2019 ජනවාරි 05 වන සෙනසුරාදා

කොළඹදි හමුවූ ලෝක වටේ කරක් ගහපු පිහිනුම් ශූර සිත්තරා

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

පහුගිය දවසක හරි අපූරු පුද්ගලයෙක් මුණගැහෙන්න මට අවස්ථාව ලැබුණා. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මට හමුවුණු ඔහු තමා, ග්‍රෙගරි බර්න්ස්. පැරාලිම්පික් මලල ක්‍රීඩකයකු ලෙස තුන් පාරක් තරග වැදුණු ග්‍රෙගරි බාසිලෝනා ඉඳන් සිඩ්නි දක්වා තරගවලදී පිහිනුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනාගෙන තියෙනවා.

කොහොම වුණත් මේ වෙද්දී ඔහු ඉතාම ප්‍රකට සිත්තරෙක්. තමන්ගේ කැන්වසයත් පින්සල් ටිකත් අරගෙන ලෝකේ හැම මහාද්වීපයකම වගේ කරක් ගහපු ග්‍රෙගරි කොළඹට ඇවිත් හිටියේ ෂැංග්‍රිලා ආරාධනයෙන් තම කලා කුසලතා කොළඹ සමඟ බෙදාගන්නයි.

ග්‍රෙගරි මීට පෙර මාලදිවයින, ජපානය වගේ වෙනත් රටවල්වල ෂැංග්‍රිලා හෝටල් සමඟත් සමීපයෙන් වැඩ කරලා තියෙනවා. කොළඹ සහ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටල්වල රැඳිලා සිටි කාලයේදී ඔහු තමන්ගේ කලා නිර්මාණ ප්‍රදර්ශනය කරන්න වගේම දේශීය ප්‍රජාව එක්ක ඒ දේවල් බෙදාහදා ගන්නත් කටයුතු කරලා තිබුණා.

අපි ගොඩක් දෙනෙක්ට හොඳ ආදර්ශයක් සපයන්න පුළුවන් ග්‍රෙගරි, කියූ වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි අපි නොහිතන තරම් පුංචි දේකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් කියන එක. 

I ධනූ
ඡායාරූප - You’re my Favorite 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00