2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ජොලියත් එක්කම මරුවත් එනවා!

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 115

බෲම්... බෲම්.... කියලා කනේ  වැලි ගෑවෙන ගාණට වංගුව නවලා ජියර් මාරු කරලා, අපිත් රේස් පැද්දා බ්‍රෝ. මතකද ඒ කාලේ. Night Raider කියලා හිතේ තියාගෙන පොතක් හරි පැන්සල් පෙට්ටිය හරි Strain Wheel එකට අරගෙන ඉස්කෝලේ බංකුවේ ඉඳන්ම අපි රේස් ගියානේ.

ඔන්න අපි අද එන්න හදන පොට මොකක්ද කියලා නේද සුදාලා බැලුවේ. වැඩේ Enter වෙනකොටම ළමා කාලේ සිඟිති ආතල් මතක් කළාට මේ Youth Trend එකක් බ්‍රෝ. යූව්හා... ඔන්න ගෙනාව Racing Y Trend එක. පොඩි කාලේ ඉඳන් තිබ්බ රේස් උණ හොඳ නොවී තරුණ කාලේට ආවම අපේ කොල්ලන්ට හැදෙන පිස්සුවක් මේ. සමහරැ TV එකේ රේස් බලනවා. තව අය ලංකාවේ Track වල තියෙන රේස් බලන්න යනවා. ලංකාවේ රේස් පදිනවා. මේ ඔක්කොම Racing Y Trend එක නිසා තමා ඉතින්. මේක අද ඊයේ පටන්ගත්ත දෙයක් නෙවෙයි. ඒත් පහුගිය අවුරුදු දහය පහළොව ඇතුළේ වැඩේ සෑහෙන්න නැගලා ගියා. ඒ කොහොම වුණත් සුදාලා මේ සීන් එක ලොකු පරාසයක විහිදිලා යනවා. ඔන්න අපි පුළුවන් ප්‍රමාණයක් තමා ගලපන්නේ. ඉතුරු ටික පැංචෝ පැංචියෝ හොයාගන්න ඕනෑ. ඔට්ටුයිනේ.

ඔන්න අපි Story එකට Line වෙනවා ලෝකේ  තියෙන රේස් ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න ඉතිහාසයට එබිලා බලලා. දැන් අපි අහලා තියෙනවානේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ Formula 1, Moto GB වගේ තරග ගැන. ලොකු ඉතිහාසක් වගේම විශාල ප්‍රේක්ෂකාගාරයක් මේ වගේ තරගවල තියෙනවා. ඒ වගේ මෝටර් රථ එන්න කලිනුත් ලෝකේ රේස් තිබිලා තියෙනවා. අශ්ව කරත්ත රේස් එහෙම අහලා තියෙනවානේ. ඔය අපේ රටෙත් තිබ්බේ තිරික්කල් රේස් එහෙම. ඉතින් කොයි කාලේත් තාරුණ්‍යයේ උද්වේගකර තරගයක් වෙලා තිබිලා තියෙනවා මේ Racing. ඔන්න මචෝ පහුගිය අවුරුදු පනහ ඇතුළේ යුරෝපයේ තමයි මෝටර් රථ, යතුරු පැදි තරග ජනප්‍රිය වුණේ. ඒ නිසා ලොකු රැල්ලක් රටවල ඒ වෙනුවෙන් නිර්මාණය වුණා. ඒත් අපේ රටේ නම් සීන් එක එච්චර දරුණුවට තිබ්බේ නෑ. මෑතක් වනතුරැම වාහනයක් තිබ්බේ කීයෙන් කී දෙනාටද?

ක්‍රීඩා සඟරාවලින් පත්තරවලින් තමා මේ ගැන මුලින්ම අපේ අය දැනගත්තේ. සල්ලි තියෙන ලොකු පංතියේ අය තමා සීන් එකට Interest වුණේ. ඔන්න ලංකාවේ රේස් පටන් ගත්තා දැනට දශක කිහිපයකට ඉස්සෙල්ලා. ඒවා පැද්දේ ඉතින් සුපිරි පැලැන්තියේ අය. ආකර්ෂණයක් තිබ්බට සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ අතර වැඩේ ගියේ නෑ. අපි කතා කරන Trend එක එන්නේ මචෝ දශක දෙකක් වගේ ඇතුළත. ලෝකේ රේසින් ගැන අවධානය අපිට ආවා. අපි ලෝකයට විවෘත වීම එක්ක තමා ඒක වුණේ. කොහොම හරි මෑතක Satellite රූපවාහිනී ආගමනත් එක්ක මේ Trend විශාල වුණා. ලෝකේ තියෙන රේස් ටික Live බලන්න අපේ අය පෙළඹුණා.

අද මේ Trend එකේ තත්ත්වය තමා දැන් බලන්න ඕනෑ බ්‍රෝ. අපේ කොල්ලෝ ඉන්නවා මචෝ වෙලාවට කලාවට ඔය TV එකේ International Racing Event ටික Live බලන. ඒක පිස්සුවක් වගේ. මේ තරඟ ගැන හැම විස්තරයක්ම මෙයාලා දන්නවා. ක්‍රීඩකයන්ගේ විස්තර ඉඳලා හැමදෙයක්ම. ඔන්න මේ Trend එතනින් නතර වෙන්නේ නෑ. ලංකාවේ තියෙන Racing Event බලන්නත් මෙයාලා යනවා. එහෙම බලන්න යන අය අතර International පැත්ත ගැන අවධානය නැති අයත් ඉන්නවා. ඒ වගේම මෙතැනදී යතුරුපැදිවලත් ප්‍රධාන Motocross වගේම Track Racing වගේ ප්‍රධාන අංශ තියෙනවා.

මෙම රේස් බලන්න යනවා කියන දේ වෙනම ආතල් එකක්. ඒකේ තියෙන්නේ ටිකක් පොෂ් තග ලයින් එකක්. කොල්ලෝ ගැන් තමා මේකට යන්නේ. ඒ වගේම සුපිරි කෙල්ලෝ ඒ කියන්නේ කොළඹ ආශ්‍රිතව අය මේ සීන් එකට එනවා. රේස් එකක් බලන්න එන නෝමල් ක්‍රවුඩ් එකයි මෙයාලයි අතර වෙනසක් තියෙනවා. මේ අයගේ පට්ට කැටයම් තියෙනො කිව්වොත් හරි. සමහරු තරගකරුවන්ගේ යාළුවෝ. ඒ වගේම ඒ Team වල වැඩ කරනවා එදාට. කනවා... බොනවා.... වෙනම ආතල් එකක් රේස් එකක් ඉවර වෙද්දී තියෙනවා. මචෝ මේ සීන් එකේදී ඩිලස්ලා එහෙම Use කරලා Event එක International වගේ පෙන්නන්න. තව තව අමුතු කැටයම් ගොඩක් තියෙනවා. ඒ වුණාට ලෝක මට්ටමයි අපේ මට්ටමයි අහසයි පොළොවයි වගේ. 
මේ Racing උණ තියන අය පොඩ්ඩක් හොයාගන්න ගන්න ඕනෑ නම්, ඔය හිටපු ගමන් මහපාරේ කෆීර් යනවා වගේ යන ලොකු බයික්කාරයෝ දිහා බලන්නකෝ. අන්න එයාලා මේ පිස්සුව තියෙන Trend එකේ ඉන්න අය. මේ සීන් එකේ සමාජ බලපෑම තමයි බ්‍රෝ ඔය CBR වගේ ලොකු බයික් පිස්සුව. Unregistered ලංකාවේ පදින්න තහනම් බයික් පදින්න කොල්ලෝ ආස මේ නිසා. ඒ වගේම වීල් කරන්න පාරේ වැඩදාන්න සමහරු පෙළඹෙන්නෙත් මේ සීන් එකේ අතුරු ප්‍රතිඵලයක් විදිහටම තමා. ඊට අමතරව ඔය කෙල්ලොත් ඉන්නවා මේ ලයින් එකට ආස ලොකු බයික් එකක පිටිපස්සේ වාඩිවෙලා යන්න ආස අය. කොහොම වුණත් මේ පිස්සුව තියෙන්නේ ලංකාවේ තාරුණ්‍යයේ කොටසකට විතරයි.

මේ තරගවලට සහභාගී වෙන බහුතරය දළකාරයෝ. මොකද මේ වැඩේ වියදම් අධික වැඩක්. අනුග්‍රාහකයෝ හිටියට මදි. තෑගි මුදල්වල නම් ඉතාම පොඩි වටිනාකමක් තියෙන්නේ. අනික් අතට ලංකාවේ අභ්‍යන්තරයේ තියෙන මේ තරගාවලි වලින් ජාත්‍යන්තර දක්වා ගමන් ගන්න පිරිස හරි අඩුයි. ඒ නිසා මේක උණක් කියලා කියන එක සාධාරණයි මචෝ. සල්ලි පිච්චෙන වැඩක් කියලාත් සමහරු කියනවා. ඒ වුණාට ක්‍රීඩාවක් නිසා එහෙම කියන එක නම් සාධාරණ නෑ.
අවසාන වශයෙන් කියන්න ඕනා මේ Trend එක මචෝ ප්‍රමිතිගත වෙන්න ඕනා අපේ වගේ රටකදී. නැත්නම් මේ ක්‍රීඩාවේ දක්ෂයන්ටත් අනාගතයක් නෑ. නරඹන්නන්ටත් වැඩක් නෑ. තව පැත්තකින් රටේ සමාන්‍ය පාරවල්වලදී රේස් යන ගානට මේ පිස්සුව වැඩි කරගන්න එපා. එහෙමවෙලා පහුගිය කාලේ ජීවිත විශාල ගාණක් විනාශ වුණා. ඉතින් අපිට අවසානයේ කියන්න වෙන්නේ කොයි රේස් එකත් පරිස්සමට කියලා.

 

Text - Nisal   /   Pic – Internet