2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

වතුර යට සයිකල් පැදිල්ල

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

 

අපි මෙවර කතා කරන්නේ මේ වනවිට යුරෝපය තුළ බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාවක් ගැනයි. ඒ තමයි Underwater Cycling එහෙමත් නැත්නම් Aqua Cycling. මේක එක් අතෙකින් විනෝද ක්‍රීඩාවක් වගේම තවත් අතකින් හොඳ ව්‍යායාමයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් මේ ක්‍රියාකාරකම් කෙරෙන්නේ පිහිනුම් තටාකයක ස්ථානගත කරපු විශේෂ බයිසිකලයක් හරහා යි. ඒ බයිසිකලයට ගොඩවෙලා සාමාන්‍ය බයිසිකලයක් පදිනවා වාගේ පැඩලය පෑගීම තමයි කරන්න තියෙන්නෙ. 
මේක විනෝදයක් ගෙන දෙනවා වගේම ඇඟටත් හොඳ ගුණයක් ගෙනෙන ක්‍රියාකාරකමක් විදිහට සැලකෙනවා. සාමාන්‍යයෙන් පිළිගැනෙන විදිහට Aqua Cycling හරහා පැයකදී කැලරි 800ක් පමණ දහනය කිරීමේ හැකියාව ලැබෙනවා. 

ඒ විතරක් නෙමෙයි. ඇඟේ රුධිර සංසරණය කාර්යක්ෂම කරන්න, කකුල්වල මාංශ පේශී ශක්තිමක් කරන්නත් එමගින් ලොකු උපකාරයක් සිදුවෙනවා. මේ විදිහට සිරුරේ පපුවෙන් පහළ ප්‍රදේශය පමණක් දිය යට තබාගෙන මේ ක්‍රීඩාව කිරීම තමයි සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. හැබැයි ඇතැම් අය පිටේ ඔක්සිජන් ටැංකි බැඳගෙන එක්කො පිහිනුම් තටාකයක් යට නැත්නම් මුහද යටත් මේ ක්‍රියාකාරකම කරනවා. මධ්‍යධරණී මුහුදු පතුලේ මීටර 65ක් බයිසිකලයක් පැදගෙන ගිය ඉතාලි  ජාතිකයෙක් තමයි Underwater Cycling ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙ.