2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

කාන්තාවන් දෙදෙනකුගේ පිට්සා රසවිමන Rocco’s

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

Rocco’s කියන්නේ නාවල පාරේ පිහිටා තියෙන හොඳ ඉතාලි අවන්හලක්. පසුගිය සතියක මම එතැනට ගොඩවැදුණේ පිට්සා රස විඳින්නයි. මේ අවන්හල ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද කියලා ටිකක් හිතලා බැලුවම දැනුණු දේ තමයි කාන්තාවන් දෙන්නෙක් කරන අවන්හලක් නිසා ප්‍රියමනාප ගතියත්, පිරිසිදුකමත් ගොඩක් ඉහළින් තිබීම. 

පිට්සාවලට අමතරව සැලඩ්, පැස්තා, රිසොටෝ වගේම අතුරුපස වර්ග ඇතුළු තවත් ගොඩක් ජාති මෙතැන තියෙනවා.
මම එතැනට යද්දි අවන්හලේ හිමිකාරිනියන් දෙදෙනා වන ජූඩි සහ ක්‍රිෂාන්තිත් එතැනම හිටියා. ඒ හින්දා එයාලා එක්ක පොඩි චැට් එකක් දාන්නත් මම අමතක කළේ නැහැ. 

“මේ වගේ දෙයක් පටන් ගන්න හිතුවේ අපි දෙන්නම ඉතාලි කෑමවලට ආසා නිසයි. අපි මුලින්ම පටන්ගත්තේ ක්‍රිෂාන්තිගේ ගෙදර වත්තේ පෝරණුවක් හදලයි. ඒ කාලේ අපිට අවන්හලක් තිබ්බේ නෑ. ඇණවුම් අරගෙන පිට්සා හදලා ඩිලිවර් කරනවා” ජූඩි කතාවට බැස්සා. 

“පළවෙනි දවසෙ ඉඳන්ම නැවුම් තත්ත්වයේ උසස් බවින් යුතු පිට්සා දෙන්න තමයි අපි පෙළඹුණේ. අනික ආනයනික ද්‍රව්‍ය වගේම ලංකාවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යත් අපි ඒවට යෙදුවා. ඉතින් දවසින් දවස පාරිභෝගිකයන්ගේ ඉල්ලුමත් වැඩිවුණා” ක්‍රිෂාන්තිත් කතාවට එකතු වුණා.

ඔවුන් අවන්හලක් පටන්ගන්නේ 2013 අවුරුද්දෙදියි. ඒත් සමඟ හොඳ උණුසුම් ආගන්තුක සත්කාරයකුත් තමන්ගේ නමට එකතු කරගන්න එයාලාට හැකිවෙලා තියෙනවා. 

මෙතැන පිට්සා රසවත් වගේම ලබාදෙන සේවාවත් ඉස්තරම්. ඇණවුමක් දැම්මට පස්සෙ පිට්සා එක ඉතා ඉක්මනින් මේසය මතට එනවා. ඒ වගේම විශේෂ ඉල්ලීම් තිබුණොත් ඒවා වුණත් සළකා බලන්න ඔවුන් පැකිළෙන්නෙ නැහැ. අපි මෙතැනදී Florentina,  Spicy Chicken,  Ham Bacon සහ Meat Fest කියන පිට්සා වර්ග හතරේ රස බැලුවා. රස ගැන වැඩි විස්තරයක් කියන්නේ නෑ. කාලම රස ගැන දැනගන්න

- ධනූ 
ඡායාරෑප  - You’re My Favorite

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00