2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

අලුත් තාලෙකින් එන එඬේර යුගයේ විලාසිතා

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 175

ඔක්තෝබර් 25 සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන සිනමන් සංචාරක බ්ලොග්කරුවන්ගේ සම්මේලනයට සමගාමීව මාස් හෝල්ඩින්ග්ස් සමාගම ලෙවෙසා නමින් සංචාරක විලාසිතා එකතුවක් නිකුත් කිරීමේ සූදානමින් පසුවෙනවා. එය ඔවුන් හඳුන්වන්නේ නව එළිමහන් විලාසිතා පෙළක් විදිහටයි. 

නවීන කාලයේ එඬේර යුගය කියන තේමාවෙන් සකස් වන මේ විලාසිතා පෙළ විශේෂයෙන්ම ත්‍රාසය විනෝදය මෙන්ම සැහැල්ලුව සොයා යන සංචාරකයන්ට ගැලපෙන ආකාරයට මේ විලාසිතා ඉදිරිපත් කරනවා.

විලාසිතා පෙළේ ඇති විශේෂත්වය වන්නේ එමඟින් සංචාරයකට එක් කරන සැහැල්ලුවයි. සැහැල්ලු රෙදි වර්ගයකින් නිම කර ඇති මේ විලාසිතා සංචාරයක් අතරතුර ඕනෑම ක්‍රියාකාරකමකට එක්වීමේ නම්‍යශීලීත්වය පිරිනමනවා. 
ලෙවෙසා විලාසිතා එකතුව දේශීය වෙළෙඳපොළ මෙන්ම විදෙස් වෙළෙඳපොළත් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර තිබීම තවත් විශේෂ හේතුවක්.