2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

සීගිරිෙය් පිටිසරබද අපූරු රජදහන

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

සීගිරිය ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අටවැනි පුදුමය විදිහටයි. ඒ නිසා ලංකාවට සංචාරකයන් අඩුවෙන් එන කාලවලදී පවා සීගිරියට වැල නොකැඩී සංචාරකයෝ ඇදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. කොහොම වුණත් මේ කතා කරන්න යන්නේ සීගිරියට එන දෙස් විදෙස් සංචාරකයන්ට සේවා සලසන අපූරු නවාතැනක් ගැනයි. ඒ තමයි Amaara Forest හෝටලය. 

සීගිරිය හබරණ පාරේ ඉඳිගහවැව කියන පිටිසර ගම්මානයේ තමයි මේ හෝටලය ඉදි කරලා තියෙන්නෙ. අක්කර 11ක භූමියක් ඇතුළේ හරිම පරිසර හිතකාමී විදිහට ගොඩනඟපු හෝටලයක් විදිහට අමාරා ෆොරස්ට් හඳුන්වන්න පුළුවන්. ඉහළ සුඛෝපභෝගී පහසුකම්, ඉතා සුහද සේවා සත්කාරයක් සමඟින් විවිධ ආහාර රටාවන්, සුවතා සම්බාහන සේවාවන් වගේම තවත් එළිමහන් ක්‍රියාකාරකම් රැසකට මෙහිදී අවස්ථාව ලැබෙනවා.

අමාරා ෆොරස්ට් හෝටලයේ සුඛෝපභෝගී කාමර 44ක් අඩංගුයි. මින් ඇතැම් කාමර පිහිනුම් තටාකය දෙසටත් ඉන් ඔබ්බට විහිදුණු වනාන්තරය දෙසටත් යොමුවෙලා තියෙද්දී අනෙත් කාමර හෝටලයේ අනෙක් පසින් ඇති වනාන්තර දෙසට මුහුණ ලා ඉදිකර තිබෙනවා. ඒ නිසා සොබාදහම සමීප විවේකී නිවාඩුවක් ලබාගන්න මෙතැන කදිමයි. 

මේ කාමරවල සැටලයිට් ටීවී, DVD, තේ සහ කෝපි සෑදීමේ පහසුකම් වගේම වයිෆයි තිබෙනවා.

මෙතැන විශේෂත්වයක් වන්නේ ඕනෑම ආහාරයක් ඕනෑම මොහොතකදී ලබාගන්න තිබෙන හැකියාවයි. ‘Kaya’ ලෙස නම් කර තිබෙන ප්‍රධාන අවන්හලේදී බටහිර සහ ආසියානු ආහාර වර්ග රැසක් භුක්ති විඳින්න පුළුවන්. කොහොම වුණත් හෝටලයේ වැඩි ප්‍රමුඛතාවය වී ඇත්තේ දේශීය ආහාරපානයි. ‘Thimbilri’ යනුවෙන් පිහිනුම් තටාකය අසල ඇති අවන්හලේදී ප්‍රංශ, ඉතාලියානු ආහාර පිරිනැමෙනවා. Maadang Forest අවන්හලේදී අසලින් ගලාබසින සීගිරි ඔය අසබඩ තරු පිරුණු අහස් වියන යටට වෙලා බොහොම රෝමාන්තික විදිහේ රාත්‍රී ආහාරයක් රස විඳින්න පුළුවන්. ඒ වගේම එතැනදී බාබකිව් පවා ලබාගන්න පුළුවන්. හැන්දෑ යාමයේදී Kumbuk Bar සහ Illuk pool bar කියන්නේත් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැන් දෙකක්. 

මේ හෝටලය ඉදිකර තිබෙන්නේ පවුලේ නිවාඩුවකට වගේම මධුසමය සඳහා සුදුසු ගමනාන්තයක් ලෙසයි. 

අරලිය ස්පා, නවීන සම්මන්ත්‍රණ ශාලාව සහ රැස්වීම් ශාලා ආදිය මෙහි ඇති තවත් පහසුකම් කිහිපයක්. 

හෝටලයේ සිට සීගිරියට හා පිදුරංගලට ඇත්තේ කිලෝමීටර පහක පමණ දුරක්. ඊට අමතරව දඹුල්ල, පැරණි ගම්මාන සංචාරය, ඇවිදීම, කුරුල්ලන් නැරඹීම, බයිසිකල් සවාරි, මින්නේරිය වගේ අත්දැකීම් රුසක් මෙහි සිට පහසුවෙන් ලබාගත හැකියි. 

♦ සනත් වීරසූරිය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00