2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

දකුණු ඉන්දියා සූපවේදියාගේ ස්නැක් ආහාර දැක්ම

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ප්‍රවීන් ආනන්ද් කියන්නේ ITC හෝටල් ජාලයේ ඉන්න දකුණු ඉන්දියානු ආහාර පිළිබඳ විශේෂ සූපවේදියෙක්. ඔහු පහුගිය දවසක ලංකාවට ඇවිත් ප්‍රදර්ශනාත්මක ආහාර කිහිපයක් ඉදිරිපත් කළා. ඒවා සියල්ලම canapés ලෙස හඳුන්වන ස්නැක් ආහාරයි. ඔහු මේවා නිර්මාණය කරලා තිබුණේ පිලිප් ස්ටාක් කියන ලෝක ප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියාගේ Sapphire Residencies හා ගැලපෙන විදිහටයි. 

ආනන්ද් කියපු විදිහට ඔහු මේ canapés හදලා තිබුණේ ශ්‍රී ලාංකික හුරුවක් ද සමගිනුයි. උදාහරණයකට මැකරූන්ස්වලට රම්පේ සහ තේ රසත් එකතු කරලා වෙනස්ම තාලයේ ආහාරයක් ඔහු ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම ඉන්දියානු රස මැක්රූන්ස්වලට එක් කරමින් ගලොටි කෙබාබ් යොදාගෙන තිබුණා. 

Red Prawn Tartare with Osetra Caviar and 24k Gold Leaf කියන්නේ එතැනදි වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගත් ආහාරය කිව්වොත් නිවැරදියි. ඒකට නැවුම් ඉස්සන් යොදලා තිබුණා. ඊට අමතරව Tofu Crunch and Lavender Scented Cured Salmon, Confit Artichoke, Black Crisps, Fenugreek Macaroon සහ Kalimiri Chicken  වගේ වෙනස් තේමාවන් යටතේ මැක්රූන්ස් වර්ග ගොඩක් ඉදිරිපත් කරලා තිබුණා.

- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
- සේයාරූ - කණිෂ්ක ගනේවත්ත

 
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00