2019 ජනවාරි 12 වන සෙනසුරාදා

සිඳු තෙර

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 47

ඇවිත් යන්න විතරක් එන්න
නවතින්න නොඑන වග
දන්නවා මම

අඳුරු අහු මුල්ලකට
එක පහනක් ඇති මට
අවුලන සුළඟම
නිවන වග
දන්නවා මම

ගිරි මුදුනටම නැංගත්
සඳ හරි දුරයි දෝතට
දන්නවා මම

දියවරම දිලිසෙද්දී
බොර වෙන්න වැස්සක්
වැස්සොත්
හරි බයයි මට

හුස්මක් කොහෙද
හදවතට
නුඹ නැතුව

මගේ නොවුණට
මගේමයි නුඹ
දන්නවා මම
හැර ගියත් ඔබ