2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

කලම්බු සිටි සෙන්ටර් එකේ සුන්දර සැන්දෑවක්

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

මේ දවස්වල කොළඹ ඉන්න ගොඩක් අයගේ කතාව කලම්බු සිටි සෙන්ටර් එක ගැනයි. මාත් හිතුවා ඒ පැත්තේ පොඩි රවුමක් දාන්න. හැබැයි කළම්ඹු සිටි සෙන්ටර් එකේ මම ගතකරපු කාලයෙන් වැඩි හරියක්ම මිඩංගු වුණේ Food Studio එකටයි. 

මම එතැනට ගියේ ඉර බැහැගෙන යන සඳුදා දවසක. ඒ නිසාම දැවැන්ත ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ තිබුණු මේ ආහාර කලාපය හරිම සුන්දර විදිහට දකින්න ලැබුණා. 

මෙතැන තවත් එක Food Court එකක් විදිහට හඳුන්වන එක වැරදියි. මොකද ඊට වඩා හොඳ පරිසරයක්, වටිනා අත්දැකීමක් මෙතැන තියෙනවා. විශේෂයෙන්ම නැවුම්, ජාත්‍යන්තර තත්ත්වයේ ආහාර වගේම බේරවැවත් කොළඹ සුන්දර දසුනුත් එක්වුණු තැනක් නිසා මෙතැන හරිම විශේෂයි. Michelin ආභාසය සහිත ලංකාවේ පළමු අතුරුපස අවන්හලවන House on the Moon කියන්නේ මෙතැන තියෙන වඩාත්ම කාර්යබහුල තැනක්. එයාලගේ කෑම බීම නිතරම ඉවරවෙන තරමට ලොකු ඉල්ලුමක් එතැනට තියෙනවා.

මෙතැන ඔක්කොම අවන්හල් 16ක් තියෙනවා. සතියේ දිනවල උදේ 10 ඉඳන් රෑ 10 වෙනතුරුත් සති අන්තයේ උදේ 10.30 සිට රෑ 11 වෙනතුරුත් මේවා විවෘතයි. හොඳම දේ තමයි මෙතැන පෝය දිනවලටත් විවෘතවෙලා තිබීම. 

ධනූ  
ඡායාරූප – you’re my favorite