2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

තොටවත්තතුඩුවේ සොඳරු නවාතැන White Villa Resort

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

 

අහුන්ගල්ල කියන්නේ දශක ගණනාවක් පුරාවට දකුණු දිග වෙරළ තීරයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් මුහුදු වෙරළක්. අහුන්ගල්ල වෙරළ තීරයේත් සුන්දරම ස්ථානයක්වන තොටවත්ත තුඩුව ආශ්‍රිතව පිහිටලා තියෙන සොඳුරු නවාතැන්පොළක් තමයි, ‘White Villa Resort’. අහසත් මුහුදත් අතර හුදෙකලා වුණු කාලයක් ගෙවන්න අලුත් අත්දැකීමක් ජීවිතයට සමීප කරගන්න තියෙන හැකියාව නිසාම ගොඩක් සංචාරකයන් මෙතැනට තදින් ඇළුම් කරනවා. 

මේ ප්‍රදේශයේ හොඳම පිහිටීම අප සතුයි. එක් පැත්තකින් ගල් කුළු සහිත මුහුදු සීමාවක් තිබෙන නිසා මුහුදේ නෑමටත් මෙතැන ගොඩක් ආරක්ෂිතයි. ඒ වගේම මසුන් ඇල්ලීමට කැමැත්තක් දක්වන අයටත් කදිමයි. හෝටලයේ මෙහෙයුම් කළමනාකරු ලාල් ප්‍රේමසිරි මහතා සඳහන් කරනවා.  

White Villa Resort සතුව සුඛෝපභෝගී තත්ත්වයේ කාමර 11ක් තිබෙනවා. ඊට Grand White Villa යනුවෙන් නම් කරපු ඉහළ සුඛෝපභෝගී කාමරයකුත් සාමාන්‍ය කාමර 04ක්, යුගල කාමරයක්, super deluxe කාමර 02ක් හා deluxe කාමර 03ක් ඇතුළත්. මේ කාමර සියල්ලක්ම නවීන පහසුකම්වලින් සම්පූර්ණයි. 

මෙතැනදී ආහාර පාන අත්දැකීම සමීප කෙරෙන්නේ, රසය, පෙනුම හා සෞඛ්‍ය කියන කාරණා තුන මුල්කරගනිමිනුයි. ප්‍රධාන අවන්හල වන Ambrosia මුහුදු ආහාර රස විඳින්න නියම තැනක්. 

දකුණු වෙරළ තීරය ආශ්‍රිතව කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ කලාපය, මඩොල් දූව, ගාල්ල, මාදු ගඟ, තල්මසුන් නැරඹීම ආදී ක්‍රියාකාරකම් රැසකට ළඟා වෙන්න මෙතැන හොඳ නැවතුම්පොළක්. ඒ වගේම හෝටලය තුළම පවතින FISH SPA එකත් මේ වනවිට ගොඩක් දෙනෙක් ඇලුම් කරන ආකර්ෂණය දිනාගත් පහසුකමක් වෙලා. 

දකුණු වෙරළ තීරයේ සුන්දර නිවාඩුවකට මඟ පාදන White Villa Resort හෝටලයේ හිමිකරු වන්නේ වෛද්‍ය එලියන්ත වයිට් මහතා යි. 

♦ සනත් වීරසූරිය
සේයා රූ - නීල් සිරිවීර