2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

පොරක් වෙන්න මාර චාන්ස් Instagram

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

Instagram කියන්නේ මේ කාලේ පට්ට Y Trend එකක්නෙ. සුදාලා ඒක දන්නවා එකෙන්ම. ඒ වගේම ආයේ දෙකක් නෑ අපේ පැංචෝ ගොඩාරියක් Instagram ඉන්නවා. ඔන්න ඉතින් දන්න ඉන්ස්ටග්‍රෑම් කතාවේ නොදන්න පැත්ත දැනගන්නත් එක්ක, අපි ගෙනාවා Instagram ගැන Y Trend එකක්. එහෙනම් සභාවෙන් අවසරයි.

ඔන්න 2010 ඔක්තෝබර් 06 වැනිදා  කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රේගර් කියන ඩයල් දෙක මාර වැඩක් කළා. Instagram කියන සීන් කෝන් එක එයාලා අන්තර්ජාලයට මුදාහැරියා. ඕං මේ වෙනකොට Social Media පිස්සුව  කලඑළි බැහැලා වැඩි කාලයක් නෑ... ලෝකයා අන්දමන්දවෙලා හිටියේ. ඒ කාලේ තමයි.. මේ සීන් එකත් වුණේ. අඩේ වැඩේ කියන්නේ කස්ටිය සීන් එකට පිස්සු වැටුණා සුටුස් ගාලා. මේකට හේතුනම් ගොඩයි. එක එක අය එක එක විදිහට කියනවා මචෝ... කොහොම වුණත් Facebook, Twitter වගේ සමාජ මාධ්‍යවලට වඩා මේ සීන් එක වෙනස් වෙච්ච එකනම් අනිවා හේතුවක් වෙන්න ඇති. ඒ වගේම ආතල් එක ගැනීමේ ක්‍රමවේද සරල වීමත් මේ සීන් කෝන් එක ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක් වුණා කියලා කියනවා.


Instagram කියන්නේ Photos, Video වෙනුවෙන්ම තියෙන මෙව්වා එකක්. ඒකෙ ඉන්නේ Followers ලා. ඒ වගේම Following කරන්නත් පුළුවන්. අනේ ඉතින් මේවා ආයෙ ආයේ කියන්න දෙයක් නෙවෙයිනේ. මා සුදාලා දන්නවා Insta වැඩ කරන විදිහ. වැඩ වෙන විදිහ... ආයෙත්  අහලා.. මේ ඇච්චෝ පැච්චෝ අපිට උගන්නයි... හා බොරුද? කොහොම වුණත් මචෝ Mobile Photos එක කැමරාව ආවට පස්සෙ ලෝකේ Photos කියන සීන් එක නෝමල් වෙලා ගියා. ඒ වගේම Instagram හරහා ඒක තවත් පට්ට නෝමල් වුණා. හැබැයි Mobile Photography කියන Subject එකට මේ හරහා වටිනාකමක් ලැබුණා. Selfie ගහන එකයි කන බොන එකයි Photos ගහන අතරේම Creative අදහස් තියෙන අයගේ වැඩවලින් Instagram හැඩ වුණා.
ප්‍රදේශය කාමය කියන දේ ගැන අපි Y Trend වලින් නිතර නිතර කතා කරලා තියෙනවානේ මචෝ. අද කතාවටත් ඒ සීන් එක අදාළයි. ඇත්තට Instagram කියන්නේ පුද්ගල ප්‍රතිරූප මවන තවත් එක් සමාජ මාධ්‍යයක්. ගොඩක් දෙනෙක් දෛනික ජීවිතයේ දේවල් මේ හරහා බෙදාගන්නවා. ප්‍රදර්ශනය කරනවා... සමාජ තත්ත්වය වගේම තමන්ගේ රූපය ගැන මවාපෑමක් මේ හරහා වෙනවා. ඒ වුණාට මගේ පැංචෝ කවුරුත් මේ දේවල් ගැඹුරින් හිතලා ඔන්න මම මවාපානවා කියලා කරන්න යන්නේ නෑ. ඒක සිද්ධවෙන්නේ ඉබේටම... සුදෝ ඒක මිනිස් සොබාවය. ඒ වගේම මානව ළැදියාවක්. හැබැයි අනිත් සමාජ මාධ්‍යවලට වඩා insta ඇතුළේ මේ සෙල්ලම කරන්න පහසුයි. ඒ වගේම පොරක් වෙන්න මේක ඇතුළේ මාර චාන්ස් එකක් තියෙනවා. පොර මානසිකත්වය තියෙන අයට Instagram වලින් කොරවෙන්න ගේමක් ගහගන්න පුළුවන්. හරිය..

Follower’s ලා වැඩිකර ගැනීම තමා Insta ඉන්න කාගෙත් හීනේ. Following අඩු කරගෙන Follower’s ලා වැඩිකර ගන්න පුළුවන්නම් ඒක පට්ට...  හි හී... ආත්මාර්ථකාමීනේ මචෝ. ඒත් ඒක තමා ඇත්ත. ලංකාවේ පොත්ත සුදට රතට තියෙන කෙල්ලෙක්ගේ Instagram Account එකට එබිලා බලන්න. කියන්නත් සෑඩ්... Follower’s ලා දහස් ගාණක් ඉන්නවා. ඒත් Following චුට්ටයි... එතකොට Insta එකත් ඇඹල සීන් එකක් එහෙනම්. අව් ඩඩා ඩඩ්ඩ ඩඩා. හොයලාම බලන්නකෝ. ඒවා අමතක කරමුකෝ. මේකෙ නානප්‍රකාර සීන් තියෙනවා. සමහරු Following දාලා පස්සේ අපි Follow කළාම අපිව Unfollow කරනවා. ඒවා කැත වැඩ ආ. ඒ වගේම Hot and Sexy කියන පැත්තට Instagram පොඩ්ඩක් බරයි. ඒකත් නොකියා බෑනේ පැංචියේ.

මේවා මෙහෙම වුණාට මුළු ලෝකෙම ලොකු ලොකු අය වගේම ආයතනවලත් Instagram Account තියෙනවා. ඒ වගේම නිල පිළිගැනීමක් එහෙමත් මේකට තියෙනවා මචෝ.  Hashtag ලෝකේ ලොකුවට භාවිතවෙන Social Media එකත් Instagram තමා. ඒ වගේම ලෝකේ ඡායාරෑපකරණයේ නව පිම්මක් විදිහට අද Instagram හඳුන්වනවා. කොටින්ම ලොකු මට්ටමේ සම්මාන රාශියක් එහෙමත් මේ App එකට ලැබිලා තියෙනවා. ඒ නිසා Instagram අවතක්සේරැ කරන එකත් හරි නෑ මචෝ. අද වෙනකොට ලංකාවෙත් Instagram හරහා ගොඩනැගිලා තියෙන ව්‍යාපාර ගණනාවක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මචෝ කෑම ජාති, සුවඳ විලවුන් වගේ දේවල් මේ හරහා විකිණෙනවා.

ඔන්න අන්තිමට මේ ටිකත්  කියන්න ඕන.. Instagram 2012 අප්‍රේල් 9 වැනිදා Facebook සමාගම Instagram මිල දී ගත්තා. ඊටපස්සේ  විශාල වෙනස්කම් රාශියක් සිද්ධ වුණා. අවසාන වශයෙන් මේ කියන්න යන්නේ ඔවුන් සිදුකරන්නට යන අලුත්ම වෙනස්කම  ගැනයි.  Instagram සේවාවේ නාමය වෙනස් කරන්න Facebook සමාගම තීරණය කර තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඔන්න එහෙම වුණොත්නම් මාර වැඩේ තමා වෙන්නේ. දැන් ඇත්තට මේ කතාව කියෙව්වාම ඔයාලට මොනවගේ නමක් මේකට හොඳයි කියලා ද හිතෙන්නේ මචෝ..

 

► Text - Nisal   /  Pic – Internet