2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මැති ඇමැති මතගැටුම් මතුවන කාලයක්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

මේ වනවිට තුලා රාශියෙහි ස්වක්ෂේත්‍ර බලයකින් ගමන් කරන සිකුරු සමඟ 2018.10.06 වන දින බුධ ද තුලා රාශිගත වී යෝග විය. ග්‍රහලොව රජු වූ රවි තමාට නීච රාශි භවන වූ තුලා රාශියට 2018 ඔක්තෝබර් මස 17 වන දින සවස 6.45ට පිවිසෙන අතර සිකුරු හා බුධ සමඟ යෝග වනු ඇත. සිකුරු තුලා රැසෙහි 2019 ජනවාරි 1 වන දින දක්වාත් බුධ මෙම වසරේ ඔක්තෝබර් 26 දක්වා හා නීච වූ රවි තුලා රාශියෙහි නොවැම්බර් 16 වන දින දක්වාත් ගමන් කරනු ඇත.

මේ තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී යම් යම් කටයුතු සඳහා නවීන උපක්‍රම පිළිබඳ සොයා බැලීම් සිදුකරන වකවානුවක් වේ. ආගමික කටයුතු සම්බන්ධ නීතියකට මහජන විරෝධය එල්ල වනු ඇත. එකවර කර්මාන්තශාලාවක සේවය කරන අයකුට හෝ පාසල් ළමුන් පිරිසකට ආහාර විෂ වීමක් හෝ යම් හේතුවක් මත රෝහල් ගතවීමට සිදුවේ. රජයේ ප්‍රධාන නිලධාරියකුට මාරක ඇතිවන අතර මහජන නියෝජිතයන් අතර මතගැටුම් උද්ගතවේ. මහජන නියෝජිතයකුට මාරකයක් යෙදේ. කලාවට ඉතාම සේවයක් කළ ප්‍රසිද්ධ රංගන හා ගායන ක්ෂේත්‍රවල අයකුට ද මාරක අපල ඇතිවන කාලයක් වේ.

මීළඟට ඔබට

මේෂ - සතුරු උපද්‍රව

එතරම් අයහපත් වූ බලපෑමක් ඇති නොවූවද ඔබට එරෙහි සතුරු උපද්‍රව ඇතිවනු ඇත. පවුල් දිවියේද යම් යම් මතගැටුම් නිසා සමගියට බාධා ඇතිවේ. අන් අයගේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීම වැදගත්ය.

වෘෂභ - දුරගමන්

ගමන්වලින් පීඩා ඇතිවන අතර ඔබගේ මවගේ ඥාතීන් නිසා ඔබට යම් යම් පීඩා ඇති වනු ඇත. දුරගමන් අපේක්ෂා කළ අයට දුරගමන් යෙදෙන අතර ඇස්වල පීඩා මතුවනු ඇත.

මිථුන - අතපසුවීම් බහුලවේ

ඔබගේ යම් යම් වැඩකටයුතු අතපසුවීම්වලට පත්වනු ඇත. දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වේ. පෙම් කිරීමට බාධා හා විරෝධතාවන් ඇතිවේ. සිතට අවිවේකි කාලයකි.

කටක - සේවක ගැටලු අවසන්

රථ වාහන ආශ්‍රිතව කටයුතු කරන අය කල්පනාකාරීව සිටීම වැදගත් වේ. බාහිර අයගේ වැඩවලට මැදිහත් නොවීසිටිය යුතු අතර අනවශ්‍ය ප්‍රශ්නයකට තමා සම්බන්ධ වේ. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න රැසක් නිමාවනු ඇත.

සිංහ - කෙටි ගමන්

ඔබට එතරම් අයහපත් නොවන අතර යම් යම් හේතු මත සිතට දුක් කරදර ගෙනදේ. කෙටි ගමන් යෙදෙනු ඇත. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වේ. ඔබගේ කටයුතුවල යම් අතපසු වීම් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

කන්‍යා - ඉතිරියට බාධා

ඔබගේ උත්සාහයේ තරමට ඵල අත්නොවන කාලයකි. ඉතිරි කර ගැනීමට ද බාධාවක් ඇතිවන අතර පවුල් දිවියේ ද ප්‍රශ්න ඇතිවනු ඇත. අස්වල පීඩාවන් මතුවනු ඇත.

තුලා - සිතට අවිවේකියි

ඔබගේ හිතවතුන් ඔබ සමඟ අමනාපකම් ඇතිකරනු ඇත. වැඩ අධික වීම නිසා සිතට අවිවේකි කාලයක් වේ. සේවා ස්ථානයේ වෙනසක් බලාපොරොත්තු වූයේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨවනු ඇත.

වෘෂ්චික - ආර්ඵික අපහසුතා

ඔබට එතරම් යහපත් නොවන අතර ගමන්වලදී පරිස්සම් වීම යහපත් වේ. ආර්ථික අපහසුතා ඇතිවන අතර සේවා ස්ථානයේ මාරුවක් අපේක්ෂා කළ අයකු නම් තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වනු ඇත.

ධනු - දේශපාලනයට හොඳයි

දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල උදාවනු ඇත. දුරගමන් යෙදෙන අතර ධනය ලැබීමේ මාර්ගවලට අවහිරතා ඇති වනු ඇත. තමාගේ කටයුතු හේතුවෙන් තම හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කර ගනු ඇත.

මකර - ප්‍රශ්න මගහැරේ

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න රැසක් මගහැරී යනු ඇත. සිතේ සහනය අඩු වකවානුවක් වේ. යම් යම් හේතු මත තැතිගැනීමට ලක්වේ. දුරගමන් ඇතිවන වකවානුවකි.

කුම්භ - ලේඛනයට යහපත්

ඔබගේ වැඩකටයුතුවල අතපසු වීම් ඇතිවන කාලයකි. දේශපාලනික කටයුතුවල නිරත වන අයට මෙන්ම ලේඛන කටයුතුවල නිරත අයට ද යහපත් ඵල අත්වනු ඇත.

මීන - කටයුතු පමාවේ

ඔබට අයහපත් ඵල අත්වනු ඇත. ආර්ථික අපහසුතා ඇති වනු ඇත. ගමන්වලින් ද හදිසි ශරීර පීඩා ගෙනදේ. ඔබගේ කටයුතුවලද ප්‍රමාද වීම් ඇතිවන කාලයක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00