2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඔබේ කසාදෙ කෙරෙන්නෙ කොහොමද?

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 616

සමාජයේ සමහරු ආදරය කර විවාහ වෙති. ඇතැම්හු යෝජිත විහායකින් යුග දිවියට සැපත් වෙති. යෝජිත විවාහය දෙමාපිය වැඩිහිටියන්ගේ අනුදැනුම සම මඟපෙන්වීම මත සිදුවිය හැකි අතර ආදරය නිසා සිදුවන විවාහය දෙමාපියන්ගේ විරෝධය මත ද සිදුවිය හැකිය. මේ දෙආකාරයටම විවාහ වන අයගේ විවාහ ජීවිත සාර්ථක වීමට හෝ ‍නොවීමට හේතු වේ. ඒ සඳහා විවිධ කරුණු බලපානවා ඇත.

කෙනකුගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ විවාහය කුමන ආකාරයකින් සිදුවේද යන්න පැහැදිළිව දැනගත හැකිවේ.

කේන්ද්‍රයක පස්වැන්න ආදරය ආලය නියෝජනය කරන ස්ථානය වෙයි. එකොලොස්වැනි භාවය මිත්‍රත්වය හා මිත්‍ර ඇසුර නියෝජනය කෙරේ. ග්‍රහයන් අතරින් සිකුරැ ප්‍රේමය ආදරය නියෝජනය කරන අතර සිත සහ සිතුවිලි ස්වභාවය ප්‍රකාශ වන්නේ සඳුගෙන්ය. මේ නිසා තරුණියන් පෙම් සබඳතාවලට යොමුවන කේන්ද්‍රයට අදාළ ස්ථානය වනුයේ සඳු සහ සිකුරුය.

පස්වැන්න පාපීව පීඩාවට පත් වූ විට පෙම් සබඳතා බිඳ වැටෙනා හේතු ද යෙදිය හැකිය. සඳු සිකුරැ යෝග වී එකොළොස් වැන්නේ සිටි විට පෙම් සබඳතා ගොඩ නංවා ගනී. ගුරැගේ දෘෂ්ටියට මෙම යෝගය අසු වුවහොත් උගත් ධනවත් අයකු තම පෙම්වතා හෝ පෙම්වතිය වෙයි. හත්වැන්න අධිපති වූ විට, බලවත්ව හත්වැන්නේ සුබ තැන්වල පිහිටි විට පෙම් සබඳතා නිසාම යුග දිවියට පිවිසෙනවා ඇත.

පස්වැන්නේ අධිපතියා හත්වැන්නාධිපති සමඟ යෝග වීම, පුර සඳුගේ දෘෂ්ටියට ලක්වීම, පෙම් බැඳුම් වර්ධනය කර යහපත් ප්‍රතිඵල ලබා දේ. මේ අය විවාහ වන්නේ ආදරය තුළින්මයි. පස්වැන්නාධිපති හෝ සඳු සිකුරු යෝග බලයෙන් සිටියදී රාහු, අඟහරු වැනි පාපීන් සමඟ එක් වූ විට හෝ එම දෘෂ්ටි සහිත වූ විට පෙම් සබඳතාවලට බාධක ගෙන දේ.

ඔබගේ හත අධිපතියා සිවුවැන්නට ගමන් කරයිද සිවුවැන්න අධිපතියා එකොළොස්වැන්නට ගොස් පදිංචි වී යයිද එය ඉතාම භාග්‍යවන්ත සුබ පිහිටීමක් වේ. ආත්ම ගණනාවක් පෙරුම් පිරූ එවැනි අයගේ විවාහ සාර්ථක වනු ඇත. තම පෙම්වතා හෝ පෙම්වතා බොහෝ විට අතරමඟදි හමුවේ. බස් රියකදී, උද්‍යානයකදී හෝ යන එන විට හමුවනු ඇත. මංගල උත්සවයකදීද  මෙලෙස හමුවිය හැකිය. හත්වැන්න අධිපතියා සිව්වැන්නේ හිමිකාරයා වෙයි නම් එය ද පෙර ආත්ම භවයකදී සිට පෙරුම්පුරා ආ හමුවීමක් විය හැකිය. එය කිසිදු බලවේගයකට වෙනස් කළ නොහැකිය. අධිපතියාගේ පැවැත්ම අනුව ස්ථිර ආලයෙන් බැඳී එකටම වෙති. හත්වැන්න අධිපති පස්වැන්නේ සිටින විට ද විරුද්ධ නොවී පෙම් සබඳතා පවත්වා ගෙන ගොස් විවාහයෙන් කෙළවර කරගන්නවා ඇත. දහය, එකොලහ යන ස්ථානවල ගුරු සිටීම ද ප්‍රේමය ජය ගන්නා විවාහවල පෙර නිමිතිය.

විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00