2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

සිකුරු වැඩපෙන්වයි!

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාගේ ස්වක්ෂේත්‍ර රාශිභවනින් මිදී තමාට සම රාශිභවනක් වූ වෘශ්චික රාශියට 2019 ජනවාරි පළමුවැනිදා රාත්‍රී 8.43ට පිවිසේ. බ්‍රහස්පතිට අයත් විසා නැකතේ 4 වැනි පාදයෙන් සෙනසුරැට අයත් අනුර නැකතේ සම්පූර්ණවත් බුධට අයත් දෙට නැකතේ සම්පූර්ණවත් ගමන් කරමින් 2019 ජනවාරි 29 වැනි දින දක්වාම වෘශ්චික රාශියෙහි සිකුරු ගමන් කරනු ඇත.

2019 ජනවාරි 01 දින උදේ 9.49ට ග්‍රහමණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ තමාට සම රාශිභවනක් වූ ධනු රාශියට පිවිස කේතුට අයත් මූල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන්ද 2019 ජනවාරි 20 වැනි ඉරැ දින දක්වාම මෙලෙස බුධ ධනු රාශියෙහි ගමන් කරයි.

මෙම තත්ත්වය අප රටට කෙසේ බලපායිද යන්න සොයා බලමු.

රටේ ජාතික ආර්ථිකය ස්ථාවර කරගැනීම උදෙසා උපක්‍රම යොදවන වකවානුවක් වේ. වාතය තෙත ගතියෙන් යුක්ත වනු ඇත. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා රජය විසින් යම් යම් ක්‍රියාමාර්ග දියත් කරන කාලයක් වේ. වැඩකරන ජනයා වෙනදාට වඩා උනන්දුවෙන් තම සේවා කටයුතු සිදුකරන කාලයකි. බැංකු හා මූල්‍ය ආයතන ආශ්‍රිතව සතුරැ උපද්‍රව ක්‍රියාත්මක වෙයි. යම්කිසි උසස් ප්‍රධානියකුගේ විවාහ උත්සවයක් සිදුවනු ඇත. රජයට අයත් උසස් ප්‍රධාන තනතුරක් දරණ ලද කාන්තාවකගේ අභාවයක් වාර්තා වෙයි. ව්‍යාපාර හා අධ්‍යාපන කටයුතු පිළිබඳ නව නීති සම්පාදනය වීමක්ද සිදුවනු ඇත. රටේ ප්‍රධාන උගත් ප්‍රසිද්ධ තැනැත්තන්ගෙත් රාජ්‍ය නායකයන්ගෙත් කීර්තිනාමය හානියට පත්වන්නා වූ සිදුවීම් වාර්තා වන කාලයක්ද වේ.

ලග්නවලට බලපෑම්‍

මේෂ - ආර්ථික පාඩු

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිවනු ඇත. තමාගේ කාලාත්‍රයාට හදිසි ශරීර පීඩාද ගෙන දෙන වකවානුවකි. ආර්ථික පාඩු හිමිවන කාලයක් වේ.

වෘෂභ - පවුලේ සමගිය

තම මතයට කටයුතු කරන්නාවූත් කාලයක් වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට යහපත් ඵල වර්ධනය වන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වෙයි. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත. විශාල ගනුදෙනුවලදී පරිස්සම් විය යුතු අතර මුදල් පාඩුවක් විය හැක.

මිථුන - හවුලට හොඳයි

පවතින ප්‍රේම සම්බන්ධතාවලට බලපෑම් ඇතිවනු ඇත. තම කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිවේ. ඔබගේ කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. හවුල් කටයුතු, ව්‍යාපාරික කටයුතු ආරම්භයට යහපත් වනු ඇත.

කටක - පෙම් සබඳතා

විරුද්ධ ලිංගික ආකර්ෂණයට පාත්‍ර වේ. ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන වකවානුවක් වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඇතිවනු ඇත. කලා කටයුතුවල නිරත අයටද ශුභ ඵල ගෙන දෙයි.

සිංහ - අලුත් ඉඩමක්

ඔබට යහපත් ඵල අත්වේ. කරන කියන කටයුතු සාර්ථක බවට පත්වන අතර උරැම හිමිකම් ලබාගත හැකි කාලයක්ද වෙයි. අලුතින් ඉඩමක් නිවසක් මිලදී ගැනීමටද යහපත් කාලයක් වේ.

කන්‍යා - ලේඛනයට හොඳයි

යහපත් ඵල අත්වන අතර තම මතයට කටයුතු කරමින් කටයුතු රැසක් සාර්ථක බවට පත්කර ගැනීමේ හැකියාව අත්වෙයි. ලේඛන කටයුතුවල නිරත අයට නිර්මාණශීලී අදහස් ජනිත වනු ඇත. 

තුලා - සිත් අමනාප

අන් අයට ප්‍රිය තැතැත්තකු බවට ඔබව පත්වනු ඇත. සන්නිවේදන කටයුතුවල නිරත අයට ශුභ ඵල ගෙන දේ. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කිරීම හේතුවෙන් හිතවතුන් තමා සමඟ අමනාපකම් ඇතිකරගනු ඇත.

වෘශ්චික - ස්නායු පීඩා

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. වෙනදාට වඩා උනන්දුවෙන් යුක්තව තම කටයුතු ඉටුකරන කාලයක් වේ. ස්නායු පීඩාවක් ඇතිවිය හැක.

ධනු - කෙටි ගමන්

තම මතයට වැඩකරන කාලයක් වන නමුත් අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වෙයි. විවිධ අය තමා සමඟ මිත්‍රකම් ඇතිකරගන්නාවූත් වකවානුවක් වන අතර කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත.

මකර - ජනප්‍රිය වේ

නිතර සැහැල්ලුවෙන් ප්‍රශ්න අමතක කර කාලය ගතකරන වකවානුවක් වේ. තම හැකියාව මත අන් අය අතර ජනප්‍රිය වනු ඇත. හවුල් කටයුතුවල නිරත අයට ශුභවනු ඇත.

කුම්භ - උදව් උපකාර

ඔබගේ දියුණුවට බාධා මතුවන අතර අලුතින් ඉඩමක් මිලදී ගැනීමට ශුභ කාලයකි. තම හිතමිතුරන්ගෙන් උදව් උපකාර තමාට අත්වන කාලයක් වේ

මීන - පින්කම්වලට

තම මතයට අනුව ක්‍රියාකරන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යයි. කෙටි ගමන් අධික වන අතර පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් දැඩි ලෙස වෙහෙස වන්නාවූත් වකවානුවක් වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00