2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

මේ දවස්වල එයා ලොකු වතුර බෝතලයක් තියාගෙන හැම වෙලාවෙම ඒකෙන් වතුර බිබී ඉන්නවා

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 06:04 863

මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින්ම ලැබෙන නාට්‍යයක් තමා හිරු TV හි විකාශය වන  වස්සාන ප්‍රේමය. වස්සාන ප්‍රේමය කොයි තරම් නම් ජනප්‍රියද ඒ තරම්ම ආදිත්‍ය සහ අස්තා ජනප්‍රියයි. ආදිත්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තියෙන්නේ සාරංග දිසාසේකර. ඒ වගේම තමා අස්තා ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ශලනි තාරකා. දෙදෙනාම අපේ රටේ ඉන්න තාරැණ්‍යය. නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. 2017 මේ නව වසරේ මුලින්ම Hit Couple විශේෂාංගයට සම්බන්ධ කරගත්තේ ආදිත්‍ය සහ අස්තා එහෙමත් නැත්නම් සාරංග සහ ශලනි


Chat With Saranga..

මේ දවස්වල එයා ලොකු වතුර බෝතලයක් තියාගෙන හැම වෙලාවෙම ඒකෙන් වතුර බිබී ඉන්නවා 

 

1. හිතුවද වස්සාන ප්‍රේමයට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා? 
ඇත්තම කියනවානම් නාට්‍ය පටන් ගනිද්දී නම් මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැහැ. 

2. වැඩිම ප්‍රතිචාර ආදිත්‍යට ද ? අස්තාට ද? 
හ්ම්ම්... මම හිතන්නේ අස්තාට 

3. ඇයි ඒ? 
ආදිත්‍ය කියන්නේ ටිකක් රළු නිතර අඩදබර කරන අකාරැණික චරිතයක්. ඉතින් අස්තා කියන්නේ තම ස්වාමියාගේ ආදරය දිනාගන්න පවුලේ අය එක්ක ඉතා සුහදව ඉන්න චරිතයක්. ඒ නිසා මම හිතන්නේ අස්තාට ප්‍රතිචාර වැඩියි කියලා. 

4. ආදිත්‍ය චරිතය මතු වෙන්න අස්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ චරිත මේ තරම් සාර්ථක වෙන්නේ ඒ ලැබෙන සහයෝගය නිසා තමා. 

5. දර්ශන තලය තුළ විවේකයක් ලැබුණම අස්තා මොකද කරන්නේ? 
මේ දවස්වල එයා ලොකු වතුර බෝතලයක් තියාගෙන හැම වෙලාවෙම ඒකෙන් වතුර බිබී ඉන්නවා. 

6. සාරංග ශලනිව දකින්නේ කොහොමද?
ශලනි මම දකින්නේ කාලයක් තිස්සේ ක්ෂේත්‍රය තුළ ඉන්න ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්ත කෙනෙක්. පිටපතේ තියෙන යටිපෙළ අවබෝධ කරගෙන වැඩ කරන්න පුළුවන් ඉවක් තියෙන දක්ෂ කෙනෙක් විදියට. 

7.දෙන්නා මුලින්ම හමුවූ  නිර්මාණය?
මට මතක හැටියට මුලින්ම අපි හමුවුෙණ් ගඟ අද්දර ටෙලි නාට්‍ය තුළින් 

8. ශලනිගේ දකින හොඳ ගති ගුණ? 
යාළුවෙක් විදියට කෙලින් කතා කරන අවංක තව කෙනෙක්ගේ අදහස්වලට ගරැ කරන කෙනෙක්. ඒ වගේම විවෘත කෙනෙක්. 

9. ශලනිගේ වෙනස් විය යුතු කියලා හිතෙන දේවල්? 
ටිකක් විතර කේන්ති නම් ගන්නවා. ඒකත් ටිකක් අඩු වුණොත් හොඳයි. 

10. ආදිත්‍යට ප්‍රේක්ෂකයින්ට මොකක්ද කියන්න තියෙන්නේ?
අපත් සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂකයින්ට ස්තූතිවන්ත වෙනවා. තව ටික කාලයක් ඔය ආදරෙන්ම වස්සාන ප්‍රේමය සමඟ ඉන්න කියලා ආරාධනා කරනවා.

Chat With Shalani

සාරංග කාව හරි බයිට් කරනවා. එහෙම නැත්නම් විහිළු කතාවක් කියනවා. එහෙමත් නැත්නම් නිදා ගන්නවා.

1. වස්සාන ප්‍රේමයට ලැබෙන ප්‍රතිචාර? 
ප්‍රතිචාරනම් ගොඩක් හොඳයි. මොකද ෙම් නාට්‍ය අවුරැදු එකහමාරක කාලයක සිට විකාශය වෙනවා. ප්‍රේක්ෂකයින් දැන් මේ කතාව එයාලගෙම කතාවක් කරගෙන තියෙනවා. 

2. හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා? 
මෙහෙමයි පටන් ගනිද්දී නම් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ප්‍රේක්ෂක අවධානය ගන්න පුළුවන් නිර්මාණයක් කියලා නම් අපි දැනගෙන හිටියා. 

3. වැඩිම ප්‍රතිචාර ආදිත්‍යටද? අස්තාටද, 
හ්ම්ම්... ඒක එහෙම කියන්න බැහැ 

4. ඇයි ඒ? 
සමහරැ ආදිත්‍යට රඟපාන සාරංගට කැමතියි. තව සමහර අය අස්තාගේ තියෙන අහිංසකකමට කැමතියි. ඒ නිසා මට කියන්න බැහැ ආදිත්‍යටද අස්තාටද වැඩි ප්‍රතිචාර කියන එක. නමුත් මුල් කාලේ ගත්තොත් අස්තාට වැඩි ප්‍රතිචාරයක් තිබ්බා. මොකද ආදිත්‍ය මුලදී දඩබ්බර චරිතයක් නිසා. දැන් ආදිත්‍ය වෙනස් වෙලා. ඒ නිසා සමබර ප්‍රතිචාරයක් තියෙනවා. 

5. අස්තාගේ චරිතය මතු වෙන්න ආදිත්‍යගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. හැමදේම සාකච්ඡා කරලා චරිතයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ සහයෝගය නිසා. 

6. දර්ශන තලය තුළ විවේකයක් ලැබුණාම මොනවද ආදිත්‍ය කරන්නේ? 
සාරංග කියන්නේ බොහොම විනෝදකාමී චරිතයක්. විවේකයක් ලැබුණාම ගොඩක් වෙලාවට සාරංග කාව හරි බයිට් කරනවා. එහෙම නැත්නම් විහිළු කතාවක් කියනවා. එහෙමත් නැත්නම් නිදා ගන්නවා. 

7. ශලනි සාරංගව දකින්නේ කොහොමද?
මම දකින්නේ ඉතාමත් දක්ෂ, ඒ වගේම මේ කලා ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන නිහතමානී රංගන ශිල්පියෙක් විදිහට

8. සාරංගගේ දකින හොඳ ගති ගුණ? 
යාළුවෙක් විදියට ගත්තම මම දකින ඔහුගේ හොඳම ගුණාංගය තමා සාමූහිකව වැඩ කිරීමේ හැකියාව 

9. සාරංගගේ වෙනස් විය යුතුයි කියලා හිතෙන දේවල්? 
එහෙම වෙනස් විය යුතු කියන්න තරම් දෙයක් නම් නැහැ. හැබැයි එයා ඕනේ එකයි එපා එකයි හැමදේම විහිළුවට ගන්න අවස්ථා තියෙනවා. ඒ දේ පොඩ්ඩක් වෙනස් වුණොත් හොඳයි කියලත්  හිතෙනවා. හැබැයි වෙලාවකට ඒකත් හොඳයි, මොකද එයා එහෙම ඉන්නේ සරල නිහතමානී කෙනෙක් නිසානේ.

10. වස්සාන ප්‍රේමය ගැන අද ප්‍රේක්ෂකයින්ට මොකද කියන්න තියෙන්නේ?
තව පොඩි දුරයි යන්න තියෙන්නේ අස්තාටයි ආදිත්‍යටයි.  ඉතින් ඒ ටික කාලෙත් ප්‍රේක්ෂකයින්ට අපිත් එක්ක ඉන්න කියලා ‍ආරාධනා කරනවා.

Text — Anusha Ranasingha /  Pic — Sumudu Hewapathirana