2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

එළවළු-චිකන්-අයිස්ක්‍රීම් එක්ක තේ අත්දැකීම Dilmah t-Column

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

පහුගිය දවසක Dilmah t-Column වෙත අපි ගොඩවුණේ දෙවැනි වතාවටයි. ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ් එකේ පිහිටලා තියෙන මේ අවන්හල කලින් වතාවට වඩා ගොඩක් ඉඩකඩ තියෙන සැපපහසු විදිහට සකස්කර තිබුණා. කොහොම වුණත් අවන්හලේ කාර්ය මණ්ඩලයේ මිත්‍රශීලී සේවාවනම් පොඩ්ඩක් වත් වෙනස් නොවී ඒ අයුරින්ම තිබුණා.

මෙදා ගමන අපි මුලින්ම රස බැලුවේ Meda Watte Black Tea  නමින් හඳුන්වලා තිබුණු තේ වර්ගයක්. ඒකත් එක්කම Vegetable Pot Pie  එකකුත් පිළිගැන්වුණා. මේ තේ එක සීනි හෝ කිරි අඩංගු නොවන සැහැල්ලු බීමක්. ඒ වගේම හරියටම විනාඩි තුනක කාලයක් තැම්බුණාට පස්සෙ තමා මේ තේ එක හරි රස පදමට එන්නෙ. Vegetable Pot Pie එකේ කැරට්, බ්‍රොකොලි, ග්‍රීන් පීස් සහ සෝස් තිබුණා. ඒ වගේම ගම්මිරිස් රසත් හරි ගාණට දැනුණා. ඒ නිසා මේ තේ එකත් පයි එකත් හොඳටම ගැලපුණා කිව්වොත් නිවැරදියි.

ඊට පස්සෙ අපි රස බැලුවේ Brilliant Breakfast Tea කියන තේ වර්ගයයි. ඒකත් එක්ක Spicy Chicken Crepe කියන ස්නැක් එකත් ලැබුණා. මේක ටිකක් කහට රසින් වැඩි තේකක්. ඒ නිසා සීනි කියුබ් එකකුත් කිරි ටිකකුත් වැටෙන්න ඕනා. ස්පයිසි චිකන් එකත් එක්ක මේ තේක ගොඩක් රසට දැනුණා.

අපේ ඊළඟ තේරීම වුණේ Moroccan Mint Green Tea එකයි. ඒකත් සමඟ චොක්ලට් කේක් කැබැල්ලකුත් රස විඳින්න ලැබුණා. මින්ට් සහ චොක්ලට් එකට මුසු කරලා හදලා තිබුණු මේ තේ එක දිව්‍යමය පානයක් තරම් රසවත්. ඒ වගේම මෘදු ඩාක් චොක්ලට් කේක් එකත් මේ ග්‍රීන් ටී එකේ රස තවත් වැඩි කළා.

අන්තිමට අපි රස බැලුවේ Pure Chamomile Flower Tea කියන තේ වර්ගයයි. ඒකත් සමඟ අපිට ලැබුණේ creamy Avocado Ice Cream එකක්. අලිගැටපේර යොදාගෙන හදලා තිබුණු අයිස්ක්‍රීම් එකට බ්ලූබෙරි සෝස් දාලා හරිම රසවත් විදිහට ඉදිරිපත් කරලා තිබුණා. 

I නටාෂා ප්‍රනාන්දුපුල්ලේ 
සේයා රූ - කණිෂ්ක ගනේවත්ත

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00