2020 මාර්තු 14 වන සෙනසුරාදා

එක පොදියට නිරුවත්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 615

ඔන්න සුදෝ මෙදා පාර Y Trend එක Foreign සීන් කෝන් එකක්. මේ Trend එක අපේ සිරිලන්කන් එකේ නෑ. ඒත් ඉතින් සීන් එක කවදා හරි මෙහෙටත් ආවොත් කියලා අපි Story ය කලින්ම Line කරා. “Nudity and Protest” ඒ කියන්නේ අද Y Trend එක මචෝ නිරැවත් විරෝධතා ගැන. අප්පටසිරි කොහොම ඒක? මචෝ මේක ටිකක් ලොකු මාතෘකාවක් හරිය. අපේ රටේ ගොයියෝ නම් සීන් එක ගැන එච්චර කතා කරන්නේ නෑ. ඒ වුණත් අද ලෝකේ මේක පට්ට රැල්ලක් වෙලා තියෙන්නේ.

පැංචෝ ලෝකේ පුරා නිරුවත් විරෝධතා පැවැත්වෙන විවිධ හේතු තියෙනවා. ගොඩක් වෙලාවට සත්ත්ව හිංසන, පරිසර විනාශය, පෞද්ගලික නිදහස සීමාකරන නීති වගේ දේවලට විරුද්ධව තමා මේ විරෝධතා සංවිධානය වෙන්නේ. සීන් කෝන් එකේ ඉතිහාසය ගැනත් බලන්න ඕනෑ.

1903 දී කැනඩාවේ තමා මුල්ම නිරුවත් විරෝධතාවය වාර්තා වෙන්නේ. පස්සේ වැඩේ Trend වෙන්නේ 1960 දශකයේදී. අද වෙනකොට නිරුවත් විරෝධය දක්වන සංවිධාන සෑහෙන ප්‍රමාණයක් ලෝකය පුරා තියෙනවා.  යුරෝපා ඇමෙරිකා ඔස්ට්‍රේලියාව වගේ මහද්වීපවල මේ සීන් එක අපිට දැනගන්න පුළුවන්. ආසියාවේ නම් මේ වැඩේ සංවිධානාත්මකව කරනවා අඩුයි. ඒත් හිටපු ගමන් එක්කෙනෙක් දෙන්නෙක් තනිවම මේ ආතල් එක ගන්නවා. මොනවා වුණත් අපේ උන්ට මේවා පේන්නේ මෝඩ ජෝක් වගේ බං.

මෑතකාලීනව ලෝකය පුරා මේ සීන් කෝන් එක ව්‍යාප්ත වෙන්න මූලික හේතුවක් තමා සත්ව සම්වලින් ඇඳුම් නිර්මාණය කිරීමට එල්ල වන විරෝධතාව. ඒක පට්ට සීන් කෝන් එකක් ප්‍රෙන්තෝ. PETA (People for the Ethical Treatment of Animals) සංවිධානය විසින් “I’d Rather Go Naked than Wear Fur” ස්ලෝගනය යටතේ තමා මේ විරෝධතා රැල්ල මෙහෙයුවේ. සීන් එක ලෝකේ පුරා පට්ටෙට පැතිරුණා. වැඩේ කොච්චර දරුණු වුණා ද කියනවා නම් මචෝ ලෝකේ පුරා ජනප්‍රිය පොරවල නිරුවත් ඡායාරූපවලට පෙනී හිටියා මේ විරෝධතාවයට සහාය දක්වන්න. මේ ගැන වැඩි විස්තර Google දෙයියන්ගෙන් අහන්න මචෝ.

හරි කොහොම වුණත් නිරුවත් විරෝධතා මත ගොඩක් තියෙනවා සුන්දරා. නිරුවත් සිරුරු ලිංගික වෙළඳ භාණ්ඩක් බවට පත්වීම සභ්‍යත්වයට හානිවීම වගේ සංස්කෘතික ආගමික ප්‍රශ්නය ගොඩක් ගැන තියෙනවා. ඒ වුණත් නිරුවත් විරෝධතාවල යෙදෙන අය කියන්නේ වෙනම කතාවක්. විරෝධතාවකදී නිරුවතේ අර්ථය වන්නේ පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම. නිදහස නිරුවතින් සංකේතවත් වෙනවා. ඒ වගේම නිරුවත හරහා ලැබෙන සමාජ අවධානය ඔවුන් පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් දීනා දෙන්න අයුක්තියට හා අසමානතාවයට එරෙහිව සටන් කරන්න ලොකු හයියක්.

සාමූහික සහ තනිව කරන නිසා Naked Protest වර්ග දෙකක් තියනවා කියලා කියන්න පුළුවන් මචෝ. ඒ වගේම පූර්ව නිරුවත් සහ අඩ නිරුවත් කියලත් මේවා බෙදන්න පුළුවන්. නිරුවත් පා පැදි සවාරි එහෙම පට්ට ප්‍රසිද්ධ Trend එකක්. මේ වෙනකොට Younger Generation එක තමා මේ සීන් කෝන් එකේ ඉන්නේ. හැබැයි පුතෝ ගොඩක් රටවල මේ සීන් එක තනියම කරන්න ගියාම පොලීසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා සාමූහික Naked Protest තමා ගොඩක් Effective.
මේ Trend එක කොච්චර දරුණුද කියලා කියන්න මෑතකාලේ ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනාගත්ත සීන් දෙක තුනක් අපි මතක් කරන්නම් මචෝ. ඉරාක යුද්ධයට විරෝධය දැක්වීමට ලොකුමට නිරුවත භාවිතා වුණා. 2016 එක්සත් රාජධානියේ යුරෝපා සංගමයේ සාමාජික ඉවත් වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේදී කාන්තාවක් නිරුවත් වෙලා ලොකු කලබගෑනියක්. ඒ වගේම උගන්ඩාවේ ඉඩම් අහිමි සම්බන්ධ විරෝධයෙකදී කාන්තාවන් පළකර තිබේ. 2012 වගේම 2015 දීත් නිරුවත් අරගලයක් කළා. මීට අමතර එක සිදුවීම් සිය දහස් ගණනක් පහුගිය දශකයක් පුරා සිද්ධවෙලා තියෙනවා. විශේෂයෙන් තනි විරෝධය ගොඩක් තියෙනවා මචෝ.

ඉතින් නිරුවත් විරෝධතා කියන්න ලෝකේ පට්ට Trend එකක් සුන්දරා. ඒ ගැන තව විස්තර තියෙනවා. ලංකාවේ අපිට නම් මේ වැඩේ අනුමත කරන්න බෑ මචෝ. කොහොම වුණත් මේක අමුතු වැඩක්. අවධානය තමා ගොඩක් වෙලාවට මේ සීන් එකේ ප්‍රධානම දේ. ඉතින් සීන් කෝන් එක ගැන විස්තර හොයලා බලන්න. හැබැයි කරලා බලන්න නම් එපා මචෝ.

Text - Nisal   /  Pic – Internet