2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

මැතිසබය සන්සුන් වෙයි

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

මේ දෙසැම්බර් 07 වන කිවි දින බුධ ග්‍රහයා ගුරුට අයත් විසා නැකතේ 4 වන පාදයේ වෘෂ්චික රාශියෙහි ගමන් කරමින් සිටියදී වක්‍ර ගමනින් මිදෙයි. නැවත සුදුරැදු ලෙස ගමන් කරමින් 2019 ජනවාරි 1 වන කුජ දින උදේ 9.49 දක්වා සෙනසුරුට අයත් අනුර නැකතේ සම්පූර්ණවත් බුධට අයත් දෙට නැකතේ සම්පූර්ණවත් ගමන් කරනු ඇත. මෙම තත්ත්වය පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී වෙළෙඳ ව්‍යාපාර හා කර්මාන්ත කේෂ්ත්‍රයේ දියුණුව ඇති වන බව කිවයුතුයි. පාර්ලිමේන්තුව තුළ මෙතෙක් පැවැති අර්බුදකාරී ස්වභාවයන්ට විසඳීමක් ඇතිවනු ඇත. සියලු ගැටලුවලට විසඳුම් ලැබී රට තුළ යම් ලෙසක සාමකාමී වාතාවරණයක් උද්ගත වෙන අතර පක්ෂ අතර මෙතෙක් පැවැති නොගැලපීම් සමතුලිතතාවයක් ඇතිවී යළිත් නිහඬ බවකට අවතීරණයවේ. එසේම සමහර රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ වංචා මහජනයාට අනාවරණය වන අතර දූෂිතයන් කොටුකර ගැනීමට ද අවස්ථාව ලැබේ. රාජ්‍ය නායකයන් විදේශ සංචාරවල යොමුවන අතර ජාත්‍යන්තරව ඇතිවූ අයහපත් තත්ත්වයද සමනය වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

මීළඟට ඔබට

මේෂ - බාධා මඟහැරේ

ඔබගේ කටයුතුවලට පැවතියාවූ යම් බාධා තත්ත්වයන් මඟහැරී යන අතර හවුල්කරැවන්ගෙන් හා හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. ලේඛන කටයුතුවල යෙදී සිටින අයට ශුභ ඵල ගෙනදෙන වකවානුවකි.

වෘෂභ - ගැටලු ලෙහේ

ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින අයට ලාබ අත්වන අතර පවුල් දිවියේ පැවති ගැටලු මතභේද දුරුවී යනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඇති වනු ඇත. සේවා ස්ථානයෙහි පැවති ගැටලු මඟහැරී යනු ඇත.

මිථුන - රෝග පීඩා

ඔබගේ නෑදෑයකුගෙන් ඔබට ප්‍රශ්නයක් මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබගේ යම් යම් කටයුතුවලට පැවතියා වූ බාධා මඟහැරී යන අතර වෛරස් රෝග පීඩාවකින් පීඩා මතුවිය හැකි බැවින් පරිස්සම් වන්න.

කටක - උදව් උපකාර

ප්‍රේම සම්බන්ධතාවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල හිමිවේ. හිත මිතුරන්ගෙන් තමාට උදව් උපකාර හිමිවනු ඇත.

සිංහ - පවුලේ සමගිය

ඔබට යහපත් ඵල අත්වන අතර තම මතයට අනුව කටයුතු කිරීම නිසා විවිධ ජයග්‍රහණ ලබාගනු ඇත. පවුල් දිවියේද සමගිය වර්ධනය වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ද ලාබ වර්ධනය වනු ඇත.

කන්‍යා - අධ්‍යාපනයට යහපත්

ඔබට ද ශුභ ඵල අත්වන අතර සාහිත්‍ය කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වේ. සේවා ස්ථානයෙහි පැවති ගැටලු මඟහැරී යනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල ගෙනදෙයි.

තුලා - හදිසි ලැබීම්

පවුල් දිවියේ පැවති ප්‍රශ්න මඟහැරී යන අතර තම දේපළ රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවක් වනු ඇත. තම කටයුතුවලට පැවති බාධා මඟහැරී යන අතර හදිසි ලැබීමක් ඇති වන වකවානුවකි.

වෘශ්චික - හදිසි පීඩා

ඔබට හදිසි ශරීර පීඩා මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළයුතු වකවානුවක් වේ. අලුතෙන් දේපලක් මිලදී ගැනීමට යහපත් කාලයක් වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත.

ධනු - මාරු වීම්

තම සේවා ස්ථානයෙන් මාරුවක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. කලා සාහිත්‍ය හා ලේඛන කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වනු ඇත. වෛරස් රෝග පීඩා ඇති වියහැකි බැවින් ප්‍රවේසම් වන්න.

මකර - ආර්ථික වාසි

දේශපාලන කටයුතුවල යෙදෙන අයට යහපත්ය. හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර ආර්ථික වාසි ද අත්වේ.

කුම්භ - තරඟ ජය

සේවා ස්ථානයෙහි පැවති ප්‍රශ්න මඟහැරී යන අතර තරඟ ජයග්‍රහණ අත්වෙයි. උසස්වීමක් අපේක්ෂා කළ අයකු නම් බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකිවේ.

මීන - ලේඛනයට හොඳයි

ඔබට යහපත් ඵල අත්වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ද ශුභ ඵල ඇතිවනු ඇත. ලේඛන කටයුතුවලදී නිර්මාණශීලී අදහස් බිහිවනු ඇත. අලුත් දේපලක් මිලදී ගැනීමටද ශුභ වකවානුවක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල