනිදා තමයි නිකුත් කරලා තියෙන්නේ. තව දෙයක් කියන්නම ඕන. මේ සිනමා පටයේ තුන්වෙනි පෝස්ට‍ර් එක ගැනයි ඒ. කඩදාසියකින් හදන ලද ප්ලේන් එකක් ජාන්වී කපූර් හදාගෙන එයින් සෙල්ලම් කරමින් ඉන්නවා තමයි එයින් දකින්න ලැබෙන්නේ. 

 

► Text — Chandana