2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

කළු ගඟ-දුම්බර මායිමේ කටුමැටි ගැසූ සුපිරි නවාතැන Wijeya Resort

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 217

කොළඹ සිට කිලෝමීටර 60ක් ගිය තැන සුන්දර කළු ගඟටත්, දුම්බර කඳුවැටියටත් මායිම්ව කිරිඇල්ල පිහිටි විඩා නිවන අපූරු පරිසරයක පිහිටි නවාතැන් පොළකි විජය රි‍සෝට් නවාතැන. ගාම්භීරත්වයෙන් පරිපූර්ණ කන්ද උඩරට මහනුවර තිබෙන කාලගුණික දේශගුණික තත්ත්වයන්ට සමාන දේශගුණික වටපිටාවකින් හෙබි විජය රිසෝට් හි පරිසර හිතකාමී කටුමැටි ගැසූ කාමර ද ඇතුළුව සුවපහසු කාමර 30 කි. ස්වාභාවික පිහිනුම් තටාක 12 ක් ඇතුළු තවත් නාන තටාක 3 කි. එහි කාන්තාවන්ට වෙන්වූ වෙනම තටාක ද සහිතය. කළුගඟේ බෝට්ටු සවාරිය, දුම්බර මිනිරන් පතල් නැරඹීම, රත්නපුරට ආවේණික මැණික් කපා ඔපදැමීම් ගැන අවබෝධය ලබා ගැනීම එහි පැමිණෙන්නන්ට ලැබෙන සුවිශේෂී වරප්‍රසාද අතර වෙයි.

මෙහි එකවර 3,000 කට භෝජන සංග්‍රහ ලබාගත හැකි අතර සවස 5.00ට පමණ BBQ සහිතව කඳවුරු ගත විනෝදාස්වාදයන් ද ලබාගත හැකිය. ප්‍රධාන අවන්හල් තුනේ සහ Pub හි කාරුණික මිත්‍රශීලී සේවකයන් 36 දෙනෙකුගේ ආගන්තුක සත්කාර පැමිණෙන්නන්ට නිබඳවම ලැබේ. දේශීය, විදේශීය, සියලුම ආහාර වට්ටෝරුවලින් සමන්විත විජය රිසෝට්හි වායු රයිෆල් වෙඩි තැබීම්, කැරම්, චෙස්, බිලියඩ්, ක්‍රිකට් ආදී ක්‍රීඩාවන්හි නිරත වීමට ප්‍රමාණවත් ක්‍රීඩාංගණ තුනක් තිබේ.

සිංහරාජයට මායිම්ව පිහිටා තිබීම නිසාම විවිධ සතුන් නැරඹීම හා ශාක පද්ධතීන්ගේ සිසිලස එහි පැමිණෙන්නන්ගේ විඩාව නිවන්නට බෙහෙවින් උපකාරී වෙයි. තේ, රබර්, කුරුඳු වගාවන් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකිවීමද සුවිශේෂත්වයකි. විජය රිසෝට්හි කළමනාකාර සුරංග දිසානායක මහතා හෝටලයට පැමිණෙන සියලුම අමුත්තන්ට ලබාදිය යුතු උපරිම සේවය ලබාදීමට නිබඳ කැපවීමෙන් කටයුතු කරන්නෙකි.

ගම්බද සිරියාවෙන් අනූන සුන්දර වටපිටාවකින් හෙබි විජය රිසෝට් ඉතා කෙටි කාලයකින් ළඟා වී අඩු වියදමකින් උපරිම විනෝදාස්වාදයක්, විවේකයක් ලබාගත හැකි අපූරු නවතාන්පොළකි. පොඩිත්තන්, වැඩිහිටියන් ඇතුළු සියලු දෙනාටම විනෝද විය හැකි විවිධ ක්‍රීඩා ඉසව් සකසා ඇති නිසාම විජය රිසෝට් වෙත එක්වරක් පැමිණෙන්නකු නැවත නැවත පැමිණෙන්නට තරම් ආකර්ෂණයක් එහි පවතී.