2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

මුවන්පික් හෝටලේ හැලෝවීන්

මේ ඇවිත් තියෙන්නේ හැලොවීන් සමයයි. හැලොවීන් වෙනුවෙන් කොළඹ මූවන්පික් හෝටලයත් මේ වනවිට ලහිලහියේ සූදානම් වෙනවා. ඒ ඔක්තෝබර් 31වැනිදා පැවැත්වෙන The Curse of the Mansion වැඩසටහන වෙනුවෙනුයි. වැම්පයර් තේමාවක් යටතේ රාත්‍රී 8 සිට පාන්දර 2 වෙනකල් මෙය පැවැත්වෙනවා. 

දෙව්ලොව සහ අපාය කොළඹදී

නිහාල් සෙනෙවිරත්නගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නොවැම්බර් 2 ඉඳන් 4 වෙනතුරු කොළඹ JDA පෙරේරා ගැලරියේදී පැවැත්වෙනවා. දෙව්ලොව සහ අපාය පොළොව මතදී මුණගැහෙන තැන යන අරැත ගත් තේමාවක් යටතේ මේ සිත්තම් ප්‍රදර්ශනය දිගහැරෙනවා.