2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

හදිසි අනතුරු ජලවිපත්

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 203

සිකුරු තමාට ස්වක්ෂේත්‍ර වූ තුලා රාශියෙහි මේ වනවිට ගමන් කරමින් සිටිය දී අඟහරුගේ ග්‍රහණයට ලක්වෙයි. 2018 ඔක්තෝබර් මස 30 වන දින අඟහරැට අයත් සිත නැකතේ වක්‍රගමනින්ම සිකුරු යමින් සිටියදී 2018 නොවැම්බර් 16 වන දින වක්‍රයෙන් මිදී දෙසැම්බර් 4 වන දින දක්වාම අඟහරුට අයත් සිත නැකතේම ගමන් කරනු ඇත.

අඟහරුගේ ග්‍රහණයට සිකුරු ලක්වීම හේතුවෙන් අප රටට ඇතිවන්නාවූ බලපෑම ගැන විමසා බැලීමේදී ඉදිරිය කාන්තාවන්ට මෙන්ම කුඩා දරුවන්ට ඉතාමත් අයහපත් වූ කාල වකවානුවක් බව කිවයුතුය. විශේෂයෙන් කුඩා දූ දරුවන්ට හදිසි අනතුරුවලින් ජලයෙන් මෙන්ම ගින්නෙන් ද හදිසි විපත් ඇති වන අතර ළමා අපයෝජන සිදුවීමද වාර්තා වනු ඇත. එබැවින් තම දූ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයකි.

කාන්තාවන්ට සිදුවන හිංසන ක්‍රියාවල වර්ධනයක් ද පෙන්වන අතර ස්ත්‍රී දූෂණ ක්‍රියාවන් මෙන්ම දරුණු වධ හිංසා හා පහරදීම්ද වාර්තා වෙයි. ජල යාත්‍රාවක්, ඔරුවක් හදිසි ගිනි ගැනීමකට ලක්වනු ඇත. ආගමික කටයුතු පිළිබඳ සිදුවන ගැටලුවක්. ආන්දෝලනයට හේතුවෙයි.

එසේම ආගමික නායකයකුට, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුට, ඉංජිනේරු ක්ෂේත්‍රයේ හෝ තාක්ෂණික නිර්මාණ පිළිබඳ ජනප්‍රිය අයකුට මාරක ඇතිවනු ඇත. සංගීත ප්‍රසංගයකට හෝ සමාජශාලා ආශ්‍රිතව හදිසි ගිනි ගැනීමක්, ගැටුමක් හෝ ආරවුලක් උද්ගත වෙයි. රංගන, ගායන හෝ ලේඛනයේ යෙදෙන කලාකාරියන්ට ඉතා අශුභ වන අතර මාරක අපල ගෙනදෙන වකවානුවකි.

මීළඟට ඔබට

මේෂ - හවුලට අයහපත්

ඔබගේ කාලාත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන්නාවූත් කාලයකි. ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන අතර හවුල් කටයුතුවල නිරත වන අයකු නම් අයහපත් ඵල ගෙන දෙනු ඇත.

වෘෂභ - උදර රෝග

ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව කල් තියා දැනගත හැකි වනු ඇත. බොරැ ආරංචියක් නිසා තැති ගැනීමකට ලක්වන අතර උදරය ආශ්‍රිත හදිසි පීඩාවක් නිසා ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත.

මිථුන - මංගල යෝග

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වන අතර අවිවාහක අයට මංගල යෝග උදාවේ. කලා කටයුතුවල නිරත අයට යහපත් ඵල ලැබේ. රථවාහන ආශ්‍රිතව කටයුතු කරන අයට දියුණුවක් අත්වන කාලයකි.

කටක - නව රැකියා

උරුම හිමිකම් ලබා ගතහැකි වන කාලවකවානුවකි. නව රැකියාවක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වන අතර හවුල් කටයුතුවල නිරත අයට ද අයහපත් වනු ඇත.

සිංහ - සහෝදර ගැටුම්

සන්නිවේදන, තාක්ෂණික, විදුලි අංශවල නිරත අයට ඉතා අයහපත් ඵල ඇතිවන අතර සියලු කටයුතුවලදී කල්පනාකාරිවීමත් පරිස්සම් වීමත් වැදගත් වේ. සහෝදරයන් සමඟ මතගැටුම් ඇතිවනු ඇත.

කන්‍යා - උගුරේ අසනීප 

යම් යම් දේ සඳහා වියදම් ඇතිවුවද තම තැම්පත් ධනය ආරක්ෂා කරගැනීමට වෙර දරන කාලයකි. තම වචනයේ බලයෙන් අන් අය ආකර්ශනය කරගත හැකි වන අතර උගුර ආශ්‍රිත පීඩාවක් ඇති වනු ඇත.

තුලා - පවුලේ සමගිය

අයහපත් නොවන අතර අන් අයගේ ආකර්ශනයට ඔබව ලක්වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර අලුත් දෙයක ආරම්භයට ශුභ වන කාලයක් වේ.

වෘෂ්චික - බොරු ආරංචි

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇති වන අතර බොරැ ආරංචියක් නිසා තමන්ගේ තැන්පත් ධනයද වියදම් වී යනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා ඇති වේ.

ධනු - නව ව්‍යාපාර

ඔබට යහපත් ඵල අත්වන අතර විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති වේ. රථ වාහනවලට සම්බන්ධව කටයුතු කරන අයට ලාභ අත්වන අතර හවුල් වැඩවලට ද යහපත් වන කාලයක් වේ. නව ව්‍යාපාරයක් ආරම්භයට යහපත්ය.

මකර - නව දේපල 

ඔබගේ කටයුතු සාර්ථක වන අතර රුකියාවේ උසස් වීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. නව ඉඩමක් නිවසක් මිලදී ගැනීමටත් උරැම හිමිකම් ලබාගැනීමට සුබ කාලයකි.

කුම්භ - ලේඛනයට හොඳයි

ලේඛන කටයුතුවල නිරත ව සිටින අයට ශුභ වනු ඇත. කෙටි ගමන්වලින් ඵල අත්වනු ඇත. ආගමික කටයුතු සඳහා සහභාගී වන අතර උසස් වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

මීන - වැඩට බාධා

අයහපත් වූ ඵලවලට මුහුණ දීමට සිදුවන වකවානුවක් වේ. ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධාවන් ඇතිවනු ඇත. නොගැලපෙන හිත මිතුරන් තමා සමඟ එක්වන කාලයකි. ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම් වීම වැදගත් වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂනායතනය
ඔලබොඩුව, ගෝනපල