2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

18 වැනිදා සිට FREDDY 3

ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන ලංකාවේ තියෙන ජනප්‍රියම වේදිකා ප්‍රහසනයක් වන FREDDY 3 ඔක්තෝබර් 18 වැනිදා ඉඳන් 23 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙනවා. හවස 7ට පටන් ගන්න මේ ප්‍රහසන වැඩසටහන රාත්‍රී 10.30 වෙනතුරු දිගහැරෙනවා. ඩිනෝ කොරෙයා, ඉෆාස් බින් ජමීල්, අදින් මතිතරන්, ෂැනොන් මිසෝ, නිසල් කැටිපෙආරච්චි සහ යසස් රත්නායක මේ වැඩසටහනට එක්වීමට නියමිතයි.

කෝපි බොමින් කාර් බලන්න

ඔක්තෝබර් 20 වැනිදා කොළඹ බම්බලපිටියේ ඩිවෝස් පාරේ පිහිටලා තියෙන ඩිවෝස් කැෆේ එකට ගොඩවැදුණොත් හරි අපූරැ අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඒ තමයි diecast කාර් එකතුවක් දකින්න ලැබීම. Diecast කාර් එහෙමත් නැත්නම් ලෝක ප්‍රකට මෝටර් රථවල පුංචි අනුරෑ ප්‍රදර්ශනය කෙරෙන මේ අවස්ථාවට කෝපි කෝප්පයකුත් රස විඳින ගමන් එකතු වෙන්න පුළුවන්.