2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

චණ්ඩි තුන්දෙනයි එකම හීනයයි...

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

අද කියන්න හදන්නේ පිස්සු වැඩ ගැන කතාවක්. අපි හැමෝම ඉඳහිටලා හරි පිස්සු වැඩ කරනවනේ නේද? අද ඔබට කියන්න හදන්නේ 2019 නොවැම්බර් 22 වැනිදා තිරගතවෙන පාගල්පන්තී කියන හින්දී සිනමාපටය ගැනයි. පාගල්පන්තී කියන එකේ තේරුම වෙන්නේ පිස්සුව කියන එකයි. පාගල්පන්තී හින්දී සිනමාපටය අනීස් බස්මීගේ අධ්‍යක්ෂණයක් වන අතර එය නිෂ්පාදනය කරලා තියෙන්නේ භූෂන් කුමාර්, අභිෂේක් පතක්, ක‍්‍රිෂන් කුමාර් සහ කුමාර් මන්ගත් පතක්. අනීස් බස්මීගේ තිර රචනාවක් වන පාගල්පන්තී හින්දී සිනමාපටයේ කතාව තරුන් ආදර්ශ්ගේ. ඒ හින්දී සිනමාපටයේ වයිෆයි භායී, රාජ් කිෂෝර්, සංජනා, ජුන්කී කියන චරිතයන්ට පණ පොවන ඔබ ආදරය කරන නළු නිළියන් ගැන කියන්න පෙර ඔබට මේ සිනමාපටයේ කතාව ටිකක් කියන්නයි මේ සූදානම

මේ සුවිසල් මාලිගයක සිදුවීමක්. මෙතන තියෙන පැරැණි මේසයක් අසල රාජ් කිෂෝර්, ජුන්කී සහ චන්දු වාඩිවෙලා අත්වලින් කඩුවක් අල්ලගෙන බයෙන් ගැහි ගැහී ඉන්නේ.
රාජ් කිෂෝර් - මම හිතුවේ මේ චණ්ඩි අපි තුන්දෙනාව ආපහු ඔළුව යටට තියෙන්න කකුල්වලින් උඩ එල්ලලා ඔළු වතුරේ ඔබයි කියලයි.
ජුන්කී - මේ කට්ටිය හැම වෙලාවෙම හිතන්නේ අලුත් විදියට යාළුවා.
ඔන්න කෝට් ඇඳන් ආපහු එකෙක් අපි තුන්දෙනාට කඩුවකින් කොටන්නයි හදන්නෙ. 

තුන්දෙනාම කෑගහනවා. ඔය කතා කර කර හිටිය රාජ් කිෂෝර්, ජුන්කී සහ චන්දු විවිධ රැකියා කරන කට්ටිය. මේ තුන්දෙනාට කොයි වැඩේ කරන්න ගියත් වෙන්නේ අමුතු අමුතු වැඩ. 
මේ සුවිසල් බංගලාව පිහිටි ගෙවත්තේ සිදුවීමක්. මෙතන මේ බංගලාවේ විවිධ සේවා කටයුතු කරන පිරිස රැස්වෙලා හිටගෙන ඉන්නවා. මෙතන බොහොම සුන්දර යුවතියක් එක්ක යුරෝපීය ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. එයින් එක් අයෙක් අව් කණ්ණාඩියකුත් දමාගෙනයි ඉන්නේ. ඔහුගේ නම රාජා සහාබ්. ඔහු ගාවම ඔහුගේ මස්සිනා වයිෆයි භායී ඉන්නවා. රාජා සහාබ් කෝකි ඇඳුමින් සැරසී ඉන්න තරුණයා ගාවට ගිහින් චන්දු කියන කෙනාගෙන් මෙන්න මෙහෙම අහනවා.
රාජා - ඔයා මගේ දුවට මොකක් කියලද කතා කරන්නේ?
චන්දු - නංගී

ඒක අහලා රාජා සහාබ්ගේ මස්සිනා වයිෆයිට කේන්ති එනවා.
වයිෆයි භායී - මට මෙතන ඉඳගෙනත් දකින්න පුළුවන් චන්දුගේ බාප්පා චන්දුගේ පුංචිඅම්මට චාන්දිනී චෝක්වල සඳ පායා ඇති රැයේ සඳේ රැස්වලින් කවුද නාවන්නේ කියලා.
ජුග්නු - චන්දුට බාප්පා කෙනෙක් හරි පුංචි කෙනෙක් හරි නැහැනේ.
රාජ් - චන්දු කවදාවත් චාන්දිනී චෝක් ගිහිල්ලත් නැහැනේ. ගිහින් නැහැ නේද?
රාජ් - ජුග්නු - දැක්කනේ එයා ගිහින් නෑ කියලා ඔළුව වනලා කිව්වේ.

මේ සිනමාපටයේ ඉන්න හැමෝටම කෝටිපතියන් වෙන්නයි අවශ්‍යවෙලා තියෙන්නේ. මේ වෙලාවෙ කට්ටියම ඉන්නේ රාජා සහාබ්ගේ බංගලාවේ. කට්ටියම මෙතන බැනාඩ ගහමින් ඉද්දී රාජා සහාබ් උඩට වෙඩි තියනවා. ඒත් එක්කම ඉහළ එල්ලා තිබුණු විදුලි ලාම්පුවක් කඩාගෙන ඔහුගේ හිසට වැටෙනවා.

වයිෆයි භායී - මස්සිනා
කියලා මහ හයියෙන් කෑ ගහනවා.

මේ ඒ සිද්ධිය වෙලා දින කිහිපයකට පස්සේ නිවසක් තුළ සිදුවීමක්. මෙතන සුන්දර තරුණියක් වන සංජනා කඳුළු සලමින් ඉන්නවා. ඇය ගාවම ඉන්න ජුග්නු රාජ් දිහා බලාගෙන මෙන්න මෙහෙම කියනවා.
ජුග්නු - මෙයාගේ අහිංසක මූණ දිහා බලන්නකෝ. කොච්චර අභාග්‍යවන්ත කොච්චර අසරණ කොච්චර දුර්වල කෙනෙක්ද කියලා බලන්නකෝ. දුර්වල කෙල්ලෙක් මේ.

කතාවේ ඉතුරු ටික දැනගන්නනම් නොවැම්බර් 22 වෙනකම් පොඩ්ඩක් බලා ඉන්න වෙනවා. මොකද කතාව කියන එක දැනට නවත්තලා ඔබට දැන් මේ සිනමාපටය හැඩ කරන්න එහි චරිතයන්ට පණ පෙව්ව ඔබ ආදරය කරන ඔවුන් ගැන කියන්නයි මේ සූදානම. මුලින්ම වයිෆයි භායී ගැනයි කියන්නේ. ඔහු ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපට ගැන කිව්වම ඔබ ඔහු කවුද කියලා දන්නවා.

Hamare Tumhare (1979), Mashaal (1984), Tezaab (1988), Beta (1992), Meri Jung (1985), Yudh (1985), Karma (1986), Janbaaz (1986), Aap Ke Saath (1986), Mr. India (1987), Ghar Ho To Aisa (1990), Awaargi (1990), Benaam Badsha (1991), Virasat (1997), Taal (1999), Pukar (2000), No Entry (2005), Dil Dhadakne Do (2015)

1956 දෙසැම්බර් 24 වැනිදා ඉන්දියාවේ බොම්බේ නගරයේදී උපත ලද ඔහු 1977 ඉඳන් හින්දී සිනමාව නියෝජනය කරනවා. 2005 ඉඳන් ඔහු නිෂ්පාදකයෙක් විදියටත් වෘත්තියේ නියැලෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන 6 ක් තමන්ගේ නමට වෙන්කර ගන්න සමත් වුණු මේ නළුවා දෙවතාවක් නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් එක තමන්ගේ නමට වෙන්කර ගන්නවා. 1984 දී සුනිතා කපූර් එක්ක විවාහවෙලා තියෙන ඔහු හා ඇයගේ දරුවන් තමයි සෝනම් කපූර්, රියා කපූර් සහ හර්ෂ්වර්ධන් කපූර් කියන්නේ. දැන් ඔබ දන්නවා මේ කිව්වේ අනිල් කපූර් ගැන කියලා. ඔව් ඔබ නිවැරදියි. අනිල් කපූර් තමයි පාගල්පන්තී හින්දී සිනමාපටයේ වයිෆයි භායීගේ චරිතයට පණ දෙන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ රාජ් කිෂෝර්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු ගැන කිසිවක් කියන්න කලින් මෙන්න මේ සිනමාපට ටික සඳහන් කරන්නේ ඔබටම ඔහු කවුද කියලා අනුමාන කර ගන්න හැකිවෙන්නයි.

Jism (2003), Dhoom (2004), Zinda (2006), Water (2005, Baabul (2006), Garam Masala (2005), Taxi No. 9211 (2006), Dostana (2008), New York (2009), Force (2011), Housefull 2 (2012), Race 2 (2013), Shootout at Wadala (2013), Madras Cafe (2013), Welcome Back (2015), Dishoom (2016), Parmanu: The Story of Pokhran (2018), Satyameva Jayate (2018), Batla House (2019)

1972 දෙසැම්බර් 17 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේදී උපත ලද ඔහු දැනට ජීවත් වෙන්නෙත් ඒ ප‍්‍රදේශයේමයි. 1997 වසරේ පටන් ඔහු නළුවෙක් වගේම නිරූපණ ශිල්පියෙක් විදියටත් කටයුතු කරනවා. 2014 වසරේදී ප‍්‍රයා රන්චාල් එක්ක විවාහ වුණු ඔහු ජෝන් ඒබ‍්‍රහම්. ඔය කිව්ව දෙන්නත් එක්ක කරට කර ගැටී රංගනයේ යෙදෙන ප‍්‍රධාන නිළිය ගැනයි දැන් කියන්න හදන්නේ. ඇය මෙයට පෙරාතුව මෙන්න මේ සිනමාපටයන්ගෙන් අපිට දැකගන්න හැකිවෙලා තියෙනවා.
Pokiri (2006), Jalsa (2008), Kick (2009), Julayi (2012), Kedi (2006), Shankar’s Nanban (2012), Barfi!, Main Tera Hero (2014), Rustom (2016), Raid (2018)

1986 නොවැම්බර් 01 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ බොම්බෙවලදී ඉපදුණු ඇය 2006 වසරේ පටන් සිනමා නිළියක් විදියට වෘත්තියේ නියැලෙනවා. හින්දී විතරක් නෙවෙයි තෙළිඟු සහ දමිළ සිනමාවෙත් ඇය දැකගන්න පුළුවන්. ඇය නමින් ඉලෙයානා ඩී කෲස්. ඔව් ඇය තමයි පාගල්පන්තී හින්දී සිනමාපටයේ සංජනාගේ චරිතයට පණ පොවන්නේ. ඔය කිව්ව තුන්දෙනාට අමතරව ජුන්කීගේ චරිතය අර්ෂාද් වර්සීත්, චන්දු විදියට පුල්කිත් සම‍්‍රාට්, ජාන්වීගේ චරිතය ක‍්‍රිටී ඛර්බන්ඩාත්, කාව්‍යාගේ චරිතයට ඌර්වෂී රවුටේලා සහ රාජා සහාබ්ගේ චරිතයට සෞරභ් ශුක්ලාත් පණ පොවනවා. ධර්මා ප‍්‍රඩක්ෂන් ආයතනය බෙදාහරිනු ලබන පාගල්පන්තී හින්දී සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අන්කිත් තිවාරී, තනිෂ්ක් බාග්චී සග සචින් - ජිගර්. මේ සිනමාපටයේ රූගත කිරීම් කරලා තියෙන්නේ ලන්ඩන් නගරයේ සහ මුම්බයි නගරයේදීයි. 2019 අපේ‍්‍රල් අවසන් සතිය වෙනකම් ලන්ඩන් නගරයේ රූගත කිරීම් කරන ලද මේ සිනමාපටයේ මුම්බයි නගරයේ ත‍්‍රාසජනක ජවනිකාවක් රූගත කරන අතරතුර ජෝන් ඒබ‍්‍රහම් අනතුරකට පත්වෙලා තියෙනවා කියලා තමයි ආරංචි. 

 

► Translation — Chandana Waravitage