2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

පොප් අප් සේල් එකේ කෑම කුටිය 3x3 GRANOLA

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

ක්‍රිස්මස් පොප්අප් සේල්ස් කියන්නේ මම හැමදාමත් යන්න එන්න ආසා කරන තැනක්. මෙදා නත්තලේදී මට KIKU Colombo වල තිබුණු පොප්අප් සේල් එකකට ගොඩවදින්න අවස්ථාව ලැබුණා.

එතැනදි මම මුලින්ම ගියේ 3x3 GRANOLA ආහාර වෙළෙඳ කුටියටයි. ඒක පවුලේ ව්‍යාපාරයක්. හරිම සෞඛ්‍ය හිතකර විදිහට හදන ග්‍රැනෝලා එයාලා ගාව තිබුණා. පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය යොදාගෙන හදන මේ ග්‍රැනෝලාවල තත්ත්වය ගොඩක් හොඳයි. 

ඊට පස්සේ මට මුණගැහුණේ bread.lk පිටිපස්සේ හිටපු කරීන්වයි. සැන්ටා වගේ පෙනුමක් තිබුණු කරීන් ඉස්තරම් වර්ගයේ බේකරි නිෂ්පාදන පිරිනමන කෙනෙක්. සතියට දවස් තුනක් විතර ඔහු තමන්ගේ බේකරි නිෂ්පාදන කොළඹ 2 සිට 7 දක්වා ප්‍රදේශවලට ගෙනිහින් දෙනවා. කරීන් මට රස බලන්න දීපු චොක්ලට් පාන් එකේ තිබුණේ පුදුම රසක් කියලත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ.

ඊළඟට මට හම්බවුණේ SATVRN කියලා ආභරණ කුටියක්. ආභරණ කිව්වට මෙතැන ආභරණ ටිකක් වෙනස්. තාරා තමයි මේ ආභරණ සන්නාමයේ හිමිකාරිනිය. ආභරණ සැලසුම් උපාධිධාරිනියකුත් වන තාරා තමන්ගේ ආභරණ ව්‍යාපාරයට ආභාසය අරගෙන තියෙන්නේ පුරාණ ඉන්දීය වේද ශාස්ත්‍ර, දේව කතා ආදියෙනුයි. ඒ නිසාම  SATVRN  ආභරණවල වෙන කොහේවත් නැති විශේෂත්වයක් දකින්න පුළුවන්. 

ධනූ
ඡායාරූප - You’re my favorite

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00