2019 මාර්තු 09 වන සෙනසුරාදා

ගොන් ආතල් හෙණ ආතල් මොහොතකට කෝටියක්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 503

Sorry මා බ්‍රෝ සිස්...! මේ Y Trend එක ඔයාලට දෙන්න ටිකාක්  පරක්කු වුණා. අපේ ෆ්‍රෙන්තෝ ඔක්කොම සීන් එක දන්නවානේ. Tik Tok Videos. බුකී වාසී හැමෝගෙම දන්න, අපේ Fans ලාත් කරලා තියෙන, දැකලා තියෙන  අද ලෝකයේ Number 01 Trend එක තමා මේ. ඔයාලා ගොඩක් දේවල් මේ ගැන දන්න නිසා අපි ටික් ටොක් ගැන කතාව ටිකක් වෙනස් විදිහට Line කරන්න බැලුවේ.

අපි දන්නවානේ Tik Tok කියන්නේ App එකක්. මේකෙන් තත්පර 15ක රඟපාන්න චාන්ස් ලැබෙනවා. සින්දු කෑල්ලකට දෙබස් කෑල්ලකට දාන ඇක්ට් එකෙන් Video එකක් හැදෙනවා’ මෙහෙම හදලා දාපු Videos සෑහෙන්න Hit වෙලාත් තියනවා. Social Media ඇතුළේ ටික් ටොක් වීඩියෝ කරන එක අද වෙනකොට පට්ට පදිරි පිස්සුවක් ඈ. සමහරු මේකට ඇබ්බැහි වෙලා. ඕක තමා සරල කතාව. But සීන්කෝන් එක කියන්නේ බ්‍රෝ Tik Tok Trend එක කොහෙන් ආවාද කියලා අපේ උන් දන්නේ නෑ. රැල්ලට බලනවා... රැල්ලට කරනවා. ආයේත් අහලා ඒක අපේ හැටිනේ. It’s ok කමක් නෑ. අපි ටිකක් මේ ගැන හෙව්වා.

Tik Tok ආරම්භ වෙන්නේ චීනේ. හැබැයි මේ නමින් නෙවෙයි. ඩොයින් කියන නමින් 2016 දී. මේ ඇප් එක දින 200ක් ඇතුළත චීන්නු අතර පට්ටෙට ජනප්‍රිය වෙනවා. මිලියන සීයක් විතර වැඩේට සෙට්වෙන අතරේ බිලියනයක් විතර මේ ආතල් වීඩියෝ බලලා. කොහොම ඒක...? සීන් එක දරුණුවට නැගලා යනකොට 2017දී මේ ආතල් ඇප් එක ජාත්‍යන්තරයට හඳුන්වා දෙනවා. ඒ ටික් ටොක් කියන නමෙන්. 2018 ජනවාරි මාසේ වෙනකොට තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක නොමිලේ බාගන්න පුළුවන් ඇප්වලින් Number 01 වන්නේ Tik Tok App එක. කොහොම හරි 2018 ඔක්තෝම්බර් මාසේ වෙනකොට ටික් ටොක් ලෝකේ කොච්ච ජනප්‍රිය වුණාද කියනවා නම් අ‍ෙමරිකාවේ මිලියන 80ක් ලෝකේ වටේම මිලියන 100ක් ඇප් එක Download කරා.

සීන් එක දරුණු වෙනකොට ලෝකේ ඉන්න ජනප්‍රිය චරිත නළු නිළියෝ Tik Tok කරන්න පටන්ගත්තා. ජිමී ෆැලින්, ටෝනි හොක් වගේ අය ඒ අතර හිටියා. ටික් ටොක් සංස්කෘතියක් ලෝකේ හැදුණේ ඔය විදිහට. මේක කොච්චර දරුණු වුණාද කියනවා නම් මා පුතී, ටික් ටොක් නිසාම Hit වුණ Fashion, Song, Dancers සෑහෙන්න ලෝකේ පුරා බිහිවුණා. ඒ වගේ අපි දන්නවා ලංකාවේත් Tik Tok Starts ලා මතුවුණා. Face Book, Instagram, You tube හරහා Tik tok ආතල් බලන රසික ප්‍රමාණය මේ වෙනකොට බිලියන ගණනාවක් කියලයි කියන්නේ.

ඔන්න Y Trend වලින් අපි ටික් ටොක් ගැන ටක් ටක් ගාලා නොදන්න දේවල ගොඩක් අපි කීවා. අපේ පැංචෝ පැංචියෝ සෙට් එකම ටික් ටොක් බලනවා කියලා අපි දන්නවා. ඔන්න Tik Tok කරපු අයත් ඉන්නවා... ආ ලැජ්ජවෙන්න කාරි නෑ සුදා. අපි දැන් මේ Trend එක සීරියස් අරන්, ඒකේ තියෙන සයිකෝ සීන් එක චුට්ටක් බලමුද?

ටික් ටොක් කරන අයගේ ෆීල් එක එකක්... බලන අයගේ ෆීල් එක තව එකක්. ඒක තමා මුලින් කියන්න ඕනා. පොරක් වෙන්න හිට්වෙන්න ටික් ටොක් කරන අය ඉන්නවා. හරි හරි... පුතී ඕන Trend එකක් ඇතුළේ පොර මානසිකත්වය කියන එක, අමුතු දෙයක් නෙවෙයිනේ. ඒ වුණාට ආසාවට, රැල්ලට, අරය මෙයා කරනවාට, තමා ගොඩක්දෙනා මේක කරන්නේ. Specialty කෙල්ලෝ ඒ අතරින් ප්‍රධානයි. සාමාන්‍යයෙන් හැමෝගෙම හිතේ තියනවා රඟපෑමට පොඩි ආසාවක්. ඒකත් ටික් ටොක් හිට්වෙන්න හේතු වුණා. තව Set එක්ක ඉන්නවා කොටින්ම එයාලා මේක කරන්නේ ආතල් එකක් දෙන්න. කාව හරි හිනස්සන ආසාව තමා මේ පොරවල් සෙට් එකට තියෙන්නේ.

දැන් බලමුකෝ ටික් ටොක් බලන අයගේ Feeling මොනවාද? Meanly ආතල්. කවුරැත් කැමතියිනේ කවුරු හරි දෙන ආතල් එකක් දිහා බලාගෙන ඉන්න. ටික් ටොක් හදන අය හෙන සීරියස් මූඩ් එකේ ඇක්ටින් දැම්මට. බලන උන්ට ඒවා Joke. අනික සමහර ඒවා හෙණ ගොන්. ගොන් ආතල් බැලීමේත් පොඩි ආතල් එක්ක තියෙනවානේ. තව දෙයක් සෙක්සි කෙල්ලෝ දාන ඇක්ටින්වලට පතුරු යන්න වීව්ස් තියෙනවා. පොෂ් කෙල්ලෝ ගොඩක් දාන ඇක්ට් මෙච්චර Hit වෙනවා. තේරෙනවානේ බ්‍රෝලාට ඕවා. අනික ටික් ටොක් වීඩියෝ ඔක්කොම හරිම පොඩියි. ක්ෂණිකයි. ආතල් කෝටියයි. භාවිතය පහසුයි ඩේටා ඉතුරුයි.

අපිට දැනගන්න ලැබිලා තියන විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 75ක් විතර ආයෝජනයක් තියනවාලු Tik Tok ටික් ටික් ඇප් එකට. ඒක නම් ලෝක ප්‍රසිද්ධ Uber App එක්කටත් වඩා වැඩි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය චීන්නු ඇප් සොෆ්ට්වෙයාර් කේස්වලට එච්චර සෙට් නෑ කියලා. එයාලාගේ තියෙන්නෙ හාඩ්වෙයාර් පැත්ත. ඒත් මේ ඇප් එක චීනේටත් අලුත් ආරම්භයක් වුණා. ටික් ටොක් කරලා සල්ලි හම්බ කරන්නත් පුළුවන්. අවසානයේදී ඒක කියන්න එපැයි. අපේ උනුත් ගොඩ යන්න ඕනා... හරිය. ආදරෙයි ඈ... මෙහෙමයි තමන්ගේ You tube Channel එකක් හදලා ඒකට තමන් කරන Tik Tok Videos දාලා. චැනල් එක හිට් වෙනකොට සල්ලි හොයන්න පුළුවන් විදිහට You tube channel එක Monetize කරා නම් ගොඩ. දන්නේ නැත්නම් හොයලා බලන්නකෝ tik tok වලින් හම්බකරන අය ලෝකේ ඉන්නවා සුදෝ.

හරි අපි අද කතාව ඉවර කරන්න ඕනා. Tik tok කියන්න ආතල් Y Trend එකක්. Social Media Personality හදාගන්න මරු සීන් එකක්. විනෝදෙට විනෝදාංශයට මරු වැඩක්. හැබැයි අපි කියනවා අර පරණ කතාව අන්තිමට.... 
ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය හොඳ නෑ සුදු මහත්තයෝ!

 

► Text - Nisal   /   Pic – Internet