2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

බිත්තර හරිම ගුණ සුපිරි ආහාරයක්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 1051

බිත්තර සුදුමදයේ සහ කහමදයේ වැඩි වශයෙන් ඛනිජලවණ, ප්‍රෝටීන්, විටමින් අඩංගු වේ. මෙහි කොලෙස්ටරෝල්වල දියවන විටමින් සහ අත්‍යාවශ්‍ය මේද අම්ලද පවතී. මේ අනුව බිත්තරයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ අතර විටමින් ඒ 6% කි. පොස්පරස් 9%ක්ද, සෙලනියම් 22%ක්ද, ෆේලේට් 5%ක්ද අඩංගු වේ. ඊට අමතරව සින්ක් සහ කොපර්ද බිත්තරවල අන්තර්ගතව පවතී.

මිනිසාගේ ශරීරයට අවශ්‍ය කරන සෑම පෝෂ්‍ය පදාර්ථයකින්ම ඉතා සුළු ප්‍රමාණයක් හෝ බිත්තරවල අඩංගුය. ඔමේගා 3 මේද අම්ලය ඉතා පෝෂ්‍යදායක වේ. බිත්තරවල කොලෙස්ටරෝල් අධිකව පවතී. එක් බිත්තරයක සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 212ක් පවතී. නමුත් මෙම කොලෙස්ටරෝල් අවශ්‍යයෙන්ම රුධිරගත කොලෙස්ටරෝල් වැඩි නොකරයි. අක්මාවේ කොලෙස්ටරෝල් අඩුකරයි.

මිනිසාගේ ශරීරයේ වැඩිම කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ අක්මාව මගිනි. බිත්තර වැඩිපුර අනුභව කිරීමෙන් අක්මාව මගින් නිපදවනු ලබන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවේ.

බිත්තර ආහාරයට ගනු ලබන පුද්ගලයන්ගෙන් 70%කගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණ වැඩි නොකරයි. 30%කගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ස්වල්ප ලෙස ඉහළ දමයි. නමුත් පරම්පරාවෙන් කොලෙස්ටරෝල් හටගන්නා අය බිත්තර ආහාරයට ගැනීම සීමාකළ යුතුය.

බිත්තරවල පවතින ලියුටින් සියැන්නීන් නම් ප්‍රබල ඔක්සිකාරකය හේතුවෙන් ඇස්වල සුද ඇතිවීම වළක්වයි.

ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන කෝලීන් බොහෝ ආහාරවල අඩංගු නැතත් බිත්තරවල කෝලීන් අඩංගු වේ. බිත්තරයක කෝලීන් මිලිග්‍රෑම් 100කටත් වඩා අඩංගු වේ.

බිත්තර ආහාරයට ගැනීමෙන් ඉතා ඉක්මනින් කුසගිනි නිවේ. මේ නිසා බිත්තර ආහාරයට ගත්විට අනෙක් ආහාර වැඩිපුර නොගැනීම හේතුවෙන් ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ. මේ නිසා දිනපතා බිත්තර ආහාරයට ගැනීමෙන් වැළකීම සුදුසුය.

මිනිසාට අවශ්‍ය කරන සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම සුළු වශයෙන් තිබීම නිසා බිත්තර ආහාරයට ගැනීමේ වරදක් නොමැත. විශේෂයෙන් හිසකෙස් සඳහා බිත්තර ඉතා ප්‍රයෝජනවත් වේ. කුඩා දරුවන්ට බිත්තර ලබාදීමද ඉතා සුදුසුය.

බිත්තරවල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ඇතුළත් ප්‍රෝටීන් අඩංගුය. බිත්තර සහ හෘදයාබාධ අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් නොපවතින බවද හෙළිවී ඇත. බිත්තර ලොව සුපිරි ආහාරවලින් විශේෂ තැනක් ගන්නා ආහාරයකි.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00