2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

Fat Guy BBQ කියන්නේ අලුත්ම වැඩක්!

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 08:09 210

නත්තල් සමයේ උදාවත් එක්ක බාබකිව් කියන්නේ ගොඩක් දෙනෙක් ආසා කරන දෙයක්. ඒ හින්දම තමයි Fat Guy BBQ නමින් අලුත් වැඩක් පටන් අරගෙන තියෙන්නෙ. සුචේත විජේනායකගේ Fat Guy BBQ එකෙන් කරන්නේ, හැම්, බේකන්, පෝක්, රෝස්ට් වගේ විවිධ බාබකිව් කරපු මස් වර්ග ලබාදෙන එකයි. මෙතැන තියෙන විශේෂත්වය තමයි මේවා ස්මෝක් කරලා, එහෙමත් නැත්නම් දුම් ගසලා බාබකිව් කිරීම. ඒ කියන්නේ හරිම විදිහට බාබකිව් කරපු හැම්, බේකන් මෙතැනින් ගන්න පුළුවන්. 

කාලයක් එක්සත් ජනපදයේ හිටපු සුචේත එහිදී තමයි බාබකිව් ගැන හොඳට ඉගෙන ගෙන තියෙන්නේ. ලංකාවට ආවට පස්සේ හොඳ බාබකිව් කරන තැනක් හෙව්වත් හම්බ නොවුණු නිසා සුචේතම ඒ වැඩේට මුල පුරලා.

මෙතැන හැම් බේකන් හැදීමත් වෙනම කලාවක්. උදාහරණයකට හැම් පෙත්තක් හදාගන්න පියවර කිහිපයක්ම තියෙනවා. මුලින්ම කළ යුත්තේ හැම් පෙති ටික කපාගෙන ඒවා ලුණු වතුර භාජනයක බස්සවන එකයි. ඒ විදිහට සතියක් මේ හැම් පෙති ටික ලුණු වතුරේ තියෙන්න ඕන. සතියකට පස්සේ ඒවා එළියට අරන් බාබකිව් උදුනේ දාලා දුම් ගසමින් පැය හයත් දොළහත් අතර වේලාවක් පිස ගන්න ඕන. ඊටපස්සේ තුනී මාමලේඩ් තීරුවක් හැම් පෙත්ත උඩින් අලේප කරනවා. මේ විදිහට ලුණු රසත් යාන්තම් දැනෙන පැණි රසකුත් හැම් පෙත්තකින් ලබාගන්න පුළුවන්. 

පෝක්වලින් හදන ක්‍රිස්මස් රෝස්ට් කියන්නෙත් සුචේත බොහොම රසට හදන බාබකිව් එකක්. ඒකට ලූනු කැරමල් කරලා, රට ඉඳි සහ කුළුබඩු වර්ගත් යහමින් දාලා තියෙන මේ රෝස්ට් එකත් හොඳ තේරීමක්. නමුත් කැමති නම්, ලූනු කැරමල්, රට ඉඳි වෙනුවට ඇපල්, දොඩම් වගේ දෙයක් යොදාගන්නත් පුළුවන්. කොහොම වෙතත් මෙතැනින් බාබකිව් ඇණවුම් කරනවා නම් ටිකක් කල්තියා දැනුම් දෙන්නත් සිද්ධ වෙනවා.

- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
- ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00