2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 206

වර්ෂ 1917 ඔක්තෝබර් සිදුවූ රුසියානු විප්ලවය ලෝකයට සමාජවාදී රාජ්‍යයක් රැගෙන ඒමට සමත් වූ අවස්ථාවක් සටහන් කරයි. ඒ ලෝක බලවතෙක් බවට පත්වූ සෝවියට් සමාජවාදී ජනරජයයි. වී.අයි. ලෙනින් නායකත්වය දුන් ඔක්තෝබර් විප්ලවය පිළිබඳ පුළුල් හැදෑරීමක් කර චයිනා මීවිල් ලියූ කෘතියේ සිංහල පරිවර්තනය පසුගියදා සුසර ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. මෙහි පරිවර්තකයා උපාලි රත්නායකයි.

සැබෑ ලෙනින් ගැන වටහාගැනීමට චයිනා මීවිල්ගේ පොත මඟ විවර කරනු ඇත. ලෙනින් යනු විප්ලවීය දේශපාලන පක්ෂයකට නායකත්වය දුන් අසාමාන්‍ය ධෛර්යයක් සහ තමා විශ්වාස කරන මතය වෙනුවෙන් හුදෙකලාව වුවද අරගල කරන නායකයකු බවට පහදාදීමට චයිනා මීවිල් සමත් වී ඇත. එහෙත් ලෙනින්ට වැරදුණු තැන්ද ඔහු ඉදිරිපත් කරයි.

මෙම කෘතිය ලියා ඇත්තේ ශාස්ත්‍රීය ලෙස නොව පොදු පාඨකයා උදෙසාය. ඔහු කෘතිය ආරම්භ කරන ආකර්ෂනීය ස්වරෑපයෙන්ම ඒ බව පෙනේ.

“දැඩි සුළඟින් ඇලලී ගිය දූපතක නැගීසිටින මිනිසෙක් අහස දෙස නෙත් යොමාගත් වනම සිටී. සවිමත්ව වැඩුණු ඉතා උස් සිරැරක් සහිත ඔහු ඇඳ සිටි කදිම ඇඳුම් මැයි මාසයේ හමන තද සුළං ප්‍රවාහයන් ඔහුගේ සිරැරේ එතෙයි. (28 පිට)

පොත පිළිබඳව සඳහන් කරන කතුවර චයිනා මීවිල් “මේ පොත පරිපූර්ණ විද්වත් හෝ සුවිශේෂ ග්‍රන්ථයක් ලෙස හුවාදැක්වීමේ උත්සාහයක් මා තුළ නැත. මේ පොත වනාහි විස්මයජනක කතාවක් පිළිබඳව කුහුලක් සහිත වූද විප්ලවයේ රිද්මයට අනුගත වීමට රුචියක් දක්වන්නා වූ ද අය සඳහා ලියන ලද කෙටි හැඳින්වීමක් ලෙස දැක්වීම වඩාත් උචිතය. මන්දයත් මා මේ වෘතාන්තය කියන්නට උත්සාහ දරා ඇත්තේම කතාන්දරයක් ලෙසින් වන බැවිනි.

1917 පූර්ව ඉතිහාසය, පෙබරවාරී සතුට, කඳුළු, එතෙක් දුරට, අප්‍රේල් : නාස්තිකාරයා, මැයි : සහයෝගීතාව, ජුනි : බිඳ වැටීමේ මුවදොරක් අසල, ආදී වශයෙන් පර්ච්ඡේද ගණනාවක් ඔස්සේ විප්ලවයට පෙර සමය ගැන පාඨකයාට අවබෝධයක් ලබාදෙයි. මෙහි විප්ලවය පිළිබඳව ඇත්තේ රතු ඔක්තෝබරය නම් 10 වැනි පර්ච්ඡේදයේය. ඊට පසු ඔක්තෝබරයත් පසු නම් කොටස තුළින් විප්ලවයේ දුර්වලතා ආදිය ගැන විමර්ශනයක් කරයි.

පාඨකයාට ඔක්තෝබර් විප්ලවය ගැන සමබර අවබෝධයක් ලබාදෙන කෘතියක් වශයෙන් මෙම පොත සැලකීමට පුළුවන.

පාඨක