2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

Hit Tips

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ආදරවන්තයන්ගේ දවස

පෙබරවාරි මාසය කියන්නේම ආදරවන්තයන්ගේ මාසය නෙ. ඉතින් ආදරවන්තයන්ගේ මාසය වෙනුවෙන් කොළඹ හෝටල් අවන්හල් මේ වෙනකොටත් සැදී පැහැදී අවසන්. ඉතින් පෙබරවරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් හෝටල් කිහිපයක් ඉදිරිපත් කරන වි‍ශේෂ දේවල් ගැනයි මේ.

ගල්කිස්ස වෙරළේ ඩිනර් එක

The Shore By O කියන්නේ කොළඹට නුදුරින් ගල්කිස්සේ පිහිටලා තියෙනට මුහුදට මුහුණලාපු හෝටලයක්. ආදරවන්තයන් වෙනුවෙන් 14 වැනිදාට Valentine by O නමින් ඔවුන් විශේෂ ආහාර සැඳෑවක් ලෑස්ති කරලා තියෙනවා. හැන්දෑවේ 7ට තමයි මේ රාත්‍රී ආහාර සැඳෑව ආරම්භ වෙන්නෙ.

ජයික් හිල්ටන් රෝමාන්තික රාත්‍රිය

Hilton Colombo Residences එහෙමත් නැත්නම් ජයික් හිල්ටන් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Pool side එකේ ඉටිපන්දම් එළියෙන් ආලෝකය සැපයෙන රෝමාන්තික රාත්‍රී ආහාරයක් සැපයීමේ සූදානමින් ඉන්නවා. ෂෑම්පේන්, කොක්ටේල් වගේම සංගීතයෙනුත් පිරුණු මේ රාත්‍රිය සඳහා ආදරවන්තයන් යුවලගෙන් අය කෙරෙන මුදල රු.12,500ක්.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් රෑ කෑම

කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයත් පෙම්වතුන්ගේ දිනයට ලෑස්ති වෙලයි ඉන්නෙ. රාත්‍රී ආහාරවේල රසවිඳිනවාට අමතරව Best Dressed Couple, First Couple on the floor, Visiting Card Raffle Draw වගේ අපූරැ තරග අවස්ථා රුසකුත් පැවැත්වෙනවා.