2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

බිහිසුණු අපරාධ ඝාතන ඉහළට

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

2018 නොවැම්බර් මාස 6 වන කුජ දින උදේ 8.23ට අඟහරු තමාට ස්වක්ෂේත්‍ර රාශියක් වූ කුම්භ රාශියට පිවිස කැප්චූන් සමඟ යෝගව ගමන් කිරීම අරඹනු ඇත. 2018 දෙසැම්බර් 23 වන ඉරු දින දවල් 12.56 දක්වාම අඟහරැ නැප්චූන්ගේ ග්‍රහණයට ලක්ව ගමන් කරයි. මෙම පිහිටීම් අප රටට මෙන්ම ලෝකයේ රටවලට විවිධ වූ බිහිසුණු සිද්ධි රැසක් සිදුවන්නාවූත් කාල වකවානුවක්වේ.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී අපරාධ ක්‍රියා හේතුවෙන් බලාපොරොත්තු නොවූ බිහිසුණු විපත් ඇති වනු ඇත. ආයුධවලින් පහරදීම් ඝාතනය කිරීම් වාර්තාවීම ඉහළ යයි. ප්‍රධාන පුද්ගලයකුට හදිසි මාරක ඇති වනු ඇත. ගොඩනැගිලි කඩාවැටීම් ගිනිගැනීම් සිදුවේ. යුද හමුදාවේ කටයුතු දියුණුව වෙනුවෙන් ක්‍රියා මාර්ග රැසක් ඇතිකරන කාලයක් වේ. මහජනයා ද බුද්ධියෙන් තොරව ආවේගශීලීව කටයුතු කරනු ඇත. විශේෂයෙන් මහජනයා රුස්වන ස්ථාන ආශ්‍රිතව හදිසි ගිනිගැනීම් හා පිපිරීම් ඇතිවිය හැකි බැවින් අදාළ බලධාරීන් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ. දේශපාලන කේෂත්‍රයේ ප්‍රධාන පුද්ගලයකුට ද ඉතා අයහපත් වන අතර හදිසි පීඩාවක් මාරකයක් ඇති විය හැකි බැවින් පරිස්සම් වීම වැදගත් වේ. විදේශීය රටවලින් අප රටට යම් යම් බලපෑම් ඇතිකරන කාලයක් වේ.

විදේශීය වශයෙන් විමසීමේදී රහසිගත ක්‍රමන්ත්‍රණ ඇති වන අතර විනෝද ස්ථාන සමාජශාලා ආශ්‍රිතව හදිසි විපත් මෙන්ම පිපිරීම්/ ත්‍රස්තප්‍රහාර එල්ල වීමක්ද සිදුවේ. මගීන් 100කට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් හදිසි අනතුරකට හෝ ගිනි ගැනීමකට පිපිරීමකට හෝ සුළි කුණාටුවකට හසුවීමක් වනු ඇත. රාජ්‍ය නායකයකුට ඉතා අශුභ වන අතර පාර්ලිමේන්තුව ආශ්‍රිතව ත්‍රස්ත උවදුරක් හෝ අපේ දේශපාලනයේ මහජන නියෝජිතයකුට හදිසි විපතක් ගෙනදෙනු ඇත මූල්‍ය ආයතනයකට ද ඉතා අශුභ වකවානුවකි.

මීළඟට ඔබට

මේෂ - හවුලට බාධා

හවුල් කටයුතුවල නිරත වී සිටින අයට යම් යම් බාධා ඇතිවනු ඇත. තම දේපොළ රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දරණ වකවානුවකි. පිටස්තර පුද්ගලයකුගේ යම්කිසි බලපෑමක් මත තම ධනය නිකරැණේ වියදම් වීමට ලක්වනු ඇත.

වෘෂභ - කටයුතු සාර්ථකයි

ඔබට යහපත් ඵල උදාවන අතර කරන කටයුතු සාර්ථකය. භූමිය ආශ්‍රිතව කටයුතුවල නිරත අයට හදිසි වාසි අත්වේ. සේවා ස්ථානවලදී තමාට එරෙහිව සිටි සතුරු බලවේග පරාජයට පත්කිරීමට හැකියාව අත්වනු ඇත.

මිථුන - බලාපොරොත්තු ඉටු නොවේ

ඔබ බලාපොරොත්තු වන්නාවූ යම් යම් කටයුතු ඒ අයුරින්ම ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වනු ඇත. ව්‍යාපාරිකයන්ට ද ලබා නොලැබෙන අතර මාධ්‍ය ආශ්‍රිතව කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ඇතිවේ.

කටක - ශරීර පීඩා

යහපත් ඵල අත්නොවන අතර හදිසි ශරීර පීඩා ඇති වියහැකි බැවින් පරිස්සම් විය යුතුවේ. ඔබේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. බලාපොරොත්තු කඩවීම් ඇතිවේ. මිතුරන් නිසාද යම් යම් ප්‍රශ්න උද්ගත වේ.

සිංහ - හදිසි කේන්ති ගති

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතුවේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට පාඩු අත්වනු ඇත. මුත්‍රා ආශ්‍රිත පීඩාවක් මතුවිය හැක.

කන්‍යා - සතුන්ගෙන් පීඩා

ඔබට එරෙහිව පැවති සතුරු උවදුරු මර්දනය කරගැනීමට හැකියාව ලැබේ. යම් යම් බොරැ ආරංචි නිසා සිතට බිය ඇති වනු ඇත. සතුන්ගෙන් යම්කිසි හදිසි ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීවන්න.

තුලා - මංගල යෝජනා

අවිවාහක අයට මංගල යෝජනා ඇතිවන අතර විරුද්ධ ලිංගික ආකර්ෂණයට ලක්වනු ඇත. මිතුරන්ගෙන් ගැටලු ඇති වනු ඇත. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු වකවානුවක් වේ.

වෘෂ්චික - සිත් අමනාපකම්

උරැම හිමිකම් ලබාගැනීමට හැකි වන වකවානුවකි. අලුතෙන් දේපලක් මිලදී ගැනීමට ද ශුභ වනු ඇත. තම මතයට කටයුතු කිරීම නිසා හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත.

ධනු - සහෝදර ගැටුම්

තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. සහෝදරයන් සමඟ මතගැටුම් ඇති වනු ඇත. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කිරීම නිසා හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. 

මකර - වියදම් පාලනය වේ

ඔබට අයහපත් ඵල අත්නොවන අතර ඔබ කරන කටයුතුවලට විවිධ බාධා මතුවුවද එම කටයුතු සාර්ථකව ඉටුකරගත හැකිවනු ඇත. අනවශ්‍ය වියදම් පාලනය කරගනිමින් තම දේ රුකගනිමින් කටයුතු කරනු ඇත.

කුම්භ - නව දේපල ලැබේ

විශාල අන්දමෙන් මුදල් වියදම් කරමින් කටයුතු කිරීමේදී පාඩු ලැබිය හැකි බැවින් ඉතා පරිස්සම් විය යුතුවේ. පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවනු ඇත. නව දේපලක් මිලදී ගැනීමට උත්සාහ දරන්නාවූත් කාලයකි.

මීන - සතුරු බලවේග හෙළිවේ

යම් යම් ප්‍රශ්න හේතුවෙන් බියට පත්වන වකවානුවකි. ඔබට එරෙහි සතුරැ බලවේග හඳුනාගත හැකිවනු ඇත. හදිසි ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00