2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

පිස්සු හැදෙන මුහුදු ෆන් එක බලපිටියේ ෂිනගාවා හෝටලේ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

මම සංචාරයේ යෙදෙද්දි අඩු කාලයක් වාහනයේ ඉන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ ගමනාන්තයට ඉක්මණින් ළඟාවීම ගැන මට තියෙන්නේ නොඉවසිල්ලක්. කොහොම වුණත් වැඩි වදයක් නැතිව හරිම සුන්දර ගමනාන්තයකට ළඟාවෙන්න පහුගිය දවසක මට අවස්ථාව ලැබුණා. ඒ බලපිටියටයි. හරියටම කිව්වොත් බලපිටියේ ෂිනගාවා බීච් හෝටලයටයි. 

හරිම ලස්සන පරිසරයක් වගේම ඒකට කැපෙන අපූරු නිහඬතාවයකුත් මෙතැන තිබුණා. මට හිතෙන විදිහට ඉතාමත් ඉක්මනින් සැහැල්ලු මනසක් ලබාගන්න මෙතැන නියමෙට ගැලපෙනවා. ස්පා එකක්, ජිම් එකක් වගේම රසවත් කෑමබීම පිරිනමන අවන්හලකුත් මෙහි අඩංගුයි.

කාමර ගැන කතාකරද්දි පෞද්ගලික බැල්කනියක් කාමරවල දකින්න ලැබීම ගොඩක් වැදගත්. මේ බැල්කනි මුහුද දිහාවට හැරිලා තියෙන නිසා හරිම නිස්කලංක විවේකයක් අත්විඳින්න පුළුවන්. මෙහි තිබෙන Salt අවන්හල බලපිටියේ තිබෙන හොඳම සීෆුඩ් අවන්හලක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ අවන්හලේ ඉදෙන මුහුදු මාළු අල්ලා ගන්නේ හෝටලයට පිටුපසින් පිහිටි මුහුදින් වීමත් විශේෂත්වයක්. එතැනදී ලෝක ප්‍රසිද්ධ ආහාර රටා රැසක් අත්විඳින්න පුළුවන්. 

මේ හෝටලයේ තවත් අපූරු අංගයක් විදිහට පිහිනුම් තටාකය හැඳින්විය හැකියි. කොටින්ම මුළු ජීවිත කාලයම වුණත් ගත කරන්න පුළුවන් තරමට මේ පිහිනුම් තටාකය හරිම කදිමයි. කොහොම වුණත් මෙතැන නවාතැන් ගන්න අදහසක් තියෙනවා නම් ස්පා එකට ගොඩවදින්නත් අමතක කරන්න එපා.

- ධනූ
ඡායා -  You’re my favorite